තරිඳු ජයවර්ධන
අග්නිදිග වියළි කලාපයේ ජල සම්පත් සපුරා ගැනීමේදී මතුවන ගැටළු සඳහා ඇති එකම විසඳුම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය බව එම ව්‍යාපෘතිය සඳහා මීට වසර 12කට පමණ පෙර ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස එවකට කටයුතු කළ අනුර කුමාර දිසානායක මහතා 2005 ජනවාරි මාසයේ දී එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බව හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ඒ ගැන සොයා බැලීමට තොරතුරු පනත ඇසුරෙන් ලබාගත් තොරතුරුවලට අනුව පැහැදිලි වනුයේ අනුර කුමාර දිසානායක මහතා ද උමා ඔය සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවයි. ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයන දෙවන අදියර සඳහා ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දී එය ක්‍රියාත්මක කිරීමට සහ ඒ සඳහා අවශ්‍ය සම්පත් දායකත්වය ලබා ගැනීමට විදේශ සම්පත් දෙපාර්තමේන්තුව යොමු කිරීමට කැබිනට් අනුමැති ලබා ගැනීම එම කැබිනට් පත්‍රිකාවෙන් ඉල්ලා ඇත.
‘‘ශ්‍රී ලංකාවේ අග්නිදිග වියළි කලාපය, විශේෂයෙන්ම හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක සංවර්ධනය කළ යුතුව ඇතැයි වන වැදගත් සාධකය සැළකිල්ලට ගත් කළ ඒ සඳහා උමා ඔයේ ජලය අග්නිදිග වියළි කලාපයට හැරවීම හැර වෙනත් විකල්පයක් නොමැති බව සඳහන් කළ යුතුය.‘‘ යනුවෙන් ද එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර තිබී ඇත.
මෙම ව්‍යාපෘතියේ අරමුණ ලෙස සඳහන් කර ඇත්තේ අග්නිදිග වියළි කලාපයේ පිහිටි කිරිඳිඔය ද්‍රෝණිගත ජල ධාරිතාව ප්‍රවර්ධනය කොට ඒවා වාරිමාර්ග, ගෘහස්ථ අවශ්‍යතාවන් සහ ජල විදුලි උත්පාදනය සඳහා උපයෝගී කර ගැනීම බවයි. එමඟින් වාර්ෂිකව ඝන මීටර මිලියන 150ක පමණ ජල ප්‍රවාහයක් හැරවීමට යෝජනා කර තිබේ. මෙසේ ජලය හැරවීම තුලින් වර්ෂයකට හෙක්ටයාර් 10,000ක පමණ වූ ඉඩම් ප්‍රමාණයක් වගා කිරීමට අවස්ථාව සැලසෙන අතර අලුත් ඉඩම් හෙක්ටයාර් 1500ක පමණ උක් වගාව සඳහා උපයෝගී කර ගනු ලබන බව ද, ව්‍යාපෘතිය තුලින් මෙගවොට් 90ක විදුලිබල උත්පාදනයක් අපේක්ෂා කෙරෙන අතර ගොවි පවුල් 10,000කට ප්‍රතිලාභ අත්වන බව ද එම කැබිනට් පත්‍රිකාවේ දක්වා තිබිණි.
එවකට ව්‍යාපෘතියේ සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 15,000කි.
‘‘මෑත අතීතයේදී හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල ආර්ථික සංවර්ධනය සඳහා වූ ක්‍රමෝපායන්වල වෙනසක් දක්නට ලැබෙන අතර උමා ඔය කිරිඳිඔයට හැරවීම මෑත භාගයේදී බිහිවූ රුහුණුපුර සංවර්ධනය නව සංවර්ධන සංකල්පයක් වශයෙක් දැකිය හැකිය. රුහුණුපුර යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාවලියට හම්බන්තොට වරාය කලාපයේ නවීනතම වරායන්වලින් එකක් බවට සංවර්ධනය කිරීම, මොණරාගල දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් හා ඛණිජ තෙල් පිරිපහදුවක් ඇති කිරීම අයත් වේ. ‘‘ යනුවෙන් ද කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර තිබේ.
හම්බන්තොට වරාය ඉදි කිරීම තුලින් ඉන්දියන් සාගරයේ යාත්‍රාකරන නැව් විශාල සංඛ්‍යාවක් හම්බන්තොට වරායට පිවිසීමේ ප්‍රවණතාවයක් පවතින බව ද අනුර කුමාර දිසානායක මහතා විසින් 2005 වසරේ දී ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.
‘‘සංචාරක ව්‍යාපාරය ඇතුළුව කර්මාන්ත විශාල සංඛ්‍යාවක් හම්බන්තොට හා ඒ අවට ප්‍රදේශවල බිහිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. එකී නව සංවර්ධන ක්‍රියාදාමයන් සඳහා 2030 වසර සඳහා ඝන මීටර මිලියන 100ක ජල සැපයුමක් අවශ්‍ය වන බව ගණනය කොට ඇත. මේ සඳහා අවශ්‍ය ස්ථිර ජල සම්පත් මේ ප්‍රදේශයේ නොමැති බැවින් එම අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඇති එකම විකල්පය උමා ඔයෙන් ජලය ලබා ගැනීම බව ප්‍රත්‍යක්ෂ වී ඇත. එබැවින් කෘෂිකාර්මික අවශ්‍යතාවන් තහවුරු කරමින් සීඝ්‍රයෙන් බිහිවෙමින් පවතින කර්මාන්ත ව්‍යාපාර සහ පානීය ජල අවශ්‍යතාවන් සපුරාලීම සඳහා උමා ඔයෙන් හැරවූ ජලය උපයෝගී කර ගැනීමට සිදුවී ඇත.‘‘ යනුවෙන් ද කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර තිබිණි.
(තොරතුරු දැන ගැනීමේ පනතින් ලබා ගත් තොරතුරු ඇසුරෙනි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැබිනට් පත්‍රිකාවේ වරදක් නැහැ. නමුත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳවයි ගැටළුව ඇත්තේ.
උමා ඔය ව්‍යාපෘතිය අපේ රටට අවශ්‍යව තිබුන ව්‍යාපෘතියක්. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. නමුත් මෙය ක්‍රියාත්මක වුන විදිහ නිසා තමයි නරක ප්‍රතිඵල ගෙනදුන්නේ. මේ කැබිනට් පත්‍රිකාවෙන් ඉතාමත් පැහැදිලිවම ඉල්ලලා තියෙන්නේ "ව්‍යාපෘතියේ ශක්‍යතා දෙවන අදියර සඳහා ඉහල ප්‍රමුඛත්වයක් ලබාදී එය ක්‍රියාත්මක කිරීමටයි". ඊට කලින් පැහැදිලි කරලා තියෙනවා මොකක්ද "දෙවන අදියර" කියන දෙය. දෙවන අදියර කියන්නේ පළමු අදියරෙන් නිර්දේශිත විකල්පය සම්බන්ධව "විස්තීර්ණ ශක්‍යතා අධ්‍යනය කර " ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව උදා කරගැනීමයි. ඉතින් කොහොමද මේ කැබිනට් පත්‍රිකාවේ වරදකින් තමයි උමා ඔය ව්‍යාපෘතිය අසාර්ථක වුනේ කියන්නේ. මේකේ විදිහට "විස්තීර්ණ ශක්‍යතා අධ්‍යනයක්" නොකල නිසයි නේද අසාර්ථක ව්‍යාපෘතියක් වුනේ.
ඉතා ම පැහැදිලි හේතුන් නිසා මම ඔය රතු සහෝදර වරුන්ට ඒ තරම් කැමති නැහැ නමුත් මෙතන ප්රශ්නය ඕන කෙනෙකුට තේරෙනවා.... මේක කරපු එක නෙමෙයි කරපු විදියයි වැරදි ශක්‍යතා අධ්‍යනය තැන ඉඳල කොන්ත්‍රාත්තුව දුන්න අය ගැනත් ගැටළු තියනවා අනන්තව ඕව තමයි ප්‍රශ්න නැතුව කැබිනට් පත්‍රිකාවට අනුර කුමාර ගෑවිච්ච එක නෙමි ( හැබැයි මෙතැනදී ඔවුන් ගේ ගව්රවයට කියන්න ඕන දෙයක් තමයි මේක එයාල කරා නම් ඔය කොමිස් , යටිමඩි , ඕව අනිවාර්ර්යයෙන්ම නැහැ )
දෙපැත්තේම ඉන්නේ හරක්. ලෝකෙම තියන ඕනෙම ප්‍රශ්නෙකට විසදුමක් තියනවා. එක එක්කෙනාට වැරද පටවනවා ....225 ක් ගොන්නු පාලනය කරන රටට ගැලපෙන්නේ. වැරදිලා තියන තැන හරි ගස්සා ගෙන ඉදිරියට යන එක. චිනය අාදර්ශයට ගන්න..... අපේ මේ වගේ පුංචි කෘෂිකර්ම ව්‍යාපෘති දහස් ගානක් සාර්ථකව නිම කරලා තියෙන්නේ. අවුරුදු පහෙන් පහට මේ ඡන්දෙන් ගොන්නු 225 පත් කරන එක නවත්වන්න ඕනේ. අවුරුදු 25 කට සැරයක් ඡන්දයක් තිබහම ඇති කන එකා ඇති තරම් කාල අවුරුදු 10 කට පස්සෙවත් රටට වඩක් කරයි. එතකොට පරණ ඒවා අපේ උන්ට අමතකයි. නැත්නම් රජ කෙනෙක් රට පාලනය කරන වගේ ක්‍රමයක් හදන්න ඕනේ රජ ඇතිවෙනකල් කනවා වගේම රටටත් වැඩක් කරනවා. දැන් තියන ක්‍රමය සල්ලි වැඩියෙන්ම තියන තැන ඉස්සෙලම කොල්ල කනවා බලයට ඇවිල්ල මස තුන යන්න ඉස්සෙලා. ඊට පස්සේ හිටපු උන්ට බැන බැන ඉතුරු ටිකත් කකා ඇදගෙන යනවා බලේ දීපු උන්ට කැප කරපිය කියකිය..
ජයග්‍රහණයට පියවරු දහසකි......පරාජය අවජාතකය .
ඉතින් අනුර ඕකට පත්‍රිකාවක් දැමුවාට බලෙන් හොර තක්කඩි ව්‍යාපෘති කරනවා කියල නැහැනේ ඕනෑම ව්‍යාපෘතියකට වැදගත්ම දෙය තමයි සක්‍යතා වාර්තාව එක නිවැරදිව කරලා හොදනම් කරමු කියල තම යෝජනා කරලා තියෙන්නේ .නමුත් මහින්ද කලේ එහෙමද ? ඕක සේරම කලේ කොලේ වහල කොමිස් කුට්ටියට
දැන් අනුර සහෝදරයාගේ පටිරෝල් වෙලා නේද? උෟව වෙල්ලස්සේ සමන්ත බට්ටෝ. උමා ඔයේ සබැ තත්වය දැන් ඔප්පුවුණා. මෙවැනි බුහු ව්‍යවසන ව්‍යාපෘතියට මුලින්ම වගකිය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ නොවේද? මහින්ද හිටපු ජනාධිපතිතුමාට බනින්නේ ඔබලාගේ තියෙන කුහකකම නිසා නෙවේද? දෙයක් කලාම අඩුපාඩු හොයන්න 100ක් විතර ඉන්නවා. එහෙත් නිවැරදිව දෙයක් කරන්න එක්කෙනෙක්වත් නැහැ. මේකයි අපේ රටේ තත්ත්වය. කණගාටුයි සහෝදරයා..
උමා ඔය මත්තල ගුවන් තොටුපල මෙන් නොව රටට අවශ්‍ය ව්‍යාපෘතියක් නමුත් මෙතන ප්රශ්නය තිබෙන්නේ උමග ඉදිකිරීමේදී ප්‍රමිතියක් නැතුව වැඩ කිරීම නිසා විශාල පරිසර විනාශයක් සිදුවීමයි...