
“LMD-PEPPERCUBE ව්‍යාපාර විශ්වසනීය දර්ශකයේ (BCI) ඉහළ යාමක් පෙන්නුම් කළත්, ආයතනික කවයන් තුළ ආර්ථිකය පිළිබඳ විශ්වාසය තවමත් අඩු මට්ටමක පවතින අතර, ඉන් 2025 අයවැයට පෙර පරෙස්සම් සහගත හැඟීමක් යෝජනා කරන බව ප්‍රමුඛ ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාවේ ජනවාරි මාසයේ නවතම සංස්කරණය වාර්තා කරයි.
“ජනාධිපතිවරණයෙන් පසු ආර්ථික හැඟීම් ශක්තිමත් වී ඇති ආකාරයයෙන් පෙනී යන පරිදි, අලුතින් තේරී පත් වූ රජයට ආයතනික ප්‍රජාව අතර හොඳ පිළිගැනීමක් ලැබී තිබෙනවා” යැයි PepperCube Consultants පවසයි. “දෙසැම්බර් පළමු සතිය තුළ, BCI සමීක්ෂණයට සහභාගිවූවන්ගෙන් සියයට 41ක් ඉදිරි මාස 12 තුළ ආර්ථිකය ‘දියුණු’ වන බවට විශ්වාසය පළ කළ අතර, එම මට්ටමේ පවතින්නේ අඛණ්ඩව තුන් වැනි මාසයටයි” යැයි LMD සඟරාව පවසයි.
“සැප්තැම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණයට පෙර ආර්ථිකය දෙස සුබවාදීව බැලුවේ සියයට 8ක පමණ පිරිසක් බව සැලකිය යුතු කාරණයක්. මේ අතර, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් අඩකට වඩා (සියයට 57) ආර්ථිකය ‘එසේම පවතිනු ඇතැයි’ විශ්වාස කරන අතර, එය සියයට 1ක වැඩි වීමක් සටහන් කරනවා” යැයි එම සඟරාව තවදුරටත් පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන LMD සඟරාවේ ප්‍රකාශකයකු පවසන්නේ, “විකුණුම්කරුවන් අතර මනෝභාවයේ වෙනසක් සිදු වී තිබෙනවා. PepperCube Consultants විසින් දෙසැම්බර් මාසයේදී කතා කළ විධායක නිලධාරින්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් මෙම වසරේ විකුණුම්වල දියුණුවක් අපේක්ෂා කරන බව පවසා තියෙනවා” යනුවෙනි.
මෙය, පෙර මාසයේ ධනාත්මකභාවයට වඩා සියයට 7ක වැඩි වීමක් බව ද ඔහු පෙන්වා දෙයි.
LMD සඟරාව ප්‍රකාශයට පත් කරන මීඩියා සර්විසස් ආයතනය පවසන්නේ, සඟරාවේ ජනවාරි සංස්කරණය නිකුත් කර ඇති බවත්, එහි ඩිජිටල් සංස්කරණය WhatsApp සහ ප්‍රකාශකයාගේ සමාජ මාධ්‍ය වේදිකාවලට නිකුත් කර ඇති බවත්ය.
සඟරාවේ මෙවර කවරයේ කථාව වෙන්වී ඇත්තේ LMD සඟරාවේ 2024 වසරේ “වසරේ ශ්‍රී ලාංකිකයා” බවට පත්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වෙනුවෙනි. එහි සම්පූර්ණ කතාව LMD සඟරාවේ නිල වෙබ් අඩවියට නිකුත් කර ඇත.
2025 දෙසැම්බර් මස 04
794
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනතාව ආර්ථිකය පිළිබඳව සුපරීක්ෂාවෙන් සමීක්ෂණයකින් හෙළිවෙයි