IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


2024 දී අලු‍තින් විවෘත කළ CDS ගිණුම් සංඛ්‍යාව 19,000 ඉක්මවයි

  • දෙසැම්බර් මාසයේදී පමණක් අලුතින් CDS ගිණුම් 3,101ක් විවෘත කරලා 
  • 2021 දෙසැම්බර් 31 වන විට CDS ගිණුම් සතු සුරැකුම්පත්වල වටිනාකම රු. බිලියන 5,585 ක්. 

භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම්වල කොටස් ගනුදෙනු කිරීම සඳහා ආයෝජකයකු විසින් ආරම්භ කළ යුතු මධ්‍යම තැන්පතු ක්‍රමයේ ගිණුම් හෙවත් CDS ගිණුම්හි කැපී පෙනෙන වර්ධනයක් පවතින බව වාර්තා වෙයි. 
මෙම CDS ගිණුම් කළමනාකරණය කරන Central Depository Systems (පෞද්) සමාගම මගින් 2024 වසරේ දෙසැම්බර් මාසය සඳහා නිකුත් කළ CDS Infoline වාර්තාවේ මේ බව සඳහන්ව තිබේ. 
ඒ අනුව 2024 වසර තුළදී අලු‍තින් විවෘත කෙරුණු මෙම CDS ගිණුම් සංඛ්‍යාව 19,019ක් ලෙස සටහන්ව තිබේ. 2023 වසරේදී විවෘත කෙරුණු CDS ගිණුම් සංඛ්‍යාව 15,697 කි. ඒ අනුව මෙය පෙර වසර හා සැසඳීමේදී නව ගිණුම් විවෘත කිරීම් 3,322 ක ඉහළ යාමකි. 
විශේෂයෙන්ම 2024 දෙසැම්බර් මාසය තුළදී පමණක් අලු‍තින් විවෘත කෙරුණු CDS ගිණුම් 3,101 මෙම ඉහළ යාමට හේතුව වී තිබේ. පසුගිය වසරේ ජූලි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා ගණන් බැලීමේදී පිළිවෙළින් ජූලි මාසයේදී 1,579ක්, අගෝස්තු මාසයේදී 1,203ක්, සැප්තැම්බර් 2,004ක්, ඔක්තෝබර් 1,805ක් සහ නොවැම්බර් 1,856ක ලෙස මෙම නව CDS ගිණුම් විවෘතවීම් සිදුව ඇත. 
දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදුණු බවට ප්‍රකාශ කිරීමත්, කොළඹ කොටස් හුවමාරුවෙහි දර්ශක කැපී පෙනෙන ලෙස ඉහළ යාමත් සමගින්ම ඒ පිළිබඳව වන ආයෝජක උනන්දුව ඉහළ යාම දෙසැම්බර් මාසයේදී නව CDS ගිණුම් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යාමට හේතු වී ඇතැයිද ඔවුන් පෙන්වා දෙයි. 
මේ අතර 2024 වසරේදී CDS ගිණුම් 15ක් ඉවත් කරගෙන ඇති අතර, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී එම ඉවත්වීම් සිදුව තිබේ.  එසේම 2024 දෙසැම්බර් මාසය වන විට CDS ගිණුම් හිමි සමස්ත ආයෝජකයන් සංඛ්‍යාව 949,041ක් ලෙස සටහන්ව ඇත. 2023 දෙසැම්බර් මාසයේදී එය 930,022ක් විය. මීට බහු ලියාපදිංචිය සහිත ගිණුම්ද ඇතුළත්ය. 
2024 වන විට පැවැතිි CDS ගිණුම් අතරින් ගිණුම් 693,216ක් දේශීය තනි ආයෝජකයන්ය. එසේම ගිණුම් 5,091ක් විදේශික තනි ආයොජකයන්ය, ගිණුම් 13,648ක් දේශීය සමාගම් මගින් පවත්වාගෙන යයි. ගිණුම 5,991ක් විදේශීය සමාගම් මගින් පවත්වාගෙන යයි. 2023 දෙසැම්බර් මාසයේදී CDS ගිණුම් අතරින් දේශීය තනි ආයෝජකයන් සතු වූ ගිණුම් 680,273කි. විදේශික තනි ආයෝජකයන් සතු වූ ගිණුම 5,016කි. ගිණුම් 13,142ක් දේශීය සමාගම් මගින් පවත්වාගෙන ගිය අතර, විදේශීය සමාගම් මගින් පවත්වාගෙන ගිය ගිණුම් සංඛ්‍යාව 5,921 කි. මේ අතර 2024 දෙසැම්බර් මාසය අවසන් වන විට මෙම CDS ගිණුම් සතුව පැවැති සමස්ත සුරැකුම්පත් සංඛ්‍යාව බිලියන 192කි. ඒ අතරින් දේශීය ගිණුම සතු වූ සුරැකුම්පත් සහ සාංගමික ණය කොටස් සංඛ්‍යාව බිලියන 159ක් වන අතර, විදේශීය ගිණුම් සතු වූ සුරැකුම්පත් සහ සාංගමික ණය කොටස් සංඛ්‍යාව බිලියන 33කි.   
එසේම 2024 දෙසැම්බර් මාසය අවසන් වන විට මෙම CDS ගිණුම් සතු වූ සුරැකුම්පත්වල සහ සාංගමික ණය කොටස්වල වටිනාකම රුපියල් බිලියන 5,585 කි. එ අතරින් රුපියල් බිලියන 4,649ක් දේශීය CDS ගිණුම් සතුවත්, රුපියල් බිලියන 935ක් විදේශීය ගිණුම් සතුවත් තිබී ඇත.



අදහස් (0)

2024 දී අලු‍තින් විවෘත කළ CDS ගිණුම් සංඛ්‍යාව 19,000 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site