(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය නොහැකි බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම විභාග කිරීම අද (03) අවසන් කෙරිණ.
ශ්‍රී ලංකාවේ සහ ස්විට්සර්ලන්ත ද්විත්ව පුරවැසිභාවය හිමි ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීම නුසුදුසු බව තීරණය කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ එම පෙත්සම විභාග කිරීම අවසන් කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම කල් තබන ලදී.
වාචික දේශන අවසන් වීමෙන් අනතුරුව තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම කල් තැබු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ලබන 10 වැනිදාට පෙර ලිඛිත දේශන ගොනු කරන ලෙසද නියම කළේය.
අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන සිසිර ද ආබෲ, අනිල් ගුණරත්න, බුවනෙක අලූවිහාරේ, සහ නලින් පෙරේරා යන මහත්වරු මෙම නඩුව විභාග කළහ.
පාර්ලිම්න්තු මන්ත්‍රී ධූරය දැරීම නුසුදුසු බව තීරණය කරමින් අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව නිශ්ප‍්‍රභ කරන්නැයි ඉල්ලමින් කුමාරසිංහ මහත්මිය මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන් රාමනායක කියන එක හරියටම හරි. ස්විට්සර්ලන්තේ පුරවැසිභාවය තියෙනවනම් ආයිත් මොනවට තීන්දුව කල් දන්නොන? රටේ නිතිය පන්ති පාට අනුවමයි.
ඇයි දෙවියනේ නීතිය ඉටුකිරීම ප්‍රමාද කරන්නේ, මේක මේ සංකීරණ නඩුවක් නෙවිනේ. රටක නිතිය කඩා වැටීම මහා විනාසයක මුල. නිතිය ඉටුකළ යුතු අතර එය සාධාරණ බව ජනයාට දැක ගත හැකි එකක් වියයුතුය.
නාගානන්ද කොඩිතුවක්කු මහතා මොනවා කිව්වත්, මේක මෙතක් මේ රටේ අධිකරණයක නොඇසුණා වූ අති මහත් වැදගත් කමකින් යුක්ත, මුළු ජාතියේම ඉරණම තීරණය වන නඩුවක්. මම නම් කියන්නේ විනිසුරුවරුන් සියළුදෙනාගෙන්ම සමන්විත පුර්ණ සැසියකින් විසඳිය යුතු (හැකි නම් විදේශවලින්ද විනිසුරුවරුන් සහභාගී කරවා ගත යුතු) ඉතා බරපතල නෛතික සංකීර්ණතාවයන්ගෙන් ගහන වූ නඩු නිමිත්තක් මේකට මුල් වෙලා තියෙන්නේ. ඔය නිකම් උතුර නැගෙනහිර වෙන්කළ යුතුද වගේ සුළු දෙයක් නෙමෙයි මේක.
මහී, අමු කැවිලද නං දොඩවන්නේ???