IMG-LOGO

ලීමා ක්‍රියේෂන්ස් විශිෂ්ටත්වයේ වසර 25ක් සමරයි

ශ්‍රී ලංකාවේ වඩාත් කීර්තිමත් අභ්‍යන්තර නිර්මාණකරණයේ විශේෂඥයකු වන ලීමා ක්‍රියේෂන්ස්, මෙම වසරේදී සිය සාඩම්බර 25 වැනි සංවත්සරය සමරයි. එය අභ්‍යන්තර සැලසුම් සහ ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේ විශිෂ්ටත්වය තහවුරු කරන්නකි. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ගෞරවයට පාත්‍ර වී ඇති ලීමා ක්‍රියේෂන්ස් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස ප්‍රචලිතය. 

ලීමා ක්‍රියේෂන්ස් විසින් නිර්මාණාත්මක, නව්‍ය අහ්‍යන්තර නිර්මාණ කිරීමේ කීර්තිමත් ඉතිහාසය පුරාවට වාණිජ අංශයේ ආයතන රැසකට තම සේවාව ලබා දී ඇති. වාණිජ අභ්‍යන්තර නිර්මාණයේ කැපී පෙනෙන ජයග්‍රහණ සඳහා පසුගිය දශකය තුළ සමාගමට ජාත්‍යන්තර සම්මාන රාශියක් හිමි වී තිබේ. තිරසර බව, තාක්ෂණික ප්‍රශය සහ විශ්වසනීයත්වය යන අංශ ඔස්සේ ඔවුන් මෙම සම්මාන ලබා ඇත. 

නවීන කාර්යාල අවකාශ, සුඛෝපභෝගී නිවාස හෝ නව්‍ය ආයතනික පරිසරයක් සැලසුම් කිරීම සඳහා ලීමා හි වෘත්තීය නිර්මාණකරුවන් සහ ප්‍රවීණ ශිල්පීන්ගෙන් සමන්විත කණ්ඩායම උසස් තත්වයේ සහ නිර්මාණශීලීත්වයේ ඉහළම ප්‍රමිතිවලට අනුකූලව කටයුතු කරනු ලබයි. 

“නිර්මාණය යනු දෘශ්‍යමය අවකාශය මනසින් රූපණය කිරීමයි,”‍ ලීමා ක්‍රියේෂන්ස් (පුද්.) සමාගමේ සභාපති චන්න විජේසේකර මහතා පැවැසීය.

“මෙම මූලධර්මය සෑම ව්‍යාපෘතියක් සඳහාම අපගේ ප්‍රවේශයට මඟ පෙන්වන අතර, සෑම නිර්මාණයකම පරිපූර්ණත්වයට එය වැදගත් වේ. අලංකාරය සහ උපයෝගීතාව යන දෙකම වැඩි දියුණු කරන සුවිශේෂ නිර්මාණ අප විසින් ලබා දෙන අතරම අපගේ පාරිභෝගිකයන්ගේ ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපගේ කණ්ඩායම ගනුදෙනුකරුවන් සමඟ සමීපව කටයුතු කරයි.”‍ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. 

ISO 9001:2015 සහතික ලත් සමාගමක් ලෙස, ලීමා ක්‍රියේෂන්ස් සෑම ව්‍යාපෘතියකම ඉහළම ගුණාත්මකභාවය සහ නිරවද්‍යතාව සහිත සේවාවක් ලබා දෙයි. ලීමා හි අති නවීන නිෂ්පාදන කර්මාන්ත ශාලාව, අති නවීන යන්ත්‍රෝපකරණ සහ උපකරණවලින් සමන්විත වන අතර, නිෂ්පාදන සඳහා ගුණාත්මක බවින් ඉහළ අමුද්‍රව්‍ය යොදා ගනු ලබයි. 

අනාගත ව්‍යාපාර අභියෝගවලට මුහුණ දෙමින් ගුණාත්මකභාවය පවත්වා ගනිමින් අඛණ්ඩ සේවාවක් ලබා දීමට ලීමා ක්‍රියේෂන්ස් ආයතනය සිය කැපවීම ඉදිරියටත් ස්ථාපිත කරයි. 

 



අදහස් (0)

ලීමා ක්‍රියේෂන්ස් විශිෂ්ටත්වයේ වසර 25ක් සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 170 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 662 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1063 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site