සයිටම් ආයතනයට එරෙහිව ගෙන යන සටනට තම සහාය ලබා දෙන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමණු විජේරත්න මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ මීට ටික වේලාවකටපෙර පැවැති මාධ්‍ය හමුවක දී ය.
ගැමුණු විජේරත්න මහතාගේ දියණියද සයිටම් වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතර විජේරත්න මහතා සයිටම් දෙමාපිය සංසදයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය. ඔහු මෙතරම් කාලයක් සයිටම් වෙනුවෙන් පෙනී සිටියේය. සයිටම් සම්බන්ධයෙන් මීට පෙර දුන් අධිකරණය ක්‍රියාත්මක කරන ලෙස විජේරතන් මහතා ඒ දිනවල කීවේය.
සයිටම් දෙමාපිය සංසදය සහ රජයේ වෛද්‍ය විද්‍යාල දෙමාපිය සංසදය කරුණු හතරකින් යුත් යෝජනාවකට ද අත්සන් තැබීය.
එම කරුණු මෙසේය.
- සයිටම් ආයතනයට තවදුරටත් ශිෂ්‍යයන් බඳවා ගැනීම ස්ථීර ලෙස ගැසට් මගින් නතර කර ඒ සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම
- වෛද්‍ය පීඨ 08හි ආචාර සංගම් සහ වෛද්‍ය පීඨාධිපතිවරුන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම.
- වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට හා ස්ථාවරත්වයට එරෙහිව කරණු ලබන බලපෑම් සම්පූර්ණයෙන්ම නතර කිරීම සහ වෙනත් ආයතන වෙත වෛද්‍ය සභාවේ බලතල පවරා දීමට කරණු ලබන විවිධ උත්සාහයන් නතර කිරීම.
- සයිටම් ආයතනයේ දැනට ඉගෙනුම ලබන සුදුසුකම් සහිත ශිෂ්‍යයන්ට සහ උපාධි ලබා ගත් ශිෂ්‍යන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියමය පරිදි රජයේ වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් සහ ආචාර්යවරුන්ගේ මඟ පෙන්වීමට අනුව නිසි වෛද්‍ය අධ්‍යාපනයක් සහ පුහුණුවක් ලබාදී වෛද්‍ය උපාධිය ලබා දීම.
022

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ වැඩේ බලාගෙනයි. දුවට සුදුසුකම් නැතුවද ඇතුල්වෙලා තියෙන්නේ? අසමත්ද? දේශපාලකයෙක් වෙන්නද?
මේවා නිකම් මාධ්‍ය සංදර්ශන පමණයි.
සයිටම් සටන නොසැලී ඉදිරියට, සුදුසුකම් ඇති සිසුන්ට වෛද්‍ය උපාධිය සමග නිසි පුහුණුවත් නුසුදුසු අයගේ මුදල් ආපසු දීමත් මගින් ගැටළුවට නිසි විසඳුමක් ලැබෙනු ඇත. සෞඛ්‍ය ඇමතිතුමාගේ ලේලියත් ඉවත් කර සයිටම් ගත්තනේ...
ළමයින්ගෙන් අයකරගත් මුදල් වහාම ආපසු ගෙවන්න.
පුවත කියවීමට පෙර එන වෙළඳ දැන්විම් කරදරයක්. වෙළඳ දැන්විම් වලින් ආදායම සොයනවා වගේම පාඨකයාට වන කරදරය ගැනත් හිතනවා නම්....
මෙයා කරපු කියපු කිසි දේක වැදගත් කම තිබුනේ නෑ. දැන් මේ හදන්නේ රජයේ වෛද්‍ය විද්‍යාලයකට දුව රිංගවන්න සයිටම් වසාගන්නයි....
මේ මිනිස්සුන්ව රවට්ටලා, කෝටි ගනන් මඩි ගහගෙන, හොර ඉස්පිරිතාලයක් රජයට දීලා.... ඒකෙ බදුත් මිනිස්සුන්ටම ගෙවන්න වෙලා, මේක සක්විති ජාවාරමට වඩා හපන්.....රාජ්‍ය අනුග්‍රහයත් තියනවා ඒ මදිවට.. සල්ලි පැත්තක තියමුකො, පව් අසරන මිනිස්සුන්ගෙ ජීවිත කාලෙ ..
බස්වල 25000 දඩය ඉවත් කරගන්න ආණ්ඩුව එකඟ වුණාවත්ද? නැත්නම් අමතර කොටස් බදු වලින් තොරව දෙන්නම් කිව්වද? නැත්නම් ගාන හරිද?
නියම මගට දැන් පිවිසී ඇත. සයිටම් සහ රජයේ වෛද්‍ය විදුහල් සිසුන් එකමුතු වී රාජිත ගේ මේ මාෆියාව පරාද කර සියලුම සයිටම් දරුවන්ට වන්දි ලබාදී ඔවුන් රජයේ වෛද්‍ය විදුහල් වලට අනුයුක්ට කර සයිටම් වසා දමා ජාතික ගැටළුව විසඳන්න ජනදිපතිතුමනි,.. එස්.බී., රාජිත, කිරිඇල්ල උදෙසා ජනාධිපති කොමිසමක් දමා සයිටම් වසා දමන්න... ජනාධිපති කවුද කියලා රටේ ජනතාවට ප්‍රශ්නයක් වෙලා...
හොර සයිටම් කළුකඩ කාරයාගෙන් ළමයින් රවටා ගත් මුදල් නැවත ලබාදෙන ලෙස බල කරන්න. ඒ වගේම ඔහුට විරුද්ධව නඩු පවරන්න... වංචා සහගතව මුදල් ලබා ගැනීම ගැන.
ගැමුණුට දැන්වත් ඇත්ත තේරුණා නම් හොදා.
මෙයත් වීඩියෝ හදලා "පොරක් " වෙන්න හදන හාදයෙක්.... අන්න ඒ මෑන් වගේ කවුරුවත් ගණන්ගන්නේ නැහැ..... නමුත් මිනිස්සුන්ට කියල බන්නගෙන ජනප්‍රියත්වය ගන්න තුට්ටු දෙකේ ඕනෑම වැඩක් කරනවා......
සයිටම් මුදලාලි ළමයි රවට්ටලා ගත්ත සල්ලිත් ආපහු ගෙවිය යුතුයි. සයිටම් සිසුන්ට සාධාරණ විභාගයක් තියලා සුදුසු අයට පත්වීම් දෙන්න.......
අනිවාර්යෙන් වෙන පැත්තකට හැරිලා. දැන් ඉතින් රෝහල වහන්නම වෙයි..
ගැමුණු මහත්තයෝ ....දෙමාපියන් එක්කරලා ....සියලු දෙනා රවට සල්ලි ගත් බව ඔප්පු කර ආපසු සල්ලි ඉල්ලා නඩුවක් දමන්න....රාජිතද වග උත්තර කරුවෙක් කරන්න......ප්‍රමාද කරන්න එපා .....
ළඟදීම නෙවිල් ප්‍රනාන්දුත් සයිටම් එකට විරුද්ධ වෙන්න පුළුවන්...
අපිට එසැණින් දැන්වීම් ගේන්නට පත්තරේ වැඩ කරන අය ගොඩක් මහන්සි වෙනවා. පඩි වැඩි කරන්නට දැන්වීම් වැඩියෙන් දානකොට ඉවසීමෙන් බලන්න.
අපි හිතුවේ තට්ටේ හැරෙන පැත්තට වැඩ කරන්නේ මුස්ලිම් අය විතරයි කියල.
ඇත්තටම ගැමුණු මහත්තයෝ ඒක හොඳ වැඩක්. ලෝකෙන්ම දක්ෂ රියදුරන් ඉන්න රටකට මොන වෛද්‍ය විද්‍යාලද? ඔය සයිටම් එක වහලා රියදුරු අභ්‍යාස විද්‍යාලයක් ඇතිකරන්නකෝ. මැදපෙරදිග රටවල මොන තරම් නම් රියදුරු ඇබෑර්තු තියනවද? අපේ රටට ජාතික අනන්‍යතාවයක් ඇතිකර ගත යුත්තේ. අපට ඇති සහජ හැකියාවන් වැඩි දියුණු කිරීමෙන් විනා, අපගේ නොහැකියාවන්ට මුදල් නිකරුනේ ආනයනය කිරීමෙන් නොවේ. නිකමට සිතා බලන්න. ඉන්දියාවේ ටාටා බසය හා ත්‍රී වීලරයේ අගය හා ප්‍රමිතිය වටහා ගත්තේ බුද්ධිමත් අපි මිස, වෙන කවුරුද?
ශ්‍රී ලංකාවේ දොස්තරලගේ ජාතික සංවිධානයට පමණක් දෙවැනි, බස් කොන්දොස්තරලාගේ සංවිධානයේ නායක තුමාට, මේ රටේ සෞඛ්‍යය ඇමතිකම පමණක් නොවේ, ජනාධිපතිකමට පවා සුදුකම් තියනවා කියලයි මට නම් හිතෙන්නේ. අනික අපේ රටේ ජනතාවට අවශ්‍ය කරන්නේ, ජනතාවට කන්දෙන මෙවැනි පරිණත නායකයෙක් තමයි.
මේක ගේම් එකක් දැන් සයිටම් වැහුවොත් දුව නිකම්ම මෙඩිකල් කොලීජියේ, මෙයාට විතරයි හරියට තේරුණේ..
ගැමුණු කියන්නේ අවස්ථාවාදියෙක්. එයාගේ වැඩේ කරගෙන සයිටම් එකයි. ඒකට අනාගතයේ එන්න ඉන්න ළමයිනුයි පාවා දෙන්නයි හදන්නේ. මෙහෙම මිනිස්සු නායකත්වයට ගෙනාපු දෙමව්පියන්ටයි ගහන්න වටින්නේ.
ගැමුණු විජේරත්න කියන්නේ බස් කාරයෙක්. මිනිහ කියන කතා විහිළු. මහින්දගෙන් හොඳටම ගුටිකාලා දැන් කියනවා එක බොරු කියලා. එතන හිටිය අය අපිත් දන්නවා. ඇතුලට අරන් ගිහිල්ල හොඳටම ගහල එළියට ඇවිත් අනිත් මිනිස්සු ඉස්සරහ ගැමුණු ඇවිත් කෑම කන්න කිව්වේ එතකොට ගැමුණුගේ අප්පච්චි වෙන්න ඇති. මේ නූගත් මිනිස්සු කියන කතා අපිට වැඩක් නැහැ.