(ඡායාරූප - ගයාන් අමරසේකර)
රජයේ විශ්ව විද්‍යාල සිසුන්ගේ දෙමාපිය සංසදය සහ සයිටම් දෙමාපිය සන්සදය අත්සන් කළ අබවෝධතා ගිවිසුමේ සඳහන් කරුණු ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ඔවුහු අද අගමැති කාර්යාලයට සහ ජනාධිපති කාර්යාලයට ලිපි දෙකක් බාර දුන්හ.
සයිටම් ආයතනයට තවදුරටත් ශිෂ්‍යයන් බඳවා ගැනීම ස්ථීර ලෙස ගැසට් මගින් නතර කර ඒ සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම, වෛද්‍ය පීඨ 08හි ආචාර සංගම් සහ වෛද්‍ය පීඨාධිපතිවරුන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම, වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට හා ස්ථාවරත්වයට එරෙහිව කරණු ලබන බලපෑම් සම්පූර්ණයෙන්ම නතර කිරීම සහ වෙනත් ආයතන වෙත වෛද්‍ය සභාවේ බලතල පවරා දීමට කරණු ලබන විවිධ උත්සාහයන් නතර කිරීම සහ සයිටම් ආයතනයේ දැනට ඉගෙනුම ලබන සුදුසුකම් සහිත ශිෂ්‍යයන්ට සහ උපාධි ලබා ගත් ශිෂ්‍යන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියමය පරිදි රජයේ වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් සහ ආචාර්යවරුන්ගේ මඟ පෙන්වීමට අනුව නිසි වෛද්‍ය අධ්‍යාපනයක් සහ පුහුණුවක් ලබාදී වෛද්‍ය උපාධිය ලබා දීම එම ඉල්ලීම් වේ.
මෙම ඉල්ලීම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස රජයේ විශ්ව විද්‍යාල සිසුන්ගේ දෙමාපිය සංසදය සහ සයිටම් දෙමාපිය සන්සදය රජයෙන් ඉල්ලා සිටිති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අනාගතය භාර ගැනිමට සිටින ළමුන්ගේ අනාගතය ගැන තීරණ ගැනීමට ඔබලාට තියෙන අයිතිය කුමක්ද. ඔබ ඔබලාගේ ළමුන් ගැන පමණක් සිතා රටේ ළමුන්ගේ අනාගතය උකසට තබන එක කොතරම් කුහකද කියා නැවත සිතා බලනු මැනය.
බලන්න මහජනතාවගේ මතය එකට සැසදෙන බව දේශපාලුවන්ගේ මතයට හාත්පසින්ම වෙනස් ප්රගතිගාමී මතයක් ඉදිරිපත් වී තිබෙන හැටි
උත්සාහය සාර්ථක වේවා. සයිටම් වැසේවා... සියලුම ළමයිට සාධාරණය ඉටුවේවා
අන්න ඒවගේ අන්‍යෝන්‍ය අවබෝදයෙන් කටයුතු කරනවානම් කොච්චර පහසුවෙන් මේ ප්රශ්නය විසදන්න තිබුනාද!!!!!!!!!!!!!