
(විමුක්ති එස් රුද්‍රිගු)
ලබන වසරේ මාර්තු මාසයේදී මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන අවසන් වූවායින් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරන ආකාරය පිළිබඳව තිබෙන විකල්ප සම්බන්ධයෙන් රජය සාකච්ඡා කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
තවත් අරමුදල් වැඩසටහනකට යනවද, නවත්වනවද, මොනවගේ වැඩසටහනකටද යන්නේ පිළිබඳව එහිදී රජය සාකච්ඡා කරමින් සිටින බව මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.
මෙම වසර අවසානවීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ හත්වැනි සමාලෝචනය සම්පූර්ණ කර එහි වාරිකය ලබා ගැනීමට හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
තාක්ෂණික සහ ප්‍රමාණාත්මක කරුණු කීපයක විශ්ලේෂණයන් තවමත් අවසන් වී නොමැති වීම කාර්යාල මණ්ඩල එකඟතාවයකට එළැඹීම ප්‍රමාදවීමට හේතුව බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙම වසරේ ආර්ථික වර්ධන වේගය පිළිබඳව තවමත් මහ බැංකුව පුරෝකතන කර නොමැති බවත් කෙසේ වෙතත් මෙම වසරේ දෙවැනි භාගයේදීද ශ්‍රී ලංකාව සියයට 4 ආර්ථික වර්ධන වේගයක් ළඟ කරගනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.
මෙරට උද්ධමනය ලබන වසරේ පළමු කාර්තුව තෙක් ඉලක්කගත මට්ටමට වඩා ඉහළ මට්ටමක තිබෙනු ඇති බවත් ඉන් පසුව ක්‍රමානුකූලව සියයට 5 සීමාවට උද්ධමනය පහළ එනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.
එසේම බලපත්‍රලාභී වාණිජ බැංකු පුද්ගලික අංශයට ලබාදී ඇති ණය ස්ථාවර වී තිබෙන බවත් එය පසුගිය කාලයේදී මෙරටට ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 1 කින් වැඩි කිරීමට මහ බැංකුව ගත් තීරණයේ ප්‍රතිඵලයක් බවත් ඔහු පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd