IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


People’s Excellency සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටම නැගී එන අධ්‍යාපන ආයතනය IIBM

මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් වන IIBM Campus, People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නැගී එන අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. මෙම ජයග්‍රහණයෙන් එම ආයතනයේ ශීඝ්‍ර වර්ධනය, ගුණාත්මක අධ්‍යාපනය සහ නව්‍යකරණය සඳහා වන කැපවීම පිළිබිඹු වන බව එම ආයතනය කියයි.

IIBM Campus සමග සම්බන්ධ වී එක්සත් රාජධානිය ඇතුළු යුරෝපා සහ ආසියානු රටවල් රැසක කීර්තිමත් විශ්වවිද්‍යාල පිරිනමන ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඩිප්ලෝමා සහ උපාධි ලැබීමට සිසුන්ට අවස්ථාව ඇත. එම අධ්‍යාපන සුදුසුකම් සපුරන සිසුන්ට දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් රැකියා වෙළෙඳපොළේ ඇත්තේ ඉහළ ඉල්ලු‍මකි.

විදේශීය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අපේක්ෂා කරන සිසුන්ටද IIBM Campus වෙතින් සේවා ලැබිය හැකිය. සිසුන්ට රටවල් 23ක් අතරින් කැමැති රටක් තෝරා ගැනීමට අවස්ථාව ලැබේ. අධ්‍යාපනය ලැබීමට සුදුසු රටක් තෝරා ගැනීම, සුදුසු අධ්‍යාපන වැඩසටහනක් තෝරා ගැනීම, අයැදුම් ක්‍රියාවලිය සහ ශිෂ්‍ය වීසා ගැනීම වැනි සියලු‍ කටයුතුවලට අදාළ මාර්ගෝපදේශනය එම ආයතනයෙන් ගත හැකිය.

“නිරන්තරයෙන් වෙනස් වන ගෝලීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉලක්ක ජය ගැනීමට සිසුන්ට නිසි මග පෙන්වීමක් අවශ්‍යයි. අප සපයන උසස් තත්වයේ ගුණාත්මක සේවාව නිසා කෙටි කාලයකින් විශාල සිසු පිරිසක් IIBM Campus සමග සම්බන්ධ වුණා. People’s Excellency සම්මානයෙන් පිදුම් ලැබීම අපට විශාල ගෞරවයක්.” IIBM Campus ප්‍රකාශකයෙක් පැවැසීය. 

 



අදහස් (0)

People’s Excellency සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටම නැගී එන අධ්‍යාපන ආයතනය IIBM

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site