IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා’ සෙලින්කෝ ලයිෆ්

වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් 2024 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්‍ෂණ සමාගම’ ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගම ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙය සමාගම 11 වැනි වසරට නොකඩවා දිනාගත් සම්මානයකි.

මෙම ගෞරවනීය සම්මානය අඛණ්ඩව දිනාගත් ශ්‍රී ලංකාවේ එකම ජීවිත රක්ෂණ සමාගම සෙලින්කෝ ලයිෆ් සමාගම වේ. 2024 දී අනෙකුත් රටවල්වල හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස මෙම සම්මානය ජයග්‍රහණය කළේ ඇමරිකාවේ මාස්මයුචුවල්, කැනඩාවේ කැනඩා ලයිෆ්, ඕස්ට්‍රේලියාවේ TAL, ස්විස්ටලන්තයේ ස්විස් ලයිෆ්, ප්‍රංශයේ CNP අසුවරන්ස්, චීනයේ චයිනා ලයිෆ් ඉන්ෂුවරන්ස් සමූහය, ජපානයේ නිපොන් ලයිෆ් ඉන්ෂුවරන්ස්, ඉන්දියාවේ මැක්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් සහ බන්ග්ලාදේශයේ නැෂනල් ලයිෆ් ඉන්ෂුවරන්ස් යන සමාගම් විසිනි.

වර්ල්ඩ් ෆයිනෑන්ස් සම්මානය මගින් සෙලින්කෝ ලයිෆ් සමාගම, ගනුදෙනුකරුවන්ට සේවය කිරීම සඳහා සිය සමස්ත ක්‍රියාවලි කාර්යක්‍ෂමතාව සහ සබඳතා අඛණ්ඩව වැඩිදියුණු කිරීමට කැපවී සිටින සමාගමක් ලෙස ඇගයීමට ලක් කරයි.

මෙහි ජයග්‍රාහකයන් තෝරාගනු ලබන්නේ විවිධ පැතිකඩ දැඩිව තක්සේරුවට ලක් කිරීමෙනි. එහිදී ප්‍රතිරක්ෂණ ක්‍රියාවලි සහ ක්‍රියාවලි කාර්යක්ෂමතාව ඇතුලත් මෙහෙයුම් කාර්ය සාධනය, රක්ෂණ ඔප්පුව නඩත්තු කිරීම - ගනුදෙනුකරුවන්ගේ රක්ෂණ ඔප්පු සමාලෝචනය කිරීමේ ක්‍රියාවලිය, ආවරණයේ යෝග්‍යතාව සහ රක්ෂණ ඔප්පුවක් සඳහා පිරිවැය අවධානමට නිරාවරණය වීම පාරිභෝගිකයන් රඳවා ගැනීමේ අනුපාතය වන්දි ගෙවීමට ගතවන සාමාන්‍ය කාලය; නව ගනුදෙනුකරුවන් බඳවා ගැනීමේ අනුපාතය සහ මූල්‍ය ස්ථායීතාව - වාරික ආදායම, වෙළෙඳපොළ කොටස, ජීවිත අරමුදල සහ සමාගමේ ලාබය සැලකිල්ලට ගෙන තිබේ.

2022 සහ 2023 වසරවල ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය ^ICCSL& සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය ^CIMA& විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත. 



අදහස් (0)

‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා’ සෙලින්කෝ ලයිෆ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site