IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මිනිස්සු අතේ සල්ලි නෑ: අපිට වෙළෙඳාම අඩුවෙලා

මේ දවස් වල වෙළෙඳාම කොහොමදැයි සොයාගෙන අපි පස්වැනි හරස් වීදියට ගියෙමු. හාල්, කුළුබඩු, අල, ලූනු, පරිප්පු, කරවල මේ ආදී මෙකී නොකී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කරනු ලබන තොග වෙළෙඳුන් කීපදෙනුකු පසු කරමින් අප ගොඩවූයේ හිමාල් ප්‍රේමචන්ද්‍ර මහතාගේ තොග වෙළෙඳසැල වෙතයි. 

Q: මේ දිනවල බිස්නස් කොහොමද?
වෙළෙඳාමේ සරුවක් නම් නෑ මේදා පාර. පහුගිය දවස් වල උත්සව සමය කියලත් අපිට වැඩි වෙළෙඳාමක් තිබ්බෙත් නෑ. උත්සව සමය විතරක් නෙමෙයි 2024 අවුරුද්ද පුරාවටම වෙළෙඳාමේ අඩුවක් තිබ්බා. මේ අවුරුද්දේවත් වෙළෙඳාම සරු වුණොත් හොදයි. තාම අවුරුද්ද පටන් ගත්තා විතරයි. ඒ නිසා ඉස්සරහට මොනවා වෙයිද කියලා දැන්ම කියන්නත් බෑ. වෙළෙදාම අඩුයි කිව්වට වෙළෙඳාම නෑ කියලා නෙමෙයි අපි කියන්නේ. සාමාන්‍ය පරිදි වෙළෙඳාම් වෙනවා. හැබැයි කලින් අවුරුදුවලට සාපේක්ෂව අඩුයි. සමහරු කියනවා වෙළෙඳාම අඩු වෙන්න බඩු හිගය බලපානවා කියලා. ඒවුණාට වෙළෙදාම අඩු වුණාට බඩුවල නම් ගිඟයක් නෑ. බඩු ඕන තරම් තියනවා. 


Q: අඩුවීමට බලපෑ හේතු මොනවාද?
මිනිස්සු අතේ සල්ලි නැති නිසා තමයි අපිට වෙළෙඳාම අඩු වෙලා තියෙන්නේ. මිනිස්සුන්ගේ ආදායම් වලට වඩා දැන් වියදම් වැඩී. ලයිට් බිල්, වතුර බිල්, ගෙවල් කුලී ගෙව්වාම මිනිස්සුන්ගේ අතේ සල්ලි ඉතුරු වෙන්නේ නෑ. වියදම් වැඩිනිසා මිනිස්සු ළග සල්ලි නෑ. ඒ නිසා අපිට වෙළෙඳාම් නෑ. ඕක තමයි සරලම හේතුව වෙළෙදාම අඩු වෙන්න. ඊට අමතරව තොග වෙළොන්ඳෝ වෙන අපිට බලපාන්නේ මිල ඉහළ පහළ යාම. අද තියන මිල නෙමෙයි හෙට වෙද්දි. එක්කෝ වැඩි වෙලා නැත්තම් අඩු වෙලා. ඒකත් රුපියලයකින් දෙකකින් නෙමෙයි. ලොකු ගණන් වලින් වෙනස් වෙනවා. ඒ නිසා සිල්ලර වෙළෙන්ඳෝ ඉස්සර වගේ ගොඩක් බඩු ගන්නේ නෑ. අරන් ගිහින් තියාගන්න බෑනේ මිල වෙනස් වෙන නිසා. ඒ නිසා කලින් ගන්න බඩු ටිකෙන් බාගයයි දැන් ගන්නේ. සිල්ලර වෙළෙන්ඳෝ විතරක් නෙමෙයි අපි වුණත් බඩු තොග පිටින් ගන්නකොට දෙපාරක් හිතනවා මිල ගැන. මිල වැඩි වුණොත් අපිට ලාබයි. හැබැයි මිල අඩු වුණොත් අපිට පාඩු විදින්න වෙනවා. 

ශෂිකා අබේරත්න
ඡායාරූපය - ඉසුරු පෙරේරා



අදහස් (0)

මිනිස්සු අතේ සල්ලි නෑ: අපිට වෙළෙඳාම අඩුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site