(ප්‍රේමතිලක පෙරමුණ)

මීගහතැන්න නාවලකන්ද මිනිරන් පතලේ කම්කරුවන් තිදෙනෙක් තම සේවය අත්හිටවීමට එරෙහිව  අඩි සියයක් යට උපවාසයක් ආරම්භ කර ඇත. 
නාවලකන්ද හා තල්පැදිවිල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙක් එසේ අද අලුයම 5 සිට මෙසේ උපවාසයේ යෙදී සිටිති. 
 
මෙම පතල අයත් සමාගමේ කිසිම බලධරයකු උදෑසන 8 වනතුරු පැමිණි නොසිටි අතර පතල් තුළට ඒ වනතුරු ඔක්සිජන් ලබා දී නොතිබුණි. තමනට  යාන්තමට වාතාශ්‍රයක් ලැඛෙන බව නළයක ආධාරයෙන් විමසීමකදී උපවාසයේ යෙදී සිටි අය පැවසූහ