IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉස්සරට වඩා දැන් බිස්නස් අඩුයි


හාල් හිඟය ආපු එක අපේ වෙළෙඳාම අඩු වෙන්න ගොඩක් බලපෑවා. විකුණන්න හාල් තිබ්බෙත් නෑ අවශ්‍ය තරමට. ඒ නිසා හාල් මිල ගොඩක් ඉහළ ගියා. මිල වැඩිවුණ නිසා රජයෙන් පාලන මිලක් දැම්මා. පාලන මිල නිසා වෙළෙන්දෝ තමයි ගොඩක්ම අපහසුතාවට පත් වුණේ.

පස්වැනි හරස් වීදියේ තොග වෙළෙද ව්‍යාපාරික 
කවිනීෂ් කුමාර්

 

 

 

 


ඕලන්ද යුගයේ දී ‘අවුද් ස්ටාද්’ යනුවෙන් හැඳින්වූ පෙදෙස බ්‍රිතාන්‍ය යුගයේ දී Pettah නමින් හැඳින්විණි. මෙම Pettah හෙවත් පිටකොටුව කොළඹ නගරයේ කාර්යබහුලම තැන බව අමුතුවෙන් කිවයුතු නැත. පිටකොටුව වෙළෙඳ නගරයට දහවල් කාලයේ පිවිසෙන ඔබ එහි ඇවිදයාමට සිදු වන්නේ දැඩි අපහසුවකිනි. එයට හේතුවන්නේ වීදී පුරා පිරී ඉතිරී යන සෙනග හේතුවෙනි. පිටකොටුව වෙළෙඳපොළ එළිමහන් කඩසාප්පු සහ වෙළෙදපොළ මාලාවකි. එය තොග සහ සිල්ලර වෙළෙඳසැල්, ගොඩනැගිලි, වාණිජ ආයතන සහ අනෙකුත් සංවිධාන විශාල ප්‍රමාණයක් පිහිටා ඇති ශ්‍රී ලංකාවේ කාර්යබහුලම වාණිජ ප්‍රදේශයයි. එම කාර්බහුල වීදී අතරින් පස්වැනි හරස් වීදියේ කවිනීෂ් කුමාර් මහතාගේ තොග සහල් වෙළෙඳසල වෙත අපි ගියෙමු.

Q: මේ දිනවල බිස්නස් කොහොමද?

අපි තොග හාල් වෙළෙන්දෝ. මේ දවස්වල නම් වෙළෙඳාම ටිකක් අඩුයි. සිල්ලර වෙළෙන්දෝ සහල් තොග මිලදී ගත්තට ඉස්සර තරම් විශාල තොග ගන්නේ නෑ. ගිය අවුරුද්දේ වෙළෙඳාම සාමාන්‍ය අනිත් වසර වලට වඩා අඩු වුණා. උත්සව සමය ආවත් වෙළෙමේ වැඩියක් වුණේ නෑ. හාල් ප්‍රශ්න ගොඩක් වුණාණේ පහුගිය කාලේ. හාල් හිඟය, හාල් මිල වැඩි වීම වගේ ප්‍රශ්න අපේ රටට අලු‍ත් දෙයක්නම් නෙමෙයි. හැම අවුරුද්දකම වගේ මොකක් හරි හාල් ප්‍රශ්නයක් එනවනේ. ඒවායෙන් පාරිභෝගිකයන් වගේම අපිත් පීඩාවට පත් වෙනවා. 

Q:බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?

හාල් හිඟය ආපු එක අපේ වෙළෙඳාම අඩු වෙන්න ගොඩක් බලපෑවා. විකුණන්න හාල් තිබ්බෙත් නෑ අවශ්‍ය තරමට. ඒ නිසා හාල් මිල ගොඩක් ඉහළ ගියා. මිල වැඩිවුණ නිසා රජයෙන් පාලන මිලක් දැම්මා. පාලන මිල නිසා වෙළෙන්දෝ තමයි ගොඩක්ම අපහසුතාවට පත් වුණේ. රජයේ පාලන මිලට අපිට හාල් දෙන්නෙත් බෑ. ළඟ තියාගන්නත් බෑ වගේ ප්‍රශ්න ආවා. හාල් ආනයනය කරන්න ගත්තාම නම් හාල් ගැටලු‍ව ගොඩක් දුරට විසදුනා. ඒත් තාමත් හාල් මිලේ අඩුවක් නම් නෑ. අනික ගොඩක් අය ඉල්ලන්නේ කැකුලු‍ හාල්. තාමත් කැකුලු‍ හාල් හිගයක් තියනවා. අනිත් හාල් වර්ග වලනම් අඩුවක් නෑ. 


ශෂිකා අබේරත්න


ඡායාරූපය - ඉසුරු පෙරේරා



අදහස් (0)

ඉස්සරට වඩා දැන් බිස්නස් අඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site