IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සමාගම් තිස්පහක කොටස් සති පනස් දෙකක් තුළ ඉහළම අගයකට

කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු තවත් වාර්තා පිහිටුවන අතර ගනුදෙනු සමාගම් අතරින් තිස් පහක කොටස් මිල සති පනස් දෙකක් ඇතුලත ඉහළම අගය වාර්තා කර තිබේ. ලැයිස්තු ගත සමාගම් අතරින් එස්.එම්.බී. ලීසිං සමාගමේ කොටස් මිල පමණක් සති පනස් දෙකක් ඇතුලත අවම අගය වාර්තා කර තිබීම විශේෂත්වයකි. කොටස් මිල වැඩිවී ඇති සමාගම්වල කොටස් මිල දී ගැනීමට තිබුණ අධි ඉල්ලුම දෙස් විදෙස් ආයෝජකයන්ගේ අවධානය පැහැර ගැනීමට සමත්ව තිබෙන බව පෙනේ. 
සඳුදා දහවල් ගනුදෙනු අවසන්වීමට පැයක් පමණ ඉතිරිව තිබිය දී සියලු කොටස් මිල දර්ශකය 16,328.93 ක් වශයෙන් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 71.32 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,948.62 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 15.60 ක වර්ධනයක් සේ දැක්විය හැකිය. ගනුදෙනු ආරම්භයේ සිට මධ්‍යහ්නය තෙක් මිල ගණන් උච්චාවචනයකින් පැවැතිණ. මිල දී ගැනීමේ ප්‍රවණතාව පැහැදිලිව තිබුණි.
දහවල්වන විට පිරිවැටුමට රු. බිලියන තුනකට පමණ සීමා වී තිබුණ අතර එය වෙළෙඳ පොළ විකිණීම් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් බව පෙනේ. ඒ වන විට ගනුදෙනු 17,532 වාර්තා වී තිබුණි. 
යු.බී. ෆිනෑන්ස්, ලේක්හවුස් ප්‍රින්ටර්ස්, ත්‍රී ඒකර්ස් ෆාම්, රේනුකා ඇග්‍රි, හැටන් වැවිලි යන සමාගම්වල කොටස් මිල වැඩිම ප්‍රතිශතයකින් ඉහළ යමින් තිබුණි. සී.ටී. හෝලිඩිං, රම්බොඩ, ඒසියා කැපිටල්, හන්ටර්ස් බ්‍රවුන්ස් බීච් සහ ලාෆ් පවර් යන සමාගම් වල කොටස් මිල පහත වැටෙමින් පැවැතිණ. 
පසුගිය සතියේ දී භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර සඳහා සැලකිය යුතු ප්‍රතිශතයකින් ඉල්ලුම ඉහළ ගොස් තිබුණි. විදේශ සහභාගීත්වයේ ද වර්ධනයක් සනිටුහන් කරන ලද බව මහ බැංකු වාර්තා දක්වයි. කොටස් වෙෙළඳ පොළ පිබිදීම සමග ඇති කරගෙන තිබෙන වාසිදායක අවස්ථා සෙසු ආයෝජන කෙරෙහි නැඹුරුවන ස්වභාවයක් දැකිය හැකිය. 
ත්‍රී ඒකර්ස් කොටසකට 2024 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ වසර සඳහා රුපියල් තිහක් බැගින් ලාභාංශ ප්‍රකාශයට පත් කොට තිබේ. සඳුදා දහවල් වන විට මෙම කොටසක මිල රු. තිහකින් මිල ඉහළ ගියේය. දිනයේ වැඩි ගනුදෙනු ප්‍රමාණයක් කොටසක් රු. 338.00 බැගින් හුවමාරු වීම ද විශේෂත්වයකි. මෙම හිමිකම් සඳහා ජනවාරි 29 වැනි දිනට කොටස් අයිතිය තිබිය යුතුවේ. මෙදිනටම කොටස් අයිතිය හිමි ග්‍රේන් එලිවේටර්ස් කොටස් හිමියන් සඳහා ද කොටසකට රුපියල් අටක් බැගින් ලාභාංශ ප්‍රකාශයට පත් කර ඇත. සඳුදා ගනුදෙනුවල දී මෙම සමාගමේ කොටසක මිල රු. දෙසීයයක් දක්වා ඉහළ ගියේය. ඉදිරි දිනවල සෙසු සමාගම් ද ප්‍රමාණවත් ප්‍රගතිය සලකා බලා ප්‍රතිලාභ අනාවරණය කරනු ඇතැයි සැලකේ.



අදහස් (0)

සමාගම් තිස්පහක කොටස් සති පනස් දෙකක් තුළ ඉහළම අගයකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site