(රංජන් කස්තුරි)

වෛද්‍ය  නිලධාරීන්ට  පත්වීම් ලබාදීම සඳහා  සකස්කර  තිබෙන ලැයිස්තුව සම්බන්ධයෙන් වන අදහස් හා යෝජනා ඉදිරිපත් කිරිමට  රජයේ  වෛද්‍ය  නිලධාරීන්ගේ  සංගමයට  දින දෙකක කාලයක්  ලබා දෙන බව සෞඛ්‍ය  අමාත්‍යාංශයේ  ලේකම්  ජනක සුගතදාස මහතා  පැවසීය.

සකස්කර  තිබෙන වෛද්‍ය නිලධාරී ලැයිස්තුව කිපවරක්ම රජයේ වෛද්‍ය  නිලධාරින්ගේ සංගමයට ලබාදුන්  නමුත් ඔවුන් යෝජනා  ඉදිරිපත්  නොකළ බවද ලේකම්වරයා  කීවේය.

වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු  ලැයිස්තව රාජ්‍ය සේවා  කොමිෂන්  සභාවාට ඉදිරිපත් කළ නමුත්  කිසිදු වෛද්‍ය  නිලධාරී සංගමයක් ඊට  යෝජනා  ඉදිරිපත්  කර  නොතිබු  බවද ජනක සුගතදාස මහතා සඳහන් කළේය.