භානුක අමරසිංහ
සිලෝන් හොටෙල් කෝපරේෂන් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස දිනේෂ් වීරක්කොඩි මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව, ජනවාරි 21 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ නව ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර තිබේ.
ඒ මහතා මේ වන විට මෙරට ප්‍රමුඛතම බලපත්‍රලාභි වාණිජ බැංකුවක් වන යුනියන් බැංකුවෙහි සභාපතිවරයා ලෙසින් ද කටයුතු කරයි.
දිනේෂ් වීරක්කොඩි මහතා පැවැති රජය යටතේ ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපතිවරයා ලෙස මෙන්ම කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපතිවරයා ද විය.
එසේම, වීරක්කොඩි මහතා මීට පෙර මෙරට ප්‍රධානතම වාණිජ බැංකු දෙකක් වන හැටන් නැෂනල් බැංකුවේ සහ කොමර්ෂල් බැංකුවේ සභාපතිවරයා ලෙසින් ද කටයුතු කර ඇත. මීට අමතරව ඔහු DFCC බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කර තිබේ.
ඒ මහතා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ආසන්නතම හිටපු සභාපතිවරයා ද වෙයි. එසේම, ඔහු ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා මෙන්ම සමාගම් තවත් කිහිපයකම අධ්‍යක්ෂ ධුර ද දරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දිනේෂ් වීරක්කොඩි සිලෝන් හොටෙල් කෝපරේෂන් අධ්‍යක්ෂ මණ්ඩලයට