IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මහව ප්‍රා.ලේකම් කාර්යාලයෙන් නිවසේ සිට සේවා ලබාගැනීමේ පහසුකම්

මහව - සංජීවා කෝට්ටගොඩ


මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් හඳුන්වා දුන් බොට් මාස්ටර් නමැති ස්වයංක්‍රීය උපදේශන මෘදුකාංගය මගින් මහව කොට්ඨාසයේ  ජනතාවට නිවසේ සිටම තම අවශ්‍යතා ඉටු කර ගැනීමට  අවස්ථාව සලසා ඇතැයි  මහව  ප්‍රාදේශීය ලේකම් නදුන් රසික සම්පත් මහතා පවසයි.  
මේ නිසා කොට්ඨාසයේ ජනතාවට  තමන්ට අවශ්‍ය කුමන හෝ අංශයක ලිපි ලේඛන කාර්යාලයට නොපැමිණම සකස්කර ගැනීම සඳහා අවස්ථාව සැලසී ඇත. මෙම මෘදුකාංගය මගින් නිලධාරියා හා සේවා ලාභියා අතර සේවා පහසු කිරීමට උදව් වී ඇතැයි ද ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියේය. 
වට්ස්ඇප් පරිශීලකයන් කෙටි පණිවිඩයක් මගින් ඉදිරිපත් කරන   ගැටලු‍ සහ අවශ්‍යතා ඒ මොහොතේම ඔවුන් වෙත ලබාදීම මෙමගින් සිදුකරනු ලබයි. 
කුරුණෑගල දිස්ත්‍රික්කයේ  කිසිදු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ක්‍රියාත්මක නොවන බොට් මාස්ටර්  ස්වයංක්‍රීය මෘදුකාංගය හඳුන්වා දීම සම්බන්ධයෙන්  මහව ප්‍රාදේශීය ලේකම් නදුන් රසික සම්පත් මහතා මෙසේද්‍ කීය. 
මෙය කිසිදු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවත් අප මෙම යෙදවුම නිර්මාණය කළේ අපගේ සේවා ලබාගැනීමට කාර්යාලයට පැමිණීමේ අවශ්‍යතාව  මඟහරව ගන්නයි. එමගින් ඔවුන්ගේ මුදල් කාලය හා ශ්‍රමය ඉතුරු වෙනවා. 



අදහස් (0)

මහව ප්‍රා.ලේකම් කාර්යාලයෙන් නිවසේ සිට සේවා ලබාගැනීමේ පහසුකම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site