ලෝකයේ හොඳම තොරතුරු දැනගැනීමේ පනත ලෙස ශ්‍රීලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත පත්ව ඇති බව කතානායක කරු ජයසුරිය මහතා කියයි.

එය ශ්‍රී ලාංකිකයින් ලෙස ආඩම්බරවීමට කරුණක් බවත් තව දුරටත් මෙම පනතින් ප්‍රයෝජන ගැනීමට හුරුවිය යුතු බවත් ජයසුරිය මහතා ප්‍රකාශ කරයි.

‘‘ලෝකයේ හොඳම තොරතුරු දැනගැවීමේ පනත බවට ලංකාවෙන් ඉදිරිපත් කරපු තොරතුරු දැනගැනීමේ පනත පත්වෙලා තිබෙනවා. මුලින් අපේ පනත තිබු‍ණේ ලෝකයේ පනත් අතර තුන්වැනි ස්ථානයට .ලෝකයේ තිබෙන හොදම ආදර්ශමත් තොරතුරු දැනගැනීමේ පනත ලංකාවේ වීම අපිට ආඩම්බරයක්. ජනතාව තවදුරටත් මේ පනත තුළින් ප්‍රයෝජන ගතයුතුයි.‘‘