(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
දුම්රිය මාර්ගයට යටින් මළප්‍රවාහන බට පද්ධතියක් එළීමට අනුමැතිය ලබාදීම සඳහා ඉංජිනේරුවරයෙකුගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 35,000/-ක මුදලක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වු දුම්රිය දෙපාර්තමෙන්තුවේ හිටපු මාර්ග පරීක්ෂකවරයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
ඔහු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 35,000/-ක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළේය.
සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමසමේ සහකාර අධ්යක්ෂ රුවනි වික්‍රමසිංහ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවයා අදාළ දඬුවම් වලට අමතරව රුපියල් 20,000/-ක දඩයක්ද ඔහුට නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තීන්දුව බර වැඩිද මන්දා... මීට වඩා හොරකම්, අල්ලස් ගන්න අය, රජ පුටුවල වැජඹෙද්දී, ඒ අයට දඬුවනුත් නැහැ. ඒ අය නිදැල්ලේ. පහත් තැනින් ගලා බසී කීවලු...
රු 35,000 ට වසර විස්සක් මේ මනුස්සයව හිරේ ඇරියා නම් රු ට්‍රිලියනයක් හොරාකාපු අයට ආත්ම ගාණක් හිරේ ඉන්න වෙයි නේද? අපි බලමු පොඩි මිනිහට ක්‍රියාත්මක වෙන නීතිය ලොකු අයට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා.
35000 ට අවු: 20 යි. අපි බලාගෙන ඉන්නවා.... බඳුම්කර සිද්දියේදී අල්ලස් ලෙස ලක්ෂ 14.5ක් මාසිකව ගෙවල් කුලිය ගෙවන්මොන ගත්ත අයටමොකක්ද කරන්න කියන්නේ...
රුපියල් 35000 ට අවුරුදු 20 නම්...... මිලියන 165 ගෙයක් පගාව ගත්ත ඇමතිතුමාට අවුරුදු කියක් හිර දඩුවම් ලැබෙයිද? (මෙය හුදෙක් ගණිත ගැටළුවක් බව කරුණාවෙන් සලකන්න)
අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂකතුමියගේ ඉල්ලීමත්, එය පිළිගත් විනිසුරුතුමා ගැනත් අපි ඉතා අගය කරමු. රටක් නිවැරදි මඟක යාමට නිලධාරීන්ගේ වගකීම නිසිලෙස ඉටු නොවීම රටෙත් ජනතාවගෙත් අවාසනාව වී ඇත. දේශපාලකයන් විසින් මඩ ගොහොරුවකට ඇද දමා ඇති වර්තමාන පාලන තත්ත්වය, නැවත එයින් ගොඩගැනීමට හැකිවන්නේ රුවනි වික්‍රමසිංහ මහත්මිය මෙන් සිතන රාජ්‍ය නිලධාරීන් සිටියොත් පමණි.
ඉතින් අනේ වැල්ලවත්තේ දුම්රිය මාර්ගයට යටින් අර ලොකු බටයක් දමා තියෙන්නේ...