විමුක්ති එස් රුද්‍රිගු
පුනරීන් සහ මන්නාරම සුළං බලාගාර පිළිබඳව අදානි සමූහ ව්‍යාපාරය සමග ශ්‍රී ලංකාව එළැඹ ඇති ගිවිසුම අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන නොමැති බව ඒ පිළිබඳ මතුව ඇති මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
අදාළ ව්‍යාපෘතියෙන් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තුව සම්බන්ධයෙන් පමණක් නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසුවේය.
අදානි සමූහ ව්‍යාපාරයේ විධායක නිලධාරීන් බල සැපයුම් කොන්ත්‍රාත්තු ලබා ගැනීම සඳහා පගාව ලබාදුන් බවට ඇමෙරිකාව එල්ල කරන චෝදනා පිළිබඳ විමර්ශන ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකාව අදානි ග්‍රීන් සමාගමට ලබාදී තිබූ ඩොලර් මිලියන 400 ක් වටිනා ව්‍යපෘතිය අවලංගු කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ විය. එලෙස මාධ්‍ය වාර්තා පළවීමත් සමග අදානි ග්‍රීන් සමාගමේ කොටස් අගයද පසුගිය 24 වැනිදා පහළ ගියේය.
එලෙස කොටස් මිල පහළ යාමත් සමග අදානි සමුහ ව්‍යපාරය ප්‍රකාශයක් නිකුත් කළ අතර එහි සඳහන්ව තිබුණේ ශ්‍රී ලංකාවේ උතුරු මන්නාරම සහ පුනරීන් දිස්ත්‍රික්කවල අදානි සමූහයේ මෙගාවොට් 484 (MW) සුළං බල ව්‍යාපෘති අවලංගු කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය සහ නොමඟ යවන සුළු ඒවා බවය. ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇත්තේ පසුගිය වසරේ මැයි මාසයේ එළැඹි ගිවිසුම ගාස්තු පිළිබඳ නැවත සමාලෝචනයක් කිරීමට බවත් එය ගිවිසුම අවලංගු කිරීමක් නොවන බවත් එහි දැක්විණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පුනරීන් මන්නාරම සුළං බලාගාර ගිවිසුම් අවලංගු කිරීමට තීරණයක් ගෙන නෑ