දඹුලු ආර්ථිකයේ එළවළු මිල පහළ වැටී ගොවීන් අමාරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වීශාල වශයෙන් ලැබෙන එළවළු තොග මිලදී ගැනීමට වෙළඳුන් පැමිණීම අඩුවීම නිසා එළවළු මිල සීඝ්රයෙන් පහත වැටෙමින් පවතින බවත් මේ හේතුවෙන් ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ගොවීහු පවසති. 11 April 2019
බැංකු ණය පොලී අනුපාත අඩුකිරීමට පියවර රටේ ව්‍යාපාර සහ කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් බැංකු ණය පොළී අනුපාත අඩු කිරීමට පියවර ගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. 10 April 2019
වාහන ආනයනය සියයට 90 කින් පහළ බසී අයවැයෙන් ඉහළ දමන ලද අධික වාහන බදු හේතුවෙන් වාහන ආනයනය 90 % කින් පමණ පහළ වැටී ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. 10 April 2019
නිසි මිලක් නොමැතිකමින් ගෝවා වගාකරුවෝ කබලෙන් ලිපට ගෝවා අස්වැන්න සඳහා නිසි මිලක් නොමැතිකමින් නාඋල ප්‍රදේශයේ තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි නාඋල ගෝවා වගකාරුවෝ පවසති. 09 April 2019
සංචාරකයින්ගේ පැමිණීම ඉහළට මේ වසරේ ජනාවාරි සිට මාර්තු දක්වා ගතවූ මුල් මාස 03 තුනේදී විදෙස් සංචාරකයින් හත් ලක්ෂ හතළිස් දහසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටී. 08 April 2019
තීරුබදු රහිත වාහන ගත් අයට මැයි 1න් පසු ණයවර ලිපි ඉකුත් දෙසැම්බර් 31වැනිදාට පෙර තීරුබදු රහිත වාහන ලබාගත් පුද්ගලයන් සඳහා ලබන මැයි මස 1වැනිදාට පසු ණයවර ලිපි විවෘත කිරීමට අවස්ථාව ලබාදෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද(05) පැවසීය. 05 April 2019
රබර් වගාවේ සංවර්ධනයට චීන ආධාර ශ්‍රී ලංකාවේ රබර් ක්ෂේත්රයේ සංවර්ධනය උදෙසා ආයෝජනය කිරීමට චීන රජය එකඟතාවය පළකර ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍යංශය කියයි. 04 April 2019
තුරුණු දිරියෙන් ණයලාභීන්ට මිලියන 275ක් කුඩා පරිමාණ තරුණ ව්‍යවසායකයින් නගා සිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලාභීන් 664කට මිලියන 275ක මුදලක් ලබාදී තිබේ. 04 April 2019
5 ජී ආරම්භ කරන පළමු රට දකුණු කොරියාව දකුණු කොරියාව පස්වැනි පරම්පරාව හෙවත් 5ජී (5G) තාක්ෂණය නිල වශයෙන් වාණිජ මට්ටමින් ආරම්භ කරන පළමු රට බවට පත්වීමට නියමිතය. 03 April 2019
රුපියල සියයට 4.5 කින් වර්ධනය වෙයි මේ වසරේ මේ දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 4.5 % කින් වර්ධනය වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 02 April 2019
2018 දී ආර්ථික වර්ධනයක් ඉකුත් 2018 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 3.2ක වර්ධනයක් වාර්තා කර ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 27 March 2019
වැගන් ආර් ගෙන්වීම නවතී ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථ මාදිලිය වන වැගන් ආර් ඉදිරියේදී මෙරටට ආනයනය නොකිරීමට තීරණය කළ බව ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරිඤ්ඤගේ මහතා කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති සාකච්ඡාවකදී පැවැසීය. 27 March 2019
සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් සංචාරක පොලිස් ඒකක 22 ක් මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දිවයින පුරා අලූතින් සංචාරක පොලිස් ඒකක 22 ක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. 27 March 2019
රුපියල ඉහළ නගී මසකට ආසන්න කාලයකට පසු ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය අද (22) ඉහළ ගියේය. 22 March 2019
‘සමාජ අසාධාරණ ජයගැනීම තරඟකාරී ආර්ථිකයක විශාල ම අභියෝගයයි’ තරඟකාරී ආර්ථිකයක් ඇති කිරීමේදී සමාජ අසාධාරණ සිදුවීම ජයගත යුතු විශාලතම අභියෝගය බවට පත්ව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. 22 March 2019
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ත්‍රිත්ව තරු සම්මාන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය මගින් ඉදිරිපත් කළ වීඩියෝ පට තුනකට ජාත්‍යන්තර තරු සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත්ව තිබේ. 22 March 2019
දඹුල්ලට හා මාතලේට නව ඔසුසල් රාජ්‍ය ඖෂ්‍ය නීතීගත සංස්ථාවේ ශාඛා ජාලය පුළුල් කිරීමේ වැඩ සටහන යටතේ මාතලේ සහ දඹුල්ල නගරයන්හි නව ඔසු සැල් දෙකක් වීවෘත කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 21 March 2019
චීන නිෂ්පාදන වර්ජනය කරන්නැයි ඉන්දීය වෙළඳ සම්මේලනයක් ඉල්ලයි චීන නිෂ්පාදන වර්ජනය කරන්නැයි ඉල්ලමින් ඉන්දියාවේ ප්‍රධානතම වෙළෙඳ සම්මේලනයක් නිවේදනයක් නිකුත් කර තිබේ. 14 March 2019
පාරිභෝගික අධිකාරිය ගමින් ගමට යයි තරඟකාරී වෙළෙඳපොළ තුළ පාරිභෝගික අයිතිය සුරක්ෂිත කර ගන්නා ආකාරය පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාත්‍යන්තර පාරිභෝගික දිනයට සමගාමීව ක්‍රියාවට නංවන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ආචාර්යය ලලිත් සෙනවීර මහතා පවසයි. 14 March 2019
‘මාර්තු හයට පෙර ණයවර ලිපි විවර කළ පිරිස වාහන බද්දෙන් නිදහස්’ ආනයනික වාහන සඳහා වැඩිකළ බද්ද මාර්තු 06 වැනිදාට පෙර ණයවර ලිපි විවෘත කර ඇති ගිණුම්හිමියන්ට බල නොපාන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. 13 March 2019
සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් පෙබරවාරි මාසයේදී මෙරටට විදෙස් සංචාරකයින් 252,033 දෙනෙකු පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි. 11 March 2019
අර්තාපල් වගාවට වනාතවිල්ලුවේත් සරු පොළොවක් නුවරඑළිය,බදුල්ල,බණ්ඩාරවෙල සහ යාපනය යන ප්‍රදේශවල මේ වන විට සාර්ථකව අර්තාපල් වගා කරන අතර පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රදේශයද අර්තාපල් වගාවට සුදුසු භූමියක් බවට සනාථ කර ගැනීමට හැකිවූ බව පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ ඩබ්ලියු .එම් .එස් වන්නිනායක මහතා පැවසීය. 05 March 2019
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දුන් ණය වැඩසටහන වසරකින් දීර්ඝ කරයි ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය මුදලේ අවසන් වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදල ලබාදීමටත් එම ණය වැඩසටහන වසරකින් දීර්ඝ කිරීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇත. 01 March 2019
තුන්වන ඇමෙරිකානු පියස මාතරදී විවෘත කරයි ශ්‍රී ලංකාවේ තෙවැනි ‘ඇමෙරිකානු පියස’ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර හක්මනදී අද (26) විවෘත කරන ලදි. 26 February 2019
සක්යා ආයතනයේ හිමිකරුට ජපුර සරසවියෙන් සම්මානයක් 2018 වසරේ විශිෂ්ඨතම ව්‍යවසායකයා ලෙස පැලැටිනම් සම්මානය හිමිකරගත් නුගේගොඩ සක්යා ආයතනයේ හිමිකරු වන බණ්ඩාර දිසානායක මහතාට උපහාර පිදීමේ උත්සවයක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය කළමනාකරණ හා වාණිජ පීඨයේදී අද (26) පැවැත්විණි. 26 February 2019
තෝරාගත් රටවල් කිහිපයක සංචාරකයන්ට ගුවන් තොටුපළේදීම විසා තායිලන්තය සිංගප්පූරුව යුරෝපා සංගමය සහ ජපානය යන රටවල් වලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා මෙරටට ගුවන් තොටුපළේදීම විසා නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇත. 26 February 2019
වතු වැටුප 1000 තෙක් වැඩිවිය යුතු බව වතු සංගමය කියයි වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩිවිය යුතු බවත් ඉන් මෙහා කිසිදු විසඳුමකට වතු කම්කරුවන් සූදානම් නොමැති බවත් සමස්ත ලංකා වතු කම්කරු සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් කොළඹදී පැවැසීය. 20 February 2019
හර්ෂ හතරසිංහ දකුණු පළාත් ඉදිකිරීම් සංගමයේ සභාපති පුටුවට ජාතික ඉදිකිරීම් සංගමයේ දකුණු පළාත් ශාඛාවේ සභාපතිවරයා ලෙස හර්ෂ හතරසිංහ මහතා තේරී පත්විය. 20 February 2019
බ්‍රිතාන්‍යයේ හොන්ඩා මෝටර් රථ කම්හල 2021 දී වැසෙයි 2021 දී බ්‍රිතාන්‍යයේ පිහිටා ඇති හොන්ඩා මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 19 February 2019
ලංකාව ඉන්දියාවෙන් මිදි ගැනීම සීමා කරයි පලිබෝධනාශක වලින් තොර වගාබිම් සහතික කරන තෙක් ශ්‍රී ලංකාව සහ රුසියාව මිදි ලබාගැනීම පාලනය කිරිමට ගත් තීරණය තුළින් ඉන්දියාවේ මිදි මිල පහත වැටී ඇති බව ඉන්දීය එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කරයි. 19 February 2019
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026