ආයෝජන ගැන ගිවිසුමකට යන්න යුක්රේනයේ තීරණයක් ශ්‍රී ලංකාව සමඟ අනෝන්‍ය සහයෝගීතාව සහ ආයෝජන සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට යුක්රේන රජය තීරණය කර ඇතැයි යුක්රේන නිවුස් වෙබ් අඩවිය වාර්තා කර සිටී. 27 March 2018
පොල් ඉඩම් කට්ටි කිරීම රටේම තහනම් කරන්නයි ඉල්ලති දේශීය පොල් කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා කඩිනමින් ආණ්ඩුව පියවර ගත යුතු බවත් වහාම පොල් ඉඩම් කැබලි කිරීම රට තුළ තහනම් කරන ලෙසත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හා ඒකාබද්ධ පොල් කර්මාන්ත සුරැකීමේ සංවිධාන එකමුතුව රජයෙන් ඉල්ලීමක් කරයි. 21 March 2018
තේ මණ්ඩලයේ නව සභාපති ඩබ්ලිව් එල් පී විජයවර්ධන ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ඩබ්ලිව්. එල්. පී විජයවර්ධන මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරියේ අද (21) වැඩ බාරගනු ලැබීය. 21 March 2018
ෆේස්බුක් වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 40කින් පහළට ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය එහි ගිණුම් හිමියන්ගේ දත්ත අවභාවිත කළ බවට චෝදනා එල්ල වීමත් සමඟ එය ද ඇතුළු සමාජ මාධ්‍ය සමාගම් කිහිපයක කොටස් පහත වැටී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 20 March 2018
විදෙස් සංචිත ඩොලර් බිලියන දෙකකින් ඉහළට ශ්‍රී ලංකාවේ සංචිතය ඩොලර් බිලියන හයේ සිට ඩොලර් බිලියන අට දක්වා වර්ධනය වී ඇතැයි මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද පැවසීය. 20 March 2018
මුදල් ඇනවුම් සම්පත් බැංකුවෙන් ගන්න පහසුකම් ඕනෑම තැපැල් කාර්යාලයකින් යවන මුදල් ඇනවුමක් එම මුදල් ඇනවුම ලබාගන්නා අයට සම්පත් බැංකුවේ ටෙලර් මැෂින් හරහා පැය 24 පුරා , දින 365 හේ දීම ලබාගැනීමේ අවස්ථාව සලසමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව හා සම්පත් බැංකුව එක්ව ’’ E - Pay Mobile Cash ’’ සේවාව ආරම්භ කිරීම තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු අමාත්‍ය එම්.එච්.එ.හලීමි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) සිදුකෙරිණි. 20 March 2018
අස්ථාවර දේශපාලනයෙන් රටට අනාගතයක් නෑ‘ - මහබැංකු අධිපති දේශපාලන ස්ථාවරත්වය නොමැතිව රටකට ඉදිරියට යා නොහැකි යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (20) ප්‍රකාශ කළේය. 20 March 2018
නවගත්තේගම පැණි දොඩම් වගාවට නරක කාලයක් සාර්ථක ලෙස තමන් පැණි දොඩම් වගා කර ඵලදාව ලබා ගත්තත් ඒ සදහා යහපත් මිළක් නොමැති බව නවගත්තේගම ප්‍රදේශයේ ගොවීන් සදහන් කරයි. 20 March 2018
නව දේශිය ආදයම් පනත 01 වැනිදා සිට නව දේශිය ආදායම් පනත අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවසීය. 19 March 2018
කොළඹ බහාලුම් පර්යන්ත තුන එකට වැඩ කරන්න ගිවිසුමක කොළඹ වරායේ ක්‍රියාත්මක ප්‍රධාන පර්යන්ත තුන වන ජයබහලූ පර්යන්තය, සී අයි සී ටී පර්යන්තය හා එස් ඒ ජී ටී පර්යන්තය යන පර්යන්ත තුන සාමූහිකව ක්‍රියාත්මක වීම සඳහා සාමුහික ගිවිසුමකට එලැඹියේය. 16 March 2018
යාපනයේ දුම්කොල කර්මාන්තයත් නවතින ලකුණු විවිධ ගැටළු හා බාධක රැසකට මුහුණ දීමට සිදුව ඇති නිසා මෙවර කන්නයෙන් පසුව යාපනයේ බොහෝ ගොවීන් නැවත දුම්කොළ වගා කිරීමට බාලාපොරොත්තුවක් නොමැති බව යාපනයේ දුම්කොළ වගාකරුවෝ පවසති. 15 March 2018
ඇඟළුම් අපනයන ආදායම සියයට 3කින් ඉහලට රෙදිපිළි හා ඇඟළුම් අපනයන ආදායම පසුගිය වසරේදී සියයට 3කින් එක්සත් ජනපද ඩොලර් මිලියන 5,031.9 ක් දක්වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 14 March 2018
සංචාරක පැමිණිම ඉහළට ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම පසුගිය මාසයේ දී සියයට 19.3 කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 14 March 2018
ඇපල් සමාගමට තවත් සමාගමක් එක්වෙයි ලෝ ප්‍රකට ඇපල් සමාගම තම සේවාදායකයන්ට ලබාදෙන සේවා තවදුරටත් පහසු කිරීමේ අරමුණින් ඩිජිටල් සේවා සපයන ‘ටෙක්ෂර්’ සමාගම මිලදී ගැනීමට සූදානම් වන බව වාර්තා වේ. 13 March 2018
සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් තැන්පත්කරුවන්ට ලක්ෂ හය දක්වා ගෙවීම් ශ්‍රී ලංකා මහබැංකුව මඟින් බලපත්‍රය අවලංගු කළ සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනයේ තැන්පත්කරුවන්ට රුපියල් ලක්ෂ හයක උපරිමයක් දක්වා ගෙවීම් සිදුකරන බව ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි. 06 March 2018
රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ස්ථාවර අගයක ශ්‍රී ලංකාව මහ බැංකුව අද (5) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 156.96ක් දැක්විණි. 05 March 2018
මහබැංකුව මූල්‍ය සමාගමක බලපත්‍රය අත්හිටුවයි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී සමාගමේ බලපත්‍රය අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ශ්‍රීලංකා මහබැංකුව සඳහන් කරයි. 05 March 2018
උතුරට සාර්ථක මත්ස්‍ය අස්වැන්නක් උතුරු මුහුදු තීරයෙන් මේ දිනවල සාර්ථක මත්ස්‍ය අස්වැන්නක් ලැබෙමින් පවතින බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසති. 05 March 2018
ගාල්ල කොටුව සංචාරක කළාපයක් කිරීමට සැරසෙයි ගාල්ල කොටුව හා ගාලූ වරාය සම්බන්ධ කරගෙන සංචාරක කළාපයක් නිර්මාණය කිරීමට වරාය අමාත්‍යංශය පියවර ගෙන ඇත. 01 March 2018
රටට අහිතකර වෙළෙඳ ගිවිසුම් ගැසූ නිලධාරීන්ට නීතිමය පියවර රටට අහිතකර ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් මෙන්ම එයට සම්බන්ධ වූ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වෘත්තිකකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල පෙරේරා මහතා අද (28) කොළඹදී පැවසීය. 28 February 2018
2017 දී වරායෙන් වාර්තාගත ලාභයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉතිහාසයේ වැඩිම ලාභය වන රුපියල් බිලියන 13.2 ක ලාභයක් ඉකුත් වසරේ වාර්තා කර ඇතැයි වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවැසීය. 26 February 2018
රබර් මිල පහළ බසී රබර් මිල පහළ බැසීම නිසා කුඩා සහ මහා පරිමාන රබර් වතු හිමියන් මෙන්ම රබර් ක්ෂේත්රය ආශ්‍රිතව විවිධ රැකියාවල නියුතු පිරිස් දැඩි අසීරුතාවට පත්ව සිටිති. 18 February 2018
වෙළෙඳ ගිවිසුම්වලට එරෙහිව බලපෑම් කරන්නයි ඉල්ලීමක් ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යෝජිත ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාකච්ඡා පැවැත්වීම ඇතුළු සියලූ ක්‍රියාදාමයන් නවතා දැමීමට රජයට බල කිරීම පළාත් පාලන ආයතනවල පළමු කාර්යය ලෙස කරන්නැයි වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ අභිනවයෙන් පළාත් පාලන ආයතනවලට තේරී පත්වන සභිකයින්ගෙන් ඉල්ලීමක් කරයි. 16 February 2018
රුපියලේ අගය තවදුරටත් පහළ බසී රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව අද (14) දිනය අවසන් වනවිට රුපියලේ විකුණුම් අගය 156.74 ලෙස දැක්විණි. පළාත් පාලන මැතිවරණය නිසා ඇති වී තිබෙන අර්බුදකාරී දේශපාලන තත්ත්වය හේතුවෙන් රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණය වෙමින් තිබේ. 14 February 2018
දේශපාලන අර්බුදයෙන් කොටස් වෙළෙඳපොලේ මිල දර්ශක පහළට පළාත් පාලන මැතිවරණයෙන් පසු ඇති වී තිබෙන දේශපාලනමය අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ මිල දර්ශක පහත වැටී තිබේ. 13 February 2018
යාපනයේ අර්තාපල් දඹුල්ලේ දී ගණන් බහී යාපනය අර්ධද්වීපයේ වගා කෙරෙන අර්තාපල් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආවත් කිලෝව රුපියල් 50 කට හෝ අලෙවි නොවීම නිසා අසීරුතාවයට පත්ව සිටින බව යාපනයේ ගොවීහු පවසති. 08 February 2018
බෝග අපනයන ආදායම ඉහළ නැංවීමේ ඉලක්කයක් අපනයන කෘෂිකර්ම බෝග අපනයනයෙන් 2017 වනවිට ලැබුණ ආදායම 2020 වන විට සියයට සියයකින් ඉහළ නැංවීමේ ඉලක්කයක් තම දෙපාර්තමේන්තුවට ඇති බවත් එම ඉලක්කය සපුරා ගැනීම සඳහා දෙපාර්තමේන්තුවේ සියලු දෙනා කැපවීමෙන් කැඩ කරන බවත් අපනයන කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ . පී . හීන්කෙන්ද මහතා ප්‍රකාශ කළේය. 02 February 2018
2017 වසරේ අපනයන ආදායම ඩො.බි 15ක් - අගමැති මෙරට අපනයන ඉතිහාසයේ වැඩිම ආදායම 2017 වසරේදී වාර්ථා වූ බවත් එය ඩොලර් බිලියන 15ක් බවත් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (31) වව්නියාවේදී කියා සිටියේය. 31 January 2018
ආනයන අපනයන බලපත අන්තර්ජාලයෙන් දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු වල දී ලිපි ලේඛන අතර ප්රමුඛ වන ආනයන අපනයන බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ පහසුකම සැලසේ. 29 January 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026