භානුක අමරසිංහ
LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී සමූහයට අයත් LOLC Finance PLC සමාගමෙහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස චමිලා ප්‍රියංගනී මහත්මිය පත් කරගත් බව එම සමාගම පවසයි.
ඒ අනුව, 2025 ජනවාරි 23 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඇය සමාගමේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස පත් කර තිබේ.
මෙම පත් කිරීම සිදු කරන විට ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මුදල් භාරකාරිනියයි (Bursar). විශ්වවිද්‍යාලයේම ගිණුම්කරණය සහ මූල්‍ය කළමනාකරණය පිළිබඳව විද්‍යාවේදි (විශේෂ) උපාධියක් හිමි කරගෙන ඇති ඇය මේ වන විට වසර 20කට අධික කාලයක් පුරා පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ අත්දැකීම් සහිත තැනැත්තියකි.
මෙහිදී චමිලා ප්‍රියංගනී මහත්මිය LOLC Finance හි විගණන කමිටුවෙහි, මානව සම්පත් සහ වේතන කමිටුවෙහි, ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවෙහි සහ සබැඳි පාර්ශ්ව ගනුදෙනු විවරණ කමිටුවෙහි ද සාමාජිකාවක ලෙස පත් කර තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජ’පුර විශ්වවිද්‍යාලයේ මුදල් භාරකාර LOLC Finance අධ්‍යක්ෂ මණ්ඩලයට