ඕස්ට්‍රේලියාවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව 30 ක්
ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්ව 30 ක් පිරිනැමීමට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය පියවර ගෙන තිබේ. ශිෂ්‍යත්ව හිමි කරගත් සිසුන් රාජ්‍ය ප්‍රතිපත්ති, ජාත්‍යන්තර වෙළෙඳාම හා සංවර්ධනය, මානව සම්පත් කළමනාකරණය, ඉංජිනේරු කළමනාකරණය, සායනික මනෝවිද්‍යාව හා ජාත්‍යන්තර ව්‍යාපාර යන විෂය ක්ෂේත්රයන්හි අධ්‍යාපනයේ නිරත වීමට නියමිතය.