ඉන්දිකා රාමනායක
මියන්මාර ජාතිකයින් පිරිසක් රැඳී සිටි ගල්කිස්ස නිවස ඉදිරිපිට ඉකුත් (26) දින ප්රකෝපකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් පොලිසිය මගහැර සිටින අරඹේපොල රතනසාර හිමියන් සහ හිටපු පොලිස් කොස්තාපල් ප්‍රගීත් චානක ගුණතිලක නැමැති අය අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය මහජන සහය පතයි.
අරඹේපොල රතනසාර හිමි කිරුළපන පුර්වාරාමයේ වැඩ වාසය කර ඇති අතර ප්‍රගීත් චානක ගුණතිලක නැමැත්තා වාද්දුව පොලිස් වසමේ මහවාද්දුව පදිංචිව සිට ඇත .
මේදෙදෙනා දැනට එම ප්‍රදේශවල නොමැති බවද පොලිසිය කියයි.
දෙවැනි සැකකරු වන ප්‍රගීත් චානක ගුණතිලක නැමැති හිටපු පොලිස් කොස්තාපල්ට එරෙහිව පානදුර මුස්ලිම් පල්ලි දෙකකට පහර දී අලාභ හානි සිදුකිරීම සහ පානදුර බාලිකා විදුහලක විදුහල්පතිනියකට තර්ජනය කිරීමේ යන සිද්ධීන් සම්බන්ධයෙන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු තුනක් විභාග වන බවද පොලිස් මුලස්ථාන සඳහන් කරයි.
මෙම දෙදෙනා රැදී සිටින ස්ථාන පිළිබඳ තොරතුරු දන්නේනම් කොළඹ අපරාධ කොට්ඨාසයේ 0718591727 අංකයට දැනුම් දෙන ලෙසට පොලිස් මුලස්ථානය ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ පාට බේද නැති, සිංහල ජාතිය බුදු දහම වෙනුවන් කතා කරන එඩිතර මිනිසුන් රැකිම සිංහල ජාතියේ වගකීමක්.
සිංහල රටේ සිංහලයව පමනක් තලා පෙලා දමන නීතිය.
ඒ වෙලාවේම අල්ලගන්නේ නැතුව දැන් නිකන් ජනතාව මුලා කරන්න එපා, ඒ වෙලාවේ පොලිසියේ කී දෙනෙක් හිටියද එතන?
දැන් දැන් විදේශ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වෙන්න ලංකාවේදී මුස්ලිම් සරණාගතයින් හට බෞද්ධ භික්ෂුන් සහ පිරිස් විසින් පහර දීමක් ගැනයි. ලක්ෂ ගණනක් ශ්‍රී ලාංකිකයින් මැදපෙරදිග මුස්ලිම් රටවල්වල සේවය කරනවා. හදිසියෙන් වත් මුස්ලිම් පිරිස් විසින් මැදපෙරදිග ඉන්න ශ්‍රී ලාංකිකයින් හට පහරදීමක් පටන් ගත්තොත් ඒ සියලු දෙනාට සිදුවන විනාශය අපි කවුරුත් වටහා ගත යුතුයි.
අපිට රට වෙනුවෙන් කරන්න බැරි දෙයක් මුන්වහන්සේ කළා. මම වුණත් රැකවරණය දෙනවා. අතීත, වර්තමාන සිදුවීම් දිහා බලද්දී මේ රොන්ග්යා අය කොහොමත් වැද්ද ගන්න සුදුසු නෑ. නාලන්දා සරසවිය භික්ෂුන් වහන්සේලා පන්දහසක් සමග ගිනි බත් කරපු ලෝක වෙළඳ මධ්‍යස්ථානය අද යුරෝපය හා මේ කියන ජන කොටස් ඉන්න රටවල් වලට වෙලා තියන වින්නැහිය එක්ක බලද්දී අනේ අපේ ලංකාවට මේ අයගෙන් තර්ජනයක් නෑ කියන්න පුළුවන්ද? සමහරුන්ට රටක් නැති වුණාට අපිට රටක්, ජාතියක්, ශාසනයක් රකින්න තියනවා. නුපන් පරපුරකට මේ රට මිථ්‍යා දෘෂ්ඨිකයින්ගෙන් ආරක්ෂා කල යුතුයි. මේ අය වහාම රටින් පිටුවහල් කරලා මේ ප්‍රශ්නේ කෙටියන් විසඳා ගන්න. කෙන්ද කන්ද නොකර.... ජනාධිපතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.
නීතිය තියෙන්නේ සිංහලයන් පමණක් පෙලන්න කියන අයට කියන්න තියෙන්නේ රෝම ලන්දේසි නීතිය අනවශ්‍ය නම් දෙතිස් වද සහිත රාජ නීතිය ගෙනෙමු. නැවතත් එතකොට පස්වාන් දහසකට බුදුවෙන්න දේවයන්වහන්ස කියලා බඩගාගෙන යන්න පුළුවන් ....
මේකට නම් මහජන සහාය ඕන වෙන එකක් නෑ. හැබැයි, දැන් දැන් වැඩ සිද්දවෙන හැටියට නම් සැබෑ හිමි නමක් හොයා ගන්න මහජන සහය නැතුවම බැරි වෙනවා. ඒ මොකද, ඒක අර මොනවද හොයනවා වගේ වැඩක්...
ඇයි මේ හැංගිලා ඉන්නේ මිනිස්සුන්ව කුලප්පු කරනකොට හොඳට ශක්තිය තිබුණා.. කෝ ඒ හයිය දැන්.