ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්.) සමාගම පසුගියදා තායිලන්තයේදී පැවැත්වුණු ‘World Business Outlook Awards 2024’ හිදී ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. එහිදී ‘2024 වසරේ ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සමාගම’ සහ YOLO ව්‍යාපෘතිය වෙනුවෙන් ‘2024 වසරේ ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ව්‍යාපෘතිය’ යන සම්මාන හිමිකර ගැනීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමට හැකියාව ලැබිණි. මෙම ජයග්‍රහණ, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය උදෙසා මෙන්ම, ජාත්‍යන්තර තලයේ ව්‍යාපෘති ශ්‍රී ලාංකික දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයට හඳුන්වාදීමට Prime Lands සමාගම නිරතුරුව දක්වන කැපවීම අගය කිරීමකි.
‘‘ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් අංශයේ පුරෝගාමීන් ලෙස ප්‍රයිම් ලෑන්ඩ්ස් සෑම විටම සාම්ප්‍රදායික සීමා අභිබවා, පරිවර්තනීය ජීවන අත්දැකීම් නිර්මාණය කිරීම කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. හුදෙක් ඉදිකිරීම් වලින් නොනැවතී ඉන් ඔබ්බට යාම සඳහා අප ගත් ක්‍රමෝපායික තීරණයට මුල් වූයේ, අපගේ සුවිශේෂී පාරිභෝගිකයන්ගේ සිහින සැබෑ කරදීම සම්බන්ධයෙන් අප සතු වූ දූරදර්ශි දැක්මයි. අද වනවිට මෙම දැක්ම අපට අසීමිත වටිනාකම් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් කිරීමට මෙන්ම ක්ෂේත්‍රයේ සැබෑම පුරෝගාමියකු ලෙස ඉදිරියෙන්ම සිටීමට පන්නරය ලබා දී තිබෙනවා.” ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්.) සමාගමේ නිර්මාතෘ සහ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා පැවසීය.
දශක තුනක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් ලෙස තම පොරොන්දු එලෙසින්ම ඉටුකරමින්, පාරිභෝගිකයන් බලාපොරොත්තු වනවාටත් වඩා විශිෂ්ට සේවාවක් ලබාදෙමින් ඉදිරියෙන්ම සිටීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් සමත් වී ඇත. ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථාන සනිටුහන් කරන අතරම සුඛෝපභෝගී (Luxury) අධි-සුඛෝපභෝගී (Ultra Luxury) සහ ජීවන රටා (Lifestyle) නිවාස සම්ප්‍රදායන්ට නව අර්ථකථන ලබාදීමට සමාගම සමත් වී ඇත. වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ නවීන නිවාස නගර (Home Apartment Cities) ඉදිකරන මට්ටම දක්වා සමාගම දියුණු වී ඇති අතර, ඒ ඔස්සේ ඉදිරි පරම්පරාවලට සතුටින් හා ආදරණිය ලෙස ජීවත් විය හැකි සුන්දර නේවාසික වටපිටාවක් නිර්මාණය කරමින් සිටී.
මේ ආකාරයට නිවාස ඉදිකිරීම අතින් ඉහළම ප්‍රමිති පවත්වා ගන්නා අතරමඟ ගැනුම්කරුවන්ට එම නිවාස පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමටද ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම නිරන්තරයෙන් අවධානය යොමුකරයි. පොලී රහිත සියයට 1 ක මාසික වාරිකයක් සහිත පහසු ගෙවීමේ ක්‍රම ආදිය ඔස්සේ ප්‍රථම වරට නිවාස මිලදී ගන්නා ගැනුම්කරුවන්ට සහන සලසන අතරම ආයෝජකයන්ට ආකර්ෂණීය ප්‍රතිලාභ පිරිනැමීමටද සමාගමට හැකි වී තිබේ.
දේපළ වෙෙළඳාම් ක්ෂේත්‍රයේ දූරදර්ශී නායකයකු ලෙස ඇගයීමට ලක් වී ඇති ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම සෑමවිටම ගෝලීය ප්‍රමිති අනුගමනය කරන අතර ගුණාත්මකභාවය සහ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් ප්‍රශංසාවට බඳුන් වී ඇත. ‘World Business Outlook Awards’ හිදී සම්මාන දෙකකින් පිදුම් ලැබීම, මෙරට දේපළ වෙෙළඳාම් ක්ෂේත්‍රයේ කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකිරීමට සමාගම සමත් වී ඇති බවට මනා සාක්ෂියකි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමට ‘World Business Outlook Awards 2024’ සම්මාන ද්විත්වයක්