IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඩිජිටල් ආර්ථිකය සවිබල ගැන්වීමට HUTCH වෙතින් පොඩ්කාස්ට් මාලාවක්

HUTCH විසින් “Meet the Tech Titans” නමින් නවතම පොඩ්කාස්ට් (Podcast) මාලාවක් විකාශය කිරීම මේ වනවිට ආරම්භ කර ඇත. රටේ ඩිජිටල් පරිවර්තනය තුළ පෙරමුණ ගෙන සිටින නායකයන්, නවෝත්පාදකයන් සහ ව්‍යවසායකයන් දරන අදහස් හා යෝජනා දැනගැනීමට ජනතාවට අවස්ථාව සලසා දීම මෙහි මූලික අරමුණ වී ඇත.
 මෙය රට තුළ ඩිජිටල් ආර්ථිකයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් රජය සතු දැක්මට සමගාමී පියවරක් ලෙසද හැඳින්විය හැක. 
මෙම පොඩ්කාස්ට් මාලාව තුළ රටේ කැපීපෙනෙන විද්වත්හු ඩිජිටල් නවෝත්පාදනයේ අනාගතය සම්බන්ධයෙන් අදහස් දක්වති. MiHCM හි ප්‍රධාන විධායක නිලධාරී හර්ෂ පුරසිංහ මහතා, එම සමාගම ඩිජිටල් විසඳුම් ඔස්සේ මානව සම්පත් ක්‍රියාවලිය පූර්ණ පරිවර්තනයකට ලක් කළ ආකාරය මෙන්ම, ගෝලීය ශ්‍රම බලකායේ දියුණුව උදෙසා ඩිජිටල් විසඳුම් හා ස්වයංක්‍රීයකරණය මෙන්ම දත්ත විශ්ලේෂණ හා කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයන් භාවිත කළ හැකි ආකාරය පැහැදිලි කරන අතර, අහමඩ් ඉර්ෆාන් මහතා Futureworks, MAS Innovation සහ IQ විසින් නව වෙළඳපොළවලට නවෝත්පාදන හඳුන්වා දීම, AI, AR/VR වැනි අතිනවීන තාක්ෂණය භාවිත කිරීම සහ ඵලදායී හා තිරසාර විසඳුම් නිර්මාණය කිරීම සඳහා ‘Smart Textiles’ වැනි සංකල්ප යොදාගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වනු ඇත. 
Bhasha හි ප්‍රධාන විධායක නිලධාරී ධනික පෙරේරා මහතා Helakuru සහ PayHere වැනි දේශීය තාක්ෂණික විසඳුම්වල සාර්ථකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන අතර, මූල්‍ය තාක්ෂණික නවෝත්පාදන සම්බන්ධයෙන් මුහුණ දීමට සිදුවන අභියෝග සහ ඩිජිටල් ගෙවීම් ක්‍රම සම්බන්ධයෙන් විශ්වාසය ගොඩනැංවීමේ වැදගත්කම පැහැදිලි කරයි. මේ අතර ඩිජිටල් බැංකුකරණයේ පරිණාමය සම්බන්ධයෙන් අදහස් දක්වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන ඩිජිටල් නිලධාරී රන්දිල් බොතේජු මහතා, පාරිභෝගික-කේන්ද්‍රීය විසඳුම්, සයිබර් ආරක්ෂාව සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සම්බන්ධයෙන් බැංකු ක්ෂේත්‍රය ඉටුකරන භූමිකාව පැහැදිලි කරයි. 
සයිබර් ආරක්ෂාව සම්බන්ධ පුරෝගාමියකු මෙන්ම පෞද්ගලිකත්වය වෙනුවෙන් පෙනී සිටින්නකු වන අසේල වෛද්‍යාලංකාර මහතා, කෘත්‍රිම බුද්ධි පාලනය, ආචාරධාර්මික තාක්ෂණික භාවිතාව සහ සයිබර් ආරක්ෂාව තුළ භූ-දේශපාලනික අභියෝග ජයගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වයි.



අදහස් (0)

ඩිජිටල් ආර්ථිකය සවිබල ගැන්වීමට HUTCH වෙතින් පොඩ්කාස්ට් මාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site