IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඉතාලි ‘බෙන්ජි’ සමාගමෙන් ඩො.මි. 35 ක ආයෝජනයක්

 

  • සියයට 35ක නිෂ්පාදන වර්ධන අපේක්ෂාවක්
  • ඩොලර් පිටරටට යාම වළක්වන පියවරක්

යොහාන් භාසුර


ඇඟලු‍ම් කර්මාන්තයේ නියැලෙන ඉතාලි සමාගමක් වන ‘බෙන්ජි’ සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඩොලර් මිලියන 35 ක ව්‍යාපාර පුළුල් කිරීමේ ගිවිසුමක් පසුගියදා අත්සන් කළේය. 

එම සමාගමේ මව් සමාගම වන ඔනිවර්ස්, දේශීය ව්‍යාපාරික පරිසර පද්ධතිය පිළිබඳ පුළුල් අවබෝධය සහ රට තුළ ව්‍යාපාර සාමාන්‍යකරණය කිරීම පිළිබඳ විශ්වාසය අලු‍ත් කරගනිමින් ශ්‍රී ලංකාව තුළ වැඩි ආයෝජනයක් කිරීමට තීරණය කර තිබේ.

මෙම නව ප්‍රාග්ධන එකතු කිරීම සමඟ වැඩි ධාරිතාවක් සහ වැඩිදියුණු කළ ගුණාත්මකභාවයක් සහිත නව තාක්ෂණය මත පදනම් වූ යන්ත්‍ර නිෂ්පාදනය සඳහා එක්කිරීමට කටයුතු කරයි. ඒත් සමඟම ‘බෙන්ජි’ සමාගම නිෂ්පාදනයේ සියයට 35 ක වර්ධනයක් බලාපොරොත්තු වෙයි.

බෙන්ජි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ ජෝර්ජියෝ ටොන්ට්‍රයෝර් මහතා පැවසුවේ නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී ශ්‍රී ලංකාවේ මානව සම්පත් වඩාත් වැදගත්කම සාධකය බවයි.  ලොව වඩාත් ප්‍රචලිත සමාගමක් වන ‘ඔනිවර්ස්’ සමූහයේ සියලු‍ම සමාගම්වල වර්තමානය වන විට පුද්ගලයෝ 15,000 ක් පමණ සේවය කරති. වර්තමානය වන විට බෙන්ජි සමාගම ‘බ්‍රා කප්’ මිලියන 30 ක් නිෂ්පාදනය කරන අතර චීනයෙන් බ්‍රා කප් ආනයනය බිංදුව දක්වා අඩු කරමින් බෙන්ජි සමාගමෙන් ‘බ්‍රා කප්’ ඇණවුම් කිරීමට ලොව පුරා ඉල්ලු‍ම්කරුවන් එම සමාගම වටා රොක්වෙමින් සිටී.

ඒ හේතුවෙන් මෙම ආයෝජනය විදේශ විනිමය ගලා ඒම වැඩි කරනවා පමණක් නොව ඩොලර් රටින් පිට වීම ද අඩු වන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළේය.



අදහස් (0)

ඉතාලි ‘බෙන්ජි’ සමාගමෙන් ඩො.මි. 35 ක ආයෝජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site