(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
 
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයා මෙන්ම තමන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් උත්තර දීමට තමන් බැඳී නැතැයි මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (02) පැවසීය.
 
රජයේ මුදල් අවශ්‍යතාවය පිළිබඳ තොරතුරු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයා වන අර්ජුන් ඇලෝසියස් දන්නේ නැහැ නේදැයි බැඳුම්කර කොමිසමේ පැමිණිල්ල මෙහෙයවමින් එහි කටයුතු වලට සහය වන වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා විමසූ විට ඊට පිළිතුරු දෙමින් මහේන්ද්‍රාන් මහතා එසේ පැවසීය.