(ඉන්දිකා රාමනායක)
ගල්කිස්සේ නිවසක සිටි මියන්මාර සරණාගතයින්ට එරෙහිව ප්රකෝපකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් ප්රකාශ ලබා දීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට අද (2) දින නොපැමිණි ජාතික බලමුළුව සංවිධානයේ මහලේකම් අරඹේපොළ රතනසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි.
රතනසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා පරීක්ෂණ ආරම්භ කර ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන දයාරතන හිමියන් සහ අරඹේපොළ රතනසාර හිමියන් අද දිනයේ අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුණ ද පොලිසිය හමුවට පැමිණ ප්රකාශ ලබාදී තිබුණේ අක්මීමන දයාරතන හිමියන් පමණක් බවද පොලිසිය කියයි.
රතනසාර හිමියන් නොපැමිණීමට හේතුව ද දැනුම් නොදුන් බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිවාදි ත්රස්තවාදි මුස්ලිම් ඇමති මැතිවරු හොඳට එළියේ... උන් හොදට ජාතිවාදය අගම්වාදය අන්තවාදය ත්රස්වාදය එක්ක රට කනවා.. බලන්න එකෙක් නෑ..
පර දේශිකයන්ට නිදහසේ ඉන්න දීල දේශය වෙනුවෙන් කතා කරන අය කූඩුවේ.
මහලොකු වීරයෝ වගේ කෑ ගැහුවට, නීතිය ක්රියාත්මක වෙනකොට හැන්ගෙන්නේ ගෑණු වගේ. දැන් ප්රියසාද් ෆේස්බුක් වීරයාත් අඬනවා අපි දැක්කා. බොදුබලේ ලොක්කත් කාලයක් හිටියේ හැංගිලානේ. මේ හැම දේකින්ම එක දෙයක් පැහැදිලියි. ඒ, රටේ නීතිය සහ ක්රියාත්මක කරනා නිලධාරීන් තරාතිරම නොබලා හරියට ක්රියාත්මක වෙනවානම්..... රටේ මෙවැනි ප්රශ්නඇති වන්න කලින් තිත තැබිය යුතුයි...
මහලොකු චන්ඩි අහිංසක විජාතිකයන්ට පහරදෙන...... දැන් ඉදිරිපත් වෙන්න එපායැ අර මහලොකු F B වීරයො බේරගනීවි.
කරුණාකර මේ අය වීරයන් හැටියට සලකන්න එපා ! මේ අය රටේ සහ ආගමේ නම කැත කරන රස්තියාදුකාරයන් හැර වෙන කවරෙක්ද?
මේ ස්වාමින් වහන්සේලා සටන් කලේ නැතිවෙන සිංහල බෞද්ධ අයිතිය වෙනුවෙන්, සිංහලයාගේ අනාගතය රැක ගැනීමට. මේ රටේ සිටින සිංහලයන් මෙන්ම සිංහල නමින් පෙනී සිටින ද්රෝහියගෙන් බිහිවෙන් දරු මුනුබුරු මිනිබිරියන්ගේ අනාගතය රැක ගැනීමට.
ඔබ වහන්සේ නිවැරදි නම් වහාම ඉදිරිපත්වී සාසනයේ ගෞරවය ආරක්ෂා කර දෙනමෙන් නමස්කාර පුර්වකව ඉල්ලා සිටිමි.
අහෝ... දෙව්දත් නොදුටු මොක්පුර.