IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සහල් ආනයනයෙන් කෝටි 1,090 ක බදු ආදායමක්

  • කැකුළු සහල් කිලෝවකට රුපියල් 65 ක බද්දක්
  • සියයට 90 කට වැඩිය ආනයනය කර ඇත්තේ පෞද්ගලික අංශයෙන්

යොහාන් භාසුර


ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලයේදී පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 167000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොගය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 10.9 ක් හෙවත් රුපියල් කෝටි 1,090 ක් ආනයන බදු ලෙස අයකරගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගුව අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

එම සහල් මෙට්‍රික්ටොන් 167000 තුළ කැකුළු සහල් මෙට්‍රික්ටොන් 66000 ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 101,000ක් ඇතුළත් වූ බවත්, එම සහල් කිලෝවක් වෙනුවෙන් රුපියල් 65 බැගින් ආනයන බදු අය කළ බවත් අරුක්ගොඩ මහතා කීය.

ඒ අනුව සහල් මෙට්‍රික්ටොන් එකකට ඩොලර් 220 ක් හෙවත් රුපියල් 65,000 ක පමණ බද්දක් අයකළ බව ද අරුක්ගොඩ මහතා කීය.

ආණ්ඩුව පසුගිය දෙසැම්බර් 4 වැනිදා ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දිමෙන් පසුව මෙම මස 10 වැනිදා දක්වා මෙම සහල් ප්‍රමාණය ආනයන කර තිබූ බවත් ඉන් සියයට 90 කට වැඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශය ආනයන කර තිබූ බවත් ඒ මහතා කීය.



අදහස් (0)

සහල් ආනයනයෙන් කෝටි 1,090 ක බදු ආදායමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 803 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site