(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ග්‍රෑම් 400ක් බරැති රන් බිස්කට් කැබලි 11ක් හා පවුම් 8ක රන් මාලයක් සමග කාන්තාවක හා පිරිමියකු කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සීදුව පිවිසුමේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මොවුන් මෙම රන් තොගය හොර රහසේ ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කරමින් සිටියදී එසේ අත්අඩංගුවට ගෙන ඇති බවත් සැකකරුවන් කොළඹ පදිංචිකරුවන් බවත් පොලිසිය පවසයි.
මෙම රන් කැබලි හා මාලයේ වටිනාකම රුපියල් ලක්ෂ 30ක් පමණ වෙතියි කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නිත්‍යානුකූල ඒවා නම් පොලිසියට අත්අඩංගුවට ගැනිමට හැකියාවක් නැත. හොර රහසේ ඉන්දියාවට ගෙන යාම අත්අඩංගුවට ගත යුත්තේ ගුවන් තොටුපොලේදි පමනි. පොලිසිය කොහොමද කියන්නේ මේවා ඉන්දියාවට ගෙන යාමට රැගෙන ගියා කියල. ආරක්ෂාවට ගුවන් තොටුපොලට ගෙනගියා විය හැකිය.
මේකේ වරදක් දකින්නේ නැහැ. මොවුන් ඔවූන්ගේ සල්ලි වලින් මිලදී ගත්තුවනම් වැරැද්දක් කියන්න බැහැ. හොරෙන් ඉන්දියාවට අරන් යන්න හැදුවනම් අත්අඩංගුවට ගන්න ඕනේ ගුවන්තොටුපලින්.