(හර්ෂණ තුෂාර සිල්වා)
ලබන වසරේදී රුපියල් බිලියන 2,200 ක ආදායමක් ඉපැයීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ගෙවීමට ඇති ණය වාරිකවල වටිනාකම රුපියල් බිලියන 1,700කට ආසන්න වන බවත් එයින් සියයට 84කට වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ එවකට මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි .
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාවට අනුව 2016 වසරේදි අඛණ්ඩව දෙවැනි වසරටත් රාජ්‍ය ආදායම වැඩි විය. වසර 2015 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13.3ක් වූ රාජ්‍ය ආදායම 2016 දී සියයට 14.4ක් දක්වා වැඩි විය.
නාමික අගයවලට අනුව 2015 වසරේදී රුපියල් බිලියන 1,454.9ක් වූ රාජ්‍ය ආදායම 2016 වසරේදී සියයට 15.9කින් එනම් රුපියල් බිලියන 1,686.1 දක්වා වැඩි විය.
ලබන වසරේදී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15ක් දක්වා වැඩි කිරීමත් 2020 වනවිට එය සියයට 16.5 දක්වා වැඩි කර ගැනීමත් ආණ්ඩුවේ බලාපොරොත්තුව වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මිනිසුන්හට බදු ගහලද ලොක්කෝ
පොඩි ගානක්නේ මහා බැංකුවේ බැදුම්කර දෙකකට වැඩේ දුන්න නම් කිසි කරදරයක් නැතුව හොයා ගන්න පුළුවන්. 2015 දුන්න ගේම සැකකරුවෝ තාමත් රජකරන කොට තව දෙක තුනක් දුන්නා නම් මොකද? 2025 වෙනකල් ඉන්නත් එපාය. බය වෙන්න එපා 62 ලක්ෂයක් කැප කරයි බඩේ හම පිට කොන්දට අැලෙනකම්ම.
සැම ව්යාපාරිකයෙක්ගෙන්ම බදු අයකර ගන්න වැඩපිළිවෙලක් තිබිය යුතුයි. මෙයට අමතරව දොස්තරලා. පුද්ගලික පන්ති ගුරුවරුන් . නීතිවේදීන්. පොලියට දෙන්නන් ගෙන්.බදු අය.කර ගැනීමට කටුතු කරන්ඩ. පුවත් පත් වල දැන්වීම් පලකල හොත් මහජනයාගෙන් පොලීකරුවන් ගැන තොරතුරු ලබා ගත හැක. ෆිනන්චේ ආයතන සඳහා බදු මුදල් වැඩිකරන. නිශ්පාදන අවස්ථා වැඩිකිරීමේ සඳහා දිරිගන්වන්ඩ.අරක්කු මිල ටිකක් අඩු කරන්ඩ
රාජ්‍ය අදායම් වැඩිකරන්න තියෙන ලෙහෙසිම ක්‍රමය බදු ගැසීම . එය ඉතා උසස් විදිහට සාමාන්‍ය ජනතාවගෙන් ලබාගන්න උපරිමව ක්‍රියා කරගෙන යන බව හොදින් වැටහේ .
බදු ගහලද?
ඔයාල සහ රාජපක්ෂ කියන දෙගොල්ලන්ටම කිසිම "ක්‍රියේටිව් " ගතියක් නැහැ.. ඒකේ ප්‍රතිපලය තමයි 2017දි අපි 2020 ජනාධිපති ගැන කතාකරනවා .
හඳෙන් ගෙනල්ලාද ?
මැදපෙරදිග ආදී රටවල වැඩකරන්නන්ගේ සම්පූර්ණ ඉපැයීමම රටට ගෙන්වා ගන්න ක්‍රමවේදයක් සකසන්න. මේ මුදල හොයාගන්න අපහසුවෙන්නේ නැහැ.
නිදහස ලැබුව දවසේ ඉදල මුන් දෙගොල්ලෝ රට විනාශ කලා(විශේෂයෙන් 77න් පස්සේ) අද සුද්දා මේ වනවිට රට පාලනය කළානම් විශාල දියුණුවක් ලැබිලා. { උදාහරණ : හොං කොං සහ මැකාවෝ }
මේක බුද්ධිමත්ව විග්රහ කරලා බලන්න. වසර අටක කාලයකට ලබාගත් ණය මුදලෙන් යුද්ධය අවසන් කිරීම පාරවල් සෑදීම (10%, 20 % කොමිස් ගිය බව කව්රුත් දන්නවානේ ) ආදී කටයුතු ඔක්කොටම 84% ණය ලබාගත් පසුගිය රජයත්, වසර දෙකකට 16% ණය ලබාගෙන මුකුත්ම නොකළ වර්තමාන රජයත් අතර ලොකු වෙනසක් මම දකින්නේ නැහැ....
රටක ජීවත්වෙනවනම් රටට බදු ගෙවන එක ජනතාවගේ යුතුකමක්. රටට සල්ලි අහසෙන් පහත් වෙන්නේ නැහැ. මේ රටේ වැඩි පිරිසක් නිකන් කන්න බලාගෙන ඉන්න අය. ඒ නිසා රටේ පහසුකම් පරිහරණය කරන හැමදෙනාවම බදු වලට යටත් විය යුතුවෙනවා නැත්නම් රටේ සුළු පිරිසක් බදු ගෙවල නිකං ඉන්න අයගේ බඩ පුරවනවා එක හරිද ? එතොකට රටක් දියුණු කරන්න පුළුවන්ද ? ඒ වගේම බදු නොගෙවන හොර බිස්නස් කාරයන්ව අනිවාර්යයෙන්ම අල්ලන ඕන.
බොරුව, වංචාව, හොරකම, පාවාදීම, චන්ඩිකම එක්ක තමයි ජීවත් වෙන්නේ. මේ අය මේ රටට සහ රණ විරුවන්ට කරන අවලාද, හිංසාව, නවතින්නේ නැහැ. නිවට ජඩ පාලන නඩය පලවා හැරීමට කාලය පැමිණ ඇත.
වැඩේ බොහොම ලේසියි. මැරයින්ට කුරුඳු පොලු දීලා පඩි දවසට රජයේ කාර්යාල දොරකඩවල් ළඟ සිටියාම ඒ ගැන සොයා ගන්න පුළුවනි. අනේ මෙහෙම දේශපාලකයෝ...