IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


Richwin සමාගමට Pinnacle හා People’s Excellency සම්මාන

Richwin Investment and Credit පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී මූල්‍ය සේවා විශිෂ්ටතා සම්මානය දිනා ගත්තේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සම්පත් නිරෝෂණ චන්ද්‍රසිරි සහ අධ්‍යක්ෂ ආචාර්ය ශානුක ප්‍රදීප් වෙත සම්මානය පිරිනමන ලදී. එම සමාගම  People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ වඩාත් නව්‍ය සමාගම ලෙසද සම්මානයට පාත්‍ර විය.
Richwin Investment and Credit සමාගම පුළුල් පරාසයක විහිදී ඇති මූල්‍ය සේවා සපයයි. එම සමාගම පසුගිය කාලය පුරා පාරිභෝගිකයන් සහ ව්‍යාපාර බල ගැන්වීම ඉලක්ක කර ගත් නව්‍ය ක්ෂුද්‍ර මූල්‍ය විසඳුම් රැසක් හඳුන්වා දී ඇත. ආයෝජන සඳහා මාසික හෝ වාර්ෂික ආදායම, පිළිගත් ආයෝජන ගිවිසුම් සහතිකයක් සැපයීම, ආයෝජන මත ණය මුදලක් ගැනීමට ඇති හැකියාව වැනි වාසි රැසක් එම සමාගම සමග ආයෝජනය කරන පාරිභෝගිකයන්ට ලැබේ. ආයෝජකයන්ට ජීවිත රක්ෂණාවරණයක් නොමිලේ සැපයීමටද එම සමාගම කටයුතු කරයි. එම සමාගම් ජාලයටම අයත් රිච්වින් ප්ලාසා පෞද්ගලික සමාගම ලොව පුරා පිළිගත් සන්නාම යටතේ ජංගම දුරකතන සහ විදුලි උපාංග අලෙවි ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටී. එම සමාගමේ ශාඛා මීගමුව, කටාන සහ ජා ඇළ පිහිටා ඇත. ණය කාඞ් හෝ ඇපකරුවන්ගෙන් තොරව පහසු ගෙවීමේ ක්‍රමයට එම සමාගමෙන් භාණ්ඩ මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට හැකිය. රිච්වින් ප්ලාසා සමාගම ණය කාඞ් නොමැතිව පහසු ගෙවීමේ ක්‍රම සපයන මෙරට එකම සමාගමද වේ. ගුණාත්මක බව සහ පාරිභෝගික පහසුව කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරන එම සමාගම අලෙවියන් පසු විශිෂ්ට සේවාවක් සපයයි.



අදහස් (0)

Richwin සමාගමට Pinnacle හා People’s Excellency සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 32 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 21 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 15 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 21 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 9 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 10 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 41 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1297 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site