IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මැලිබන් කිරි සන්නාමය නැවුම් වෙනසකට මුලපුරයි

වසර තිහකට අධික කාලයක පටන් සුවහසක් ලාංකිකයන්ගේ නොමද විශ්වාසය දිනූ මැලිබන් කිරි ආයතනය, සිය නිෂ්පාදන නව ඇසුරුමකින් එළිදැක්වීමට පසුගියදා පියවර ගත්තේ ය. මැලිබන් සමූහ ව්‍යාපාරයේ විශ්වසනීය සන්නාමයක් වන මැලිබන් කිරි සන්නාමය මෙම නව ඇසුරුම හඳුන්වා දුන්නේ සිය පාරිභෝගිකයන්ගේ රුචිකත්වයට වැඩි අගයක් ද එකතු කරමිනි. 
මැලිබන් කිරි සන්නාමයේ විශ්වාසයි අම්මා තරම්’ යන පාඨයේ නොබිදෙන විශ්වාසයද, මැලිබන් කිරි සන්නාමයේ අසමසම විශිෂ්ටත්වය ද මෙම නව උපායමාර්ගික එළිදැක්වීම හරහා තවදුරටත් ස්ථාපනය වූ අතර එමගින් පුළුල් පාරිභෝගික ආකර්ෂණයක් නිතැතින්ම හිමිවනු ඇතැයි එම සමාගම කියයි. 
මැලිබන් සමූහ ව්‍යාපාරයේ වසර 70ක අභිමානය ලංකාව පුරා රැව්පිළිරැව් දෙන මොහොතක මෙම මැලිබන් කිරි සන්නාමයේ නව ඇසුරුම්කරණය එළිදැක්වීම සුවිශේෂී කොට සැලකිය හැකිය. මෙරට මව්වරුන්ගේ පමණක් නොව බාලමහලු‍ සියලු‍ දෙනාගේම විශ්වාසයට පාත්‍ර වී සිටින මැලිබන් කිරි වෙතින් ගුණාත්මක බවින් සහ පෝෂ්‍ය ගුණයෙන් අනූන වූ නිෂ්පාදන ‍වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් ද ඉහළ ජනප්‍රියයත්වයක් උසුලයි. 
මෙම අවස්ථාවට සම්බන්ධ වූ මැලිබන් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවර්ධන මහතා මෙසේ පැවසීය.ි’මෙම එළිදැක්වීම හුදෙක්ම නව පෙනුමකින් ඔබ්බට ගිය විශ්වාසවන්ත කර්තව්‍යක් වන අතර කිසිඳු සැකයකින් තොරව ශ්‍රී ලාංකේය මව්වරුන්ට විශ්වාසයෙන් යුතුව මිලදී ගත හැකි නිෂ්පාදන පිරිනැමීමට මැලිබන් සමාගම දක්වන නොමද කැපවීම යළි යළිත් තහවුරු කරනු ලබනවා. මැලිබන් කිරි කියන්නේම වසර තිහකට වැඩි කාලයක් පුරාවට ගුණාත්මක බවේ සංකේතයක් වූවා සේම සෞඛ්‍යට හිතකර වූ රසවත් තේ කෝප්පයකින් දවස ආරම්භ කිරීමේ ශ්‍රී ලාංකේය සම්ප්‍රදායට තදින්ම කා වැදුණු නිෂ්පාදනයක්. අපේ නිෂ්පාදන කෙරෙහි පරම්පරා ගණනාවක් තබා ඇති විශ්වාසය ඉදිරියටත් රැක ගනිමින් එහි ඉහළම ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ ප්‍රමිතිය තහවුරු කරමින් අඛණ්ඩව කටයුතු කිරීමට අපි වග බලා ගන්නා බව ඉතා ආඩම්බරයෙන් පැවසීමට කැමතියි”
ශ්‍රී ලංකාවේ දේශීය කිරිපිටි පරිභෝජනය ක්‍රමිකව ඉහළ ගොස් ඇති අතර, මිලියනකට අධික පවුල් සංඛ්‍යාවක් දේශීය කිරිපිටි පරිභෝජනය සඳහා නැඹුරු වී ඇති බවට මෑතකාලීන කර්මාන්ත වාර්තා පෙන්වා දෙයි. මැලිබන් කිරි සන්නාමයෙහි නව ඇසුරුම්කරණ වැඩපිළිවෙළ ඔස්සේ එම ධනාත්මක වෙනසට නව රුකුලක් එකතු කරමින් දේශීය කිරිපිටි පරිභෝජනය සඳහා ලාංකිකයන් තව තවත් පෙළඹවීමට හැකිවනු ඇති බව මැලිබන් ආයතනයේ විශ්වාසයයි. 
පුරා වසර 70ක සිට ලාංකික පාරිභෝගිකයන්ගේ වෙනස්වන අවශ්‍යතා වෙනුවෙන් හොඳම සහ විශ්වාසවන්තම නිෂ්පාදන පිරිනමන මැලිබන් සමූහ ව්‍යාපාරය, ආයතනික සමාජ වගකීම් සංකල්පය ඔස්සේ සිය සන්නාමයෙහි ළෙන්ගතුකම මනාව පෙන්නුම් කරමින් ‘මැලිබන් කිරි අභයදානය’ ව්‍යාපෘතිය හරහා දේශීය කිරි ගොවියන් සහ ඔවුනගේ පවුල් සවිබල ගැන්වීමටත් දායක වේ. 



අදහස් (0)

මැලිබන් කිරි සන්නාමය නැවුම් වෙනසකට මුලපුරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site