සිරාජ් හසීම්
ශ්‍රී ලංකාවේ දෙමළ ඊළමක් පිහිටුවීමේ උත්සහාය තවමත් අතහැර නොමැති බවත් වෙනස් මුහුණුවරකින් එම අරමුණ කරා යන බවත් තමිල්නාඩුවේ එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයිකෝ ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ගොස් පැමිණි වයිකෝ චෙන්නායි ගුවන්තොටුපලේ දී ඉන්දීය මාධ්‍යට අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබිනි.
‘‘මට වසර 16යි මාස 4ක කාලයක් ජිනීවා යාමට වීසා ලැබුනෙ නැහැ.මෙවර එම සැසිවාරයට සහභාගී වීමට අවස්ථාවක් ලැබුනා. එක පැයක හෝ විවේකයක් නොගෙන සැසිවාරය පුරාම ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිත්වයට එරෙහිව කටයුතු කළා .ශ්‍රීලංකාවේ ආරක්ෂක හමුදාව විසින් සිදුකළේ යුද අපරාධ නොව දෙමළ ජන සංහාරයක් යැයි පෙන්වාදුන්නා.දෙමළ ඊළාම් අරගලය තවමත් අවසන් නැහැ.නව මුහුණුවරකින් එම අරගලය සිදු වෙනවා .
දෙමළ ඊළමක් පිහිටුවීම වැළැක්වීමට කිසිවෙකුට නොහැකියි.උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට එකම විසදුම දෙමළ ඊළමක් . එ වෙනුවෙන් ජාත්‍යන්තරයත් කටයුතු කරන්න ඕනි කියල ජිනීවා සැසිවාරයේදී බලකලා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උත්තර දීල වැඩක් නැහැ. ලංකාවේ පුරවැසියෙක් නොවේ. උතුරෙන් නැගිටින කොට උත්තර දෙමු.
මේකට ගැලපෙන හොඳම නම සයිකෝ ...
ඕක තමිල්නාදුවේම පිහිටුවා ගන්න බැරිද ? ලංකාවේ අපිට නම් ඔහොම එකක කිසිම අවශ්‍යතාවයක් නොමැත.
සංහිදියාව යනු එම මුහුණුවර වේ
වයිකෝ දෙමළ ඊළමක් තමිල්නාඩුවේම පිහිටුවන්න, වැඩේ පහසුවෙන්ම කරගන්නත් පුළුවන්
වයිකෝ ලංකාව තුළ දෙමළ නගරයක් නම් ඇති කරන්න වෙන්නේ නෑ.....
වයිකෝ උබලගේ ඊළම මොන මුහුණුවරින් ආවත් අපි උත්තර දෙන්නේ 2007 -2009 ප්‍රභාට උත්තර දුන්න මුහුණුවරින්මයි..... එකේ දෙකක් නෑ එක හොදින් මතක තියාගන වැඩ කරපන්...
මේ ප්‍රකාශයට ලංකාවේ දෙමළ නායකයින් විරුද්ධ නොවුවොත්, ජාති අතර විශ්වාසය ගොඩනැගීම තවත් කල් ගත වෙනු ඇත.
කැපවීමේ හැටියට නම් ලංකාව වෙනුවෙන් ජිනීවා ගිහින් තියෙන එකම දේශපාලකයා වගෙයි. තමිල්නාඩුව තියන්නේ ලංකාවේ කොහෙද?... මෙයාට ලංකාවෙන් ඡන්ද කීයක් හම්බ වෙනවද මේ තරම් කැපවෙනවට. තමුන්ගේ රටේ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙලාද අනුන්ගේ ඒවාට හොම්බ දාන්නේ.
මෙයා කවුද ලංකාවේ ඊළාම් හදන්න? ඉන්දියාවේ හදන්න කියන්න ඊළම
අනේ මෙයාලා තමයි නැති කුණුගොඩවල් අවුස්සලා අපේ රටයි, දෙමළ මිනිස්සුයි ඔක්කොම විනාස වෙන තැනට වැඩ කරන්නේ.
අලුත් ව්‍යවස්ථාවෙන්ද?
අඩුම තරමින් තමිල්නාඩුවේ මිනිස්සුන්ට වැසිකිලි පහසුකම් නැහැ. කැලේට, කෝච්චිපාරට තමයි යන්නේ. රටට මරගාතේ - ලෝකෙට පරකාසේ. කැලේ මාරු උනාට කොටිය කොටියමයි කියලා අපි දන්නවා. හැබැයි "සිංහ හම පොරවගත්තට, නරිය අපි හොඳට අඳුනනවා".
හැකිනම් එන්න ඇවිත් බලන්න. පස් පිඬක් හෝ නොදෙමි මගේ රටෙන්. මගේ පියත් යුද්ධයෙන් ජිවිතක්ෂයට පත් වුනු stf රණවිරුවෙක්, ඒ ලබා ගත්ත නිදහස නැති කරන්නට ඉඩ නොතබමි.
කෝ අර උද්ඝෝෂණ කරන සහජීවනකාරයෝ සහ දමිල දේශපාලන නායකයෝ? ඇයි මොවුන් මේකට විරුද්ධව කිසිම ප්‍රකාශයක් නොකරන්නේ? එයාලගෙත් යටි අරමුණ මේකමද?