IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


NDB බැංකුව TradeLinc ඇරැඹීමෙන් සැපයුම්දාම මූල්‍යයේ වෙනසක්

  • ඩිජිටල් පරිවර්තනයට ගැළපෙන විසඳුම්
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වර්ධනයට මුලුතැන

ඩිජිටල් බැංකුකරණ නවෝත්පාදනයේ ප‍්‍රමුඛයකු ලෙස සිය ස්ථාවරය යළිත් තහවුරු කරමින්, සැපයුම්දාම මූල්‍යකරණය (Supply Chain Finance) සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට දේශීයව නිර්මාණය කරන ලද පද්ධතියක් වන TradeLinc හඳුන්වා දීමට NDB බැංකුව පසුගියදා කටයුතු කළේය. 

රට තුළ ක්‍රියාත්මක ඩිජිටල් පරිවර්තනයට සමගාමීව සහ ශ‍්‍රී ලාංකීය ව්‍යාපාර සහ ඔවුන්ගේ හවුල්කරුවන් සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය ගැළපෙන විසඳුම් ලබා දීම සඳහාම නිර්මාණය කර ඇති TradeLinc පද්ධතිය NDB බැංකුවේ මූල්‍ය තාක්ෂණයේ නව මිණුම් දණ්ඩක් නිර්මාණය කරයි.
NDB කාර්ය මණ්ඩලය විසින් නිර්මාණය කරන ලද TradeLinc, ශ‍්‍රී ලංකාවේ අද්වතීය වෙළෙදපොළ ගතිකත්වයන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් සහිතව නිර්මාණය කර ඇත. අන්තර්ජාතික පද්ධති මෙන් නොව TradeLinc සැපයුම් දාම මූල්‍යකරණයේ පිරිවැය කාර්යක්ෂමතාව සහ නම්‍යශීලි විසඳුම් ලබා දෙමින්, ශ‍්‍රී ලාංකීය ව්‍යාපාර මුහුණ දෙන සුවිශේෂ අභියෝග ජය ගැනීම සඳහා ද අවශ්‍ය පහසුකම් ලබා දේ. සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරන ලද, 24/7 පුරා පහසුකම් සලසන මෙම පද්ධතිය ව්‍යාපාරවලට ක්ෂණික අරමුදල් සඳහා අසමසම ප‍්‍රවේශයක් ලබා දෙමින් ව්‍යාපාරවල ඇතිවන මූල්‍ය අභියෝග සඳහා විශ්වාසයකින් සහ කඩිසරව මුහුණ දීමට ඔවුන් සවිබල ගන්වයි.
සැපයුම් දාම මූල්‍යකරණය සඳහා නිර්මාණය වූ මෙම නවෝත්පාදන ප‍්‍රවේශය ජාතික වශයෙන් පිළිගැනීමකට ලක් වෙමින් තාක්ෂණික ක්ෂේත්‍රයේ කීර්තිමත් සම්මාන උළෙලක් වන National Best Quality Software Awards (NBQSA) හිදී සම්මානයටද පාත‍්‍ර විය. ගෝලීය තරගකාරීත්වය පවත්වාගෙන යමින් දේශීය අවශ්‍යතා සපුරාලන අන්තර්ජාතික මට්ටමේ විසඳුම් ලබා දීමෙහි NDB බැංකුවේ ඇති කැපවීම මෙම සම්මානය මඟින් තහවුරු කෙරේ.
සැපයුම් දාම දෘශ්‍යතාව වැඩිදියුණු කිරීම සහ සැපයුම්කරුවන්, බෙදාහරින්නන් සහ ආයතනික හවුල්කරුවන් අතර සහයෝගීතාව වර්ධනය කරමින් TradeLinc ව්‍යාපාර සඳහා පරිවර්තනීය අත්දැකීමක් ලබා දේ. එහි තත්‍යකාලීන අවබෝධය විනිවිදභාවය සහ විශ්වාසය සහතික කරන අතර මෙම පද්ධතිය ද්‍රවශීලිතාව කෙරෙහි අවදානය යොමු කිරීමෙන් සමාගම්වලට ප‍්‍රමාදයකින් තොරව සංවර්ධන අවස්ථා අත්කර ගැනීමට අවශ්‍ය කාර්ය ප්‍රාග්ධනය ඇති බවටද සහතික කරයි.
ආයතනික හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීම ශක්තිමත් කිරීමේ NDB බැංකුවේ පුළුල් දැක්ම ද TradeLinc මඟින් විදහා පායි. 

 



අදහස් (0)

NDB බැංකුව TradeLinc ඇරැඹීමෙන් සැපයුම්දාම මූල්‍යයේ වෙනසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site