IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඩෝ. බි. 10ක් ආයෝජනයට චීනය සුදානම්

හම්බන්තොට වරායේ බැරල් ලක්ෂ 2 ක ධාරිතාවකින් යුත් අති නවීන තෙල් පිරිපහදුවක් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක් ආයෝජනය කිරීමට චීන සයිනොපෙක් සමාගම ගිවිසුමක් අත්සන් කළේය. 

එය ශ්‍රී ලංකාව සඳහා විදේශ සංචිත ඉහළ නැංවීමක් සිදු කරනු ඇත. අපනයන සැලසුම්වල ප්‍රතිඵලයක් ලෙස එය විදේශ විනිමය ඉපැයීම් වැඩි කර ගැනීමට හැකිවනු ඇත.

චීනය සමඟ ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව, ආයෝජන සහ ආර්ථික සහයෝගිතාව, සංචාරක ප්‍රවර්ධනය සහ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වෙ​ෙළඳපොළ ප්‍රවේශය ඇති කර ගැනීමේ අරමුණින් චීන රජයෙන් රුපියල් බිලියන 20ක ප්‍රදානයක් හිමිවිය.

තේ, මැණික් සහ අනෙකුත් කර්මාන්තවල ශ්‍රී ලාංකික ව්‍යවසායන් සහ චීන ආනයනික සහ අපනයනකරුවන්ගේ ඒකාබද්ධ වීම රටේ අපනයන ආදායම ඉහළ නැංවීමට සමත් වනු ඇත.

තිරසාර කෘෂිකාර්මික සංවර්ධනය කරමින්, පුහුණු සහ ආදර්ශන වැඩසටහන් හරහා, ශ්‍රී ලංකාවේ ධාරිතාව ඉහළ නැංවීමට උපකාර කිරීමක් ලෙස, නිවර්තන කලාපීය බෝග සඳහා ජෛව තාක්ෂණය, ශාක අභිජනනය සහ ජලජීවී වගාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට චීනයේ සහාය හිමි වනු ඇත.

චීනයේ සහ ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකාරකම්වල නියැලෙනු ඇත. මෙය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීමට උපකාරී වනු ඇත. 

ද්වීපාර්ශ්වීය සමුද්‍රීය සහයෝගීතාව තව දුරටත් වර්ධනය කර ගැනීමක් ලෙස කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වනු ඇත. මෙමගින් ශ්‍රී ලංකාව සඳහා ආයෝජන වැඩි වනු ඇති අතර, රටේ ජනතාවගේ ආදායම් ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා කොර්. 


කැළුම් බණ්ඩාර


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරයෙන් පසු ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක පමණ ආයෝජන චීන සමාගම්වලින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ අවස්ථාව උදා වී ඇත.
චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ඇරියුමකට අනුව, ජනාධිපතිවරයා පසුගිය 14 වැනිදා සිට 17  වැනිදා දක්වා චීන නිල සංචාරයට එක් විය.
ආර්ථික, වෙෙළඳ ප්‍රවර්ධනය, ආයෝජන, සංචාරක ඇතුළු පුළුල් පරාසයක විහිදුණු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන්, ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි. 
ස්වෛරී සමානාත්මතාව සාමකාමී සහජීවනය මත පදනම් වූ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමට කැප වෙන බවට ජනාධිපතිවරුන් දෙදෙනා කැමැත්ත පළ කළ බව වාර්තා විය.
චීන ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව, ජනාධිපති අනුර දිසානායක මහතා සහ චීන අග්‍රාමාත්‍ය ලී කියැංග් සමඟත්, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සාඕ ලෙජී සමගත් සාකච්ඡා පැවැත්වූයේ චීනයත් ශ්‍රී ලංකාවත් අතරේ සහයෝගීතාව තවත් ශක්තිමත් කරමිනි. 
මෙම චීන සංචාරය අතරතුරේ, දෙපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් 15 කට අත්සන් තැබුණි. ඩොලර් බිලියන 3.7 ක වටිනාකමකින් යුත් හම්බන්තොට තෙල් පිරිපහදුවක් සඳහා සයිනෝපෙක් සමූහය සමග ඒකාබද්ධ ගිවිසුමක් ද ඒ අතර වෙයි.
චීන රාජ්‍ය ව්‍යවසාය සමාගම්වල ඉහළ පෙළේ නියෝජිතයන් හවුල් කර ගනිමින්, ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා ඔවුන් සම්බන්ධ කර ගැනීමේ අරමුණින්, ජනාධිපති අනුර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් වට මේස සාකච්ඡාවක් ද පැවැත්විණි. 
චීන ආයෝජන සංසදය අමතමින් ජනාධිපති දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවන පුළුල් දැක්මක් ඉස්මතු කළ අතර, ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ව්‍යාපාරික ප්‍රජාවට උනන්දුවක් දැක්විය හැකි ප්‍රධාන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් ද කළේය.
මෙම සංසදයට සහභාගී වූ ප්‍රමුඛ පෙළේ චීන රාජ්‍ය ව්‍යවසායකයෝ නව ආයෝජන ගෙන ඒමට සහ ශ්‍රී ලංකාව තුළ පවතින ආයෝජන ව්‍යාපෘති පුළුල් කිරීමට තම කැමැත්ත ප්‍රකාශ කළහ. ආයෝජන සංසදයට සහභාගී වූ චීන සමාගම් බලශක්තිය, වාහන නිෂ්පාදනය සහ ඉදිකිරීම් වැනි විවිධ ක්ෂේත්‍රවල ඇමෙරිකන් ඩොලර් බිලියන 10 ක් තරම් වටිනා ආයෝජන ශ්‍රී ලංකාවට ගලා ඒමට ඉඩ සලසා දීමට කැමැත්ත පළ කළ බව ද වාර්තා වේ.
චයිනා කොමියුනිකේෂන් කොන්ස්ට්‍රක්ෂන්, චයිනා පෙට්‍රෝ- කෙමිකල් කෝපරේෂන් (සයිනෝපෙක් සමූහය), මෙටාලියුරොජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා, හුවාවි සහ BYD ඔටෝ යන සමාගම්වල ව්‍යාවසායකයෝ මෙම සංවාදයට එක් වූහ.



අදහස් (0)

ඩෝ. බි. 10ක් ආයෝජනයට චීනය සුදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site