IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


වසර තුනකට පසු තේ නිෂ්පාදනයේ වාර්තාවක්

සමස්ත තේ නිෂ්පාදනය කිලෝ මිලියන 262.15ක් දක්වා සියයට 2.4කින් ඉහළට 
2023 හා සැසඳීමේදී උස් බිම් හැර සියලු‍ම වගා මට්ටම්වල තේ නිෂ්පාදනය ඉහළට 
2021 හා සැසඳීමේදී 2024 සමස්ත තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 37.34කින් පහළට 
දෙසැම්බර් මාසයේදී ඵලදාව කිලෝග්‍රෑම් මිලියන 21.71කින් එනම් සියයට (9.6කින්) ඉහළට


අක්‍රමවත් දේශගුණික රටාව අතර වුවද, කුඩා තේ වතු හිමියන් සිදුකළ පොහොර භාවිතය හේතුවෙන් ඵලදාවේ යම් වර්ධනයක් ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව Asia Siyaka Commodities පවසයි
භානුක අමරසිංහ
2024 වසරේදී මෙරට සමස්ත තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 262.15ක් ලෙස සටහන්ව ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය නිකුත් කළ නවතම දත්ත වාර්තා පවසයි. මෙය 2023 වසරේදී වාර්තා කළ සමස්ත තේ නිෂ්පාදනය වූ කිලෝග්‍රෑම් මිලියන 256.08 හා සැසඳීමේදී කිලෝග්‍රෑම් මිලියන 6.07ක් එනම් සියයට 2.4ක ඉහළයාමකි. 
එසේම මෙය 2021 වසරෙන් පසුව වාර්තා කළ ඉහළම අගය ලෙසින්ද සැලකෙයි. 2021 දී කිලෝග්‍රෑම් මිලියන 299.49ක තේ නිෂ්පාදනයක් වාර්තා විය. විශේෂයෙන්ම 2021 වසරේදී ගන්නා ලද අනර්ථකාරී ප්‍රතිපත්තිමය තීරණ සහ දේශගුණික විපර්යාසවල බලපෑම් අතික්‍රමණය කරමින් මෙම තත්වය ළගා කරගැනීම මෙහි කැපී පෙනෙන අවස්ථාවකි. 
මෙම දත්ත සම්බන්ධයෙන් Asia Siyaka Commodities සිදු කළ විශ්ලේෂණයකට අනුව 2024 වසරේදී උස් බිම් තේ වගාවෙන් ලැබුණු නිෂ්පාදනය හැර අනෙකුත් සියලු‍ම තේ වගාබිම් මට්ටම් හරහා ලැබුණු ඵලදාව ඉහළ ගොස් තිබේ. මෙහිදී දෙවැනි කාර්තුවේදී ඇති වූ අධික වර්ෂාව උස් බිම් තේ වගාවේ ඵලදාව පහළ වැටීමට හේතුව වී තිබේ.
“මූලිකවම මැදි බිම් තේ වගාවල නිෂ්පාදනයේ සිදු වූ ඉහළ යෑම මෙම සමස්ත ඉහළ යෑමට හේතු වුණා. එය පෙර වසර හා සැසඳීමේදී කිලෝග්‍රෑම් මිලියන 47.62ක් එනම් සියයට 12.5ක ඉහළ යාමක්. එසේම පහත් බිම් තේ සමස්ත නිෂ්පාදනයෙන් බහුතරය බවට පත්ව තිබෙනවා. එම නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 158.81ක් එනම් සියයට 2.4ක ඉහළ යාමක් පෙන්නුම් කරලා. උස් බිම් තේ ඵලදාව කිලෝග්‍රෑම් මිලියන 55.72ක් ලෙස සටහන්ව ඇති අතර එය පෙර වසර හා සැසඳීමේදී සියයට 5ක පහත වැටීමක්. එහිදී දේශගුණික විපර්යාස තත්වය මූලික වී තිබෙනවා.“ යනුවෙන් Asia Siyaka Commodities පවසයි.
මෙවැනි ඉහළයාමක් තිබියදීත්, 2024 වසරේ සමස්ත තේ නිෂ්පාදනය 2021 වසරෙදී වාර්තා කළ තේ කිලෝග්‍රෑම් මිලියන 299.49 හා සැසඳීමේදී කිලෝග්‍රෑම් මිලියන 37.34ක පහත වැටීමක් ලෙස සටහන්ව ඇත.
Asia Siyaka පවසන ආකාරයට 2024 මෙම වාර්ෂික නිෂ්පාදනය සඳහා දෙසැම්බර් මාසයේදී ලබාදී දායකත්වය කිලෝග්‍රෑම් මිලියන 21.71 කි, එය 2023 දෙසැම්බර් මාසය හා සැසඳීමේදී කිලෝග්‍රෑම් මිලියන 19.08ක් එනම් සියයට 9.6ක ඉහළ යාමකි. 
එසේම 2024 දෙසැම්බර් මාසයේදී සියලු‍ම තේ නිෂ්පාදන මට්ටම් පෙර වසරේ එම කාලය හා සසඳන විට හොඳ කාර්යසාධනයක් පෙන්නුම් කර ඇත. එහිදී උස් බිම් තේ නිෂ්පාදනය පෙර වසර හා සැසඳීමේදී කිලෝග්‍රෑම් මිලියන 4.60ක් එනම් සියයට 0.4 ඉහළ යෑමක් පෙන්නුම් කර ඇත. එසේම මැදි බිම් තේ නිෂ්පාදනය පෙර වසරේ එම මාසය හා සැසඳීමේදී කිලෝග්‍රෑම් මිලියන 3.75කින් එනම් සියයට 26.6ක ඉහළ යෑමක් පෙන්වා ඇත. මීට අමතරව පහත් බිම් තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 13.35ක් එනම් සියයට 9කින් වර්ධනය වී තිබේ.
එසේම 2024 දෙසැම්බර් මාසයේදී නිෂ්පාදනය, 2021 දෙසැම්බර් මාසයේ නිෂ්පාදනය වූ කිලෝග්‍රෑම් මිලියන 20.52කට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 1.19ක ඉහළ යෑමක් පෙන්නුම කර තිබේ. මේ අතර 2024 වසරේදී සියලු‍ම ආකාරයේ තේ නිෂ්පාදන කාණ්ඩවලදී වඩාත් ධනාත්මක තත්වයක් වාර්තා වී තිබේ. ඒ අතරින් ඔර්තඩොක්ස් තේ වර්ගය කිලෝග්‍රෑම් මිලියන 236ක නිෂ්පාදනයක් වාර්තා කර ඇති අතර එය පෙර වසර හා සැසඳීමේදී සියයට 2.2ක ඉහළ යෑමකි. එසේම ක්‍ඔක්‍ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 23.68ක් වන අතර එය සියයට 4.7ක ඉහළ යෑමකි. කෙසේ වෙතත් ග්‍රීන් ටී නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 2.26ක් වන අතර එය සියයට 1ක පහත වැටීමකි.
මේ අතර 2024 දෙසැම්බර් මාසයේදී මෙම තේ නිෂ්පාදන කාණ්ඩ යම් පුළුල් පදනමකින් වර්ධනයවීමක් පෙන්නුම් කර ඇත. ඒ අනුව ඔර්තඩොක්ස් තේ කිලෝග්‍රෑම් මිලියන 19.59කින් එනම් සියයට 10.1 කින්ද, ක්‍ඔක්‍ තේ කිලෝග්‍රෑම් මිලියන 1.93කින් එනම් සියයට 5කින්ද, ග්‍රීන් ටී කිලෝග්‍රෑම් 190,307ක් ලෙස සියයට 5.3කින්ද ඉහළ ගොස් ඇත.
ඒ අනුව දේශගුණික රටාව අක්‍රමවත් බව මඟහරිමින් මෙලෙස තේ නිෂ්පාදනයේ ඉහළයාම සඳහා මූලිකවම කුඩා තේ වතු හිමියන් සිදුකළ පොහොර භාවිතය හේතු වී ඇතැයි මෙම දත්ත වාර්තා පෙන්වා දෙයි. මෙරට ජාතික තේ නිෂ්පාදනයෙන් සියයට 75කට ආසන්න ප්‍රමාණයක් සඳහා දායකත්වය ලබා දෙන්නේ මෙම කුඩා තේ වතු හිමියන්ය. Asia Siyaka Commoditiesආයතනය විශ්වාස කරන ආකාරයට මෙම තේ වගා තත්වය මෙලෙසින්ම පැවතිය හොත් 2025 වසරේදී මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 275ක් ඉක්මවා යෑමේ අවස්ථාවක් පවතින බවත් සඳහන්ව තිබේ. 

 



අදහස් (0)

වසර තුනකට පසු තේ නිෂ්පාදනයේ වාර්තාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 29 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 18 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 12 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 19 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 9 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 10 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 19 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1292 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 332 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site