IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


විදේශ ගනුදෙනුවල දී රුපියල් මිලියන දෙසිය තිස් තුනක ශුද්ධ අවාසියක්

ඉකුත් සිකුරාදා කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවල දී විදේශ විකිණීම් බහුලව වාර්තා විය. කොළඹ කොටස් වෙළෙඳපොළ නිල වාර්තා දක්වන පරිදි (24) දිනය අවසන් වන විට විදේශ ආයෝජකයන් රුපියල් මිලියන 637.5ක කොටස් මිල දී ගැනීම් වාර්තාකර තිබුණ අතර, රු. මිලියන 871.0ක කොටස් විකිණීමට පෙළැඹී සිටි බව දැක්වේ. බ්‍රහස්පතින්දා හා සිකුරාදා දින දෙක තුළ පමණක් විදේශිකයන් විකුණන ලද කොටස් ප්‍රමාණය ශුද්ධ අවාසියක් වශයෙන් රුපියල් මිලියන 799.1 ක් බව දැක්වේ.

මෙදින (24) දිනය පුරා කොටස් විකිණීමේ ප්‍රවණතාවක් වාර්තා වූ අතර, එයට කලින් දින කිහිපය තුළ මිල දී ගත් පිරිස් සුළු ලාභ තකා කොටස් විකිණීමට වෑයම් කිරීම තුළ මෙම ස්වභාවය පැවැති බව සඳහන් කළ හැකිය. සියලු කොටස් මිල දර්ශකය 16,917.86ක් වශයෙන් වූ අතර, එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 108.13ක පහත වැටීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,120.12ක් වශයෙන් අවසන් වූ අතර, එය දර්ශක 63.84 ක පහළ යාමක් සේ දැක්විය හැකිය. 

දිනයේ පිරිවැටුම රු. බිලියන 7.44 වූ අතර, දිනය අවසානයේදී ගනුදෙනු 34,928ක් සිදුවී තිබේ. මෙයින් ගනුදෙනු 792 ක් විදේශික බව දැක්වේ. ලැයිස්තුගත සමාගම් 98ක් කොටස් මිල ඉහළ ගියේය. සමාගම් 141ක කොටස් මිල පහත වැටිණි. 

ග්‍රේන් එලිවේටර්ස් කොටසක මිල රු.83.30 දක්වා සියයට 15.43 කින් කොටස් මිල ඉහළ ගිය අතර, එය ප්‍රතිශතයක් වශයෙන් කොටස් මිල වැඩි වූ සමාගම් ලැයිස්තුවේ ඉහළටම කැඳවන්නට හේතුවිය. ප්‍රතිශතයක් වශයෙන් මිල ඉහළ ගිය සමාගම් අතර, එස්.ඊ.එම්.බී 0.80 ක් දක්වා සියයට 14.29 කින්, ටීස් ඇග්‍රෝ 0.70 දක්වා 12.5 කින්, සිලෝන් ගාර්ඩිනර් රැ.184.00 දක්වා සියයට 10.39 කින් සහ ටීස් ඇග්‍රෝ එන් රු. 1.20 තෙක් සියයට 8.55 කින් මිල ඉහළ ගියේය. එස්.ඊ.එම්.බී එක්ස් 0.20 ක් දක්වා සියයට 33.33කින්, කොනයිසන් රු. 32.40 දක්වා සියයට 10.0 කින්, ෂෝ වොලර්ස් 87.00 දක්වා සියයට 4.60 කින් සහ රයිගම් රු. 86.00 තෙක් සියයට 4.5 කින් ප්‍රධාන වශයෙන් කොටස් මිල පහත වැටිණ.

වටවල වැවිලි සමාගම කොටස් බෙදීමක් අනුමත කර ඇත. ලබන පෙබරවාරි 28 වැනිදා ගනුදෙනු නතර කරන අතර, මාර්තු 03 වැනි දා කොටස් බෙදීමෙන් පසු නැවත ගනුදෙනු සඳහා විවෘතකරන බව නිවේදනය වී තිබේ. ඉකුත් සිකුරාදා වටවල කොටසක මිල රු. 148.50 දක්වා රු.2.50 කින් මිල ඉහළ ගිය අතර ගනුදෙනු අනූ තුනක් වාර්තා විය. වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් සෑහෙන ප්‍රමාණයක වටිනාකම් සාමාන්‍ය ජනතාවට මිල දී ගැනීමට අසීරු තරමට මිල ඉහළ ගොස් ඇති අතර ඉදිරියේ දී තවත් සමාගම් කිහිපයක් කොටස් වෙන් කර හිමිකාරීත්වය පුළුල් කරන තීරණ ගන්නට ඉඩ ඇති බව වාර්තා වේ. 

අද දිනයේ දී ගනුදෙනු තව දුරටත් සක්‍රීය විය හැකි අතර, කොටස් මිලදී ගැනීමේ ප්‍රවණතාවක් ඇති විය හැකි බව පෙනේ. වසර පසුගිය වසර අවසානයේ දී සමාගම් ලාභාංශ ප්‍රකාශයට පත්වන අතර, එහි වාසි ලබාගැනීම සඳහා ආයෝජකයන් උනන්දු විය හැකි බව පෙනේ. මෙරට බැංකුවල ශ්‍රේණිගත කිරීම උසස් කර ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම සතිය තුළ බැංකු හා මුල්‍ය අංශයේ කොටස්වල ද ඉල්ලුමක් ඇති විය හැකිය. 

නිරීක්ෂක



අදහස් (0)

විදේශ ගනුදෙනුවල දී රුපියල් මිලියන දෙසිය තිස් තුනක ශුද්ධ අවාසියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site