IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අධික තීරු බදුවලට ටයිල් ආනයනකරුවන්ගේ විරෝධය

‘කොවිඩ් 19’ වසංගතයෙන් සහ ආර්ථික අර්බුදයෙන් බැට කෑ ශ්‍රී ලංකාවේ ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්, මේ වනවිට, දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමේ මුවාවෙන් ඊටත් වඩා දරුණු ලෙස අධික ආනයන බදු සමඟ පොරබදමින් සිටින බව පැවැසෙයි.

පාර්ශවකරුවන් අනතුරු අඟවන්නේ මෙය ව්‍යාපාරවලට සහ පාරිභෝගිකයන්ට ව්‍යසනයක් වීමට ඉඩ ඇති බවය. නවතම යෝජනාවට ඇතුළත් වන්නේ, පවතින බදුවලට අමතරව, පාරිභෝගික මිල දරාගත නොහැකි මට්ටමට තල්ලු‍ කරමින්, ‘ඩම්පිං’ විරෝධී තීරු බදු හඳුන්වා දීමය.

ශ්‍රී ලංකා රේගුවට අනුව, ආනයනය සඳහා වන ඵලදායී බදු අනුපාතිකය සත්‍ය වටිනාකමෙන් සියයට 133 ක් දක්වා ඉහළ යා හැකි අතර, නාන කාමර උපකරණ, ටයිල් සහ බිත්ති ටයිල් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉතා මිල අධික වනු ඇත.

මෙම ක්‍රියාමාර්ග දේශීය කර්මාන්ත ආරක්ෂා කරන බව රජය පැවැසුවත්, ​මෙයින් දැවැන්ත ලාබයක් ලබා ගත් ප්‍රමුඛ දේශීය නිෂ්පාදකයන් දෙදෙනකු පමණක් බව පැවසෙයි.

 ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවන්නේ මෙම ප්‍රතිපත්ති තරඟකාරීත්වය මැඩලීම, විවිධත්වය අඩු කිරීම සහ සැපයුම් දාම ගැටලු‍ උග්‍ර කරනු ඇති බවය. 

රේගු දත්ත අනාවරණය කරන්නේ දේශීය නිෂ්පාදකයන් වෙළෙඳපොළේ ආධිපත්‍යය දරන අතර (ටයිල් වලින් සියයට 45 ක් නිෂ්පාදනය කරන) ඉතිරි සියයට 55 ආනයනය කළ යුතු බවය. මාසිකව ටයිල් 20,000 ක් පමණ ආනයනය කරන සනීපාරක්ෂක භාණ්ඩ වෙළෙඳපොළට ඒ හා සමානව CIF (පිරිවැය, රක්ෂණය, භාණ්ඩ ප්‍රවාහනය) වටිනාකමින් සියයට 113 ක සාමාන්‍ය බදුවලට යටත් වෙයි.

මෙම අභියෝග මධ්‍යයේ වුවද, ආනයනකරුවන් ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයන අතර, බෙදාහරින්නන් 2,000 කට අධික සංඛ්‍යාවක් සහ සෘජු හා වක්‍ර රැකියා 100,000 කට ආසන්න සංඛ්‍යාවකට ළං වෙයි.



අදහස් (0)

අධික තීරු බදුවලට ටයිල් ආනයනකරුවන්ගේ විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site