මේ දිනවල මල්වත්ත පාරේ පාවහන් සහ බෑග් වෙළෙඳාමේ තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය ගමනේ දී පාවහන් සහ බෑග් අලෙවිකරුවකුවන ලෙස්ලි නානායක්කාර මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
Q: මේ දිනවල බිස්නස් කොහොමද?
පසුගිය වසරටවලට සාපේක්ෂව මේ වසරේ වෙළෙඳාම සියයට 50කින් පමණ පහත වැටී තියෙනවා. උත්වස සමය, නව පාසල් ආරම්භක සමය වුණත් පාරිභෝගිකයන්ගේ පැමිණීමේ අඩුවක් තියෙනවා. වෙනදා උත්සව සමයත් එක්ක මේ කාලය වෙද්දී මීට වඩා බිස්නස් එකක් තිබුණා. කඩවල හැරෙන්න බැරි තරම් සෙනඟකුත් හිටියා. ඒත් මේ පාර කියන්න තරම් වෙළෙඳාමක් නෑ. දැන් ජනතාව එහෙමකට අමතර දේවල්වලට මුදල් වියදම් කරන්න යන්නේ නැහැ. බිස්නස් අඩුවීමට ඒ කාරණය දැඩිව බලපානවා. අත්‍යවශ්‍යම වෙලාවක මුදල් වියදම් කරනවා හැරෙන්න වියදම් කරන්නේ නැහැ.
Q: බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
උත්සව සමය ක්‍රියාත්මක වීමත් එක්ක වෙළෙඳපොළට භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගෙනවිත් තියෙන්නේ. වෙළෙඳ ආයතනවල භාණ්ඩවල හිඟයක් නෑ. ගිය වසරට සාපේක්ෂව පාවහන් සහ බෑග්වල මිල ගණන් වල යම් අඩුවීමක් සිදුවෙලා තියෙනවා. එහෙත් ඒවා මිලදී ගන්න පාරිභෝගිකයන්ගේ පැමිණීමේ අඩුවක් තියෙනවා. මේ වෙද්දී පාරිභෝගිකයෝ භාණ්ඩයේ ගුණාත්මකභාවයට වඩා අඩු මුදලකට ඒ කියන්නේ අතේ ඇති මුදලට භාණ්ඩ මිලදී ගන්න යොමුවීමත් අතුරු වීදිවලින්, වෙනත් වෙළෙඳ නගරවලින් අඩු මුදලට භාණ්ඩ මිලදී ගැනීමට හැකිවීම නිසා මල්වත්ත වීදියේ වෙළෙඳසැල්වල බිස්නස් අඩුවෙලා තියෙන්නේ. පාරිභෝගිකයන්ගේ ආර්ථික අපහසුවත් එක්ක පාරිභෝගිකයාට භාණ්ඩ මිලදී ගැනීමට තිබෙන හැකියාවක් නොමැතිවීම මේ වසරේ බිස්නස් අඩුවීමට හේතුවෙලා තියෙන්නේ.
මනීෂා වීරසිංහ
ඡායාරූප ඉසුරු පෙරේරා
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බිස්නස් සියයට පනහකින් වැටිලා