(මනෝප‍්‍රිය ගුණසේකර)
මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ පවරා ඇති ලිත් නඩුව වෙනත් විනිසුරුවරයකු හමුවේ විභාගයට ගන්නැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සම ලබන 26 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (03) නියම කළේය.
ජනාධිපතිවරණ පනතට පටහැනි වන ආකාරයට පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව ඇතුළත් කර දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ මුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කර රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කළැයි නීතිපතිවරයා විසින් එම නඩුව පවරනු ලැබ ඇත.
සිල් රෙදි නඩුවේ විත්තිකරුවන් වු රාජ්‍ය සේවකයින්ට සිරදඩුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා හමුවේ තමන්ගේ නඩුව විභාග කරනු ලැබුවහොත් තමුන්ට සාධාරණය හා යුක්තිය ඉටු වීමේ ප‍්‍රවණතාව අඩු බව පෙන්වා දෙමින් රාජපක්‍ෂ මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
එම පෙත්සම සම්බන්ධයෙන් එදින අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නීතීපතිවරයාටද නියම කළේය.
මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබු අවස්ථාවේදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් අභියාචනාධිකරණය එලෙස නියම කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ කැඳවන ලදී.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා විසින් කරමින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතීපතිවරයා නම් කර ඇත.
අදාළ නඩුව ලබන නොවැම්බර් 13 වැනිදා සිට දිනපතා විභාග කිරීමටද කුලතුංග මහතා තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන යනකොට මෙයා දැන්ම වැරැද්ද පිළිඅරන් වගේ.
වෛද්‍ය වාර්තා නැති වුනත්, පැමිණීමට අපහසුතා ඇති වුනත් නොමැති වුනත්, ඉතින් මෙහෙම මෙහෙම කල් දාගෙන දාගෙන ගියාමත් ඉදිරි අවුරුදු දෙකහමාර ගෙවාගන්න හැකි වෙයි නේද ?
විත්තිකරුවෙකුට උවමනා විදිහට විනිසුරු වෙනස් කරන්න පුලුවන්ද?
මෙයා ඉල්ලන පරිදි විනිසුරු වෙනස් කරන්න ඉඩ දුන්නොත් එය සිවිල් වැසියන් විසින් අධිකරණයේ වැඩ කටයුතු වලට ඇඟිලි ගැසීමක් වෙනවා. එය කොහෙත්ම නොකළ යුත්තක්.
සිරගෙදර සිටිය යුතු පුද්ගලයෙක්
චන්දෙන් පස්සේ මෙය කොහොමද දවස් දෙක තුනක් ඇතුලත ඇමරිකාවට පැන්නේ. මුදල් විශාල ප්‍රමාණයක් වගකිය යුතු පුද්ගලයා වැඩ නිසියාකාරව නව නිලධාරීන්ට බාර නොදී පැන්නේ කොහොමද ? නඩුව අහල දඬුවම් දිය යුථුඉ
හොරාට ඉස්සරවෙලා කෙහෙල් කැන වැට පනිනවා.....තමුන් නිවැරදි නම් විනිසුරු කවුරු වුණත් මොකද? මේවට ඉඩදීම ගරු අධිකරණයට බලවත් නිගාවක්.....
මේ විනුසුරුතුමා වෙනස් කරලා සරත් එන්. සිල්වා, මොහාන් පිරිස් පත්කරන්න කියලාද කියන්නේ?