IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දේශීය පාපැදි කර්මාන්තය රැකගන්න ලු‍මාලා සේවකයෝ රජයෙන් ඉල්ලති

භානුක අමරසිංහ


අඩු මිලට පාපැදි ආනයනය හේතුවක්
අමුද්‍රව්‍යවලට ඉහළ බදුත් බලපාලා


දකුණු ආසියාවේ ප්‍රමුඛතම පාපැදි නිෂ්පාදන සමාගමක් වන ලු‍මාලා සිටි සයිකල් ඉන්ඩස්ට්‍රීස් මැනුෆැක්චරින් පෞද්ගලික සමාගම (Lumala City Cycle Industries Manufacturing Pvt Ltd) වැසී යාමේ අවදානමක් මතුව ඇති බවට එහි සේවකයෝ කනස්සල්ල පළකරති.
පානදුර පිහිටි ලු‍මාලා පාපැදි නිෂ්පාදන සමාගම දශක පහකටත් වැඩි කාලයක් පුරා මෙරට ප්‍රමුඛ සමාගමක් ලෙස නමක් දිනා සිටින සමාගමකි. ඉහළ යන නිෂ්පාදන පිරිවැය සහ අසාධාරණ වෙළෙඳපොළ තත්වය හේතුවෙන් මෙලෙස එම සමාගම වැසී යාමේ අවදානමකට මුහුණ පා ඇතැයි සේවකයෝ පවසති. 
″මේ වනවිට සමාගමේ වැඩකටයුතු කොටස් වශයෙන් නවතා දැමීමට සමාගමේ කළමනාකාරීත්වය පියවර ගනිමින් සිටිනවා. ඒ අනුව, ශ්‍රී ලංකාවේ පිහිටි ක්‍රොමියම් ප්ලේට් නිෂ්පාදනාගාර කිහිපය අතුරින් එකක් වන ලු‍මාලාහි ක්‍රොමියම් ප්ලේට් නිෂ්පාදනය නැවැත්වීමටත් වානේ රිම් නිෂ්පාදන ඒකකය වසා දැමීමටත් සමාගම කටයුතු කර තිබෙනවා.“ යනුවෙන් ඔවුහු සඳහන් කරති.
මේ තත්වයත් සමගින්ම ඉදිරියේදී, ෆෝර්ක් සහ මඩ්ගාඩ් නිෂ්පාදනය, ඇලොයි රිම් නිෂ්පාදනය, ෆ්‍රේම් නිෂ්පාදනය සහ පින්තාරු නිෂ්පාදන ඒකකය ඇතුළු අංශ ගණනාවක් වසා දැමීමට සිදුවනු ඇතැයිද ඔවුහු පවසා සිටිති.
“ඊට මුහුණ දීමට ඉතාම කඩිනම් පියවර ගත යුතුයි. දශක දෙකකටත් වැඩි කාලයක් පුරා ලු‍මාලා සමාගම වෙනුවෙන් සේවය කළ සේවකයන් දැන් තමන්ගේ රැකියාව අහිමිවීමේ අවදානමකට මුහුණපා සිටිනවා″,  යනුවෙන් ලු‍මාලා කර්මාන්තශාලාවේ සාමාන්‍යාධිකාරී රන්ජිත් සිරිවර්ධන මහතා සඳහන් කරයි. 
මෙහිදී අර්බුදය සඳහා බලපෑ ප්‍රධාන අභියෝග කිහිපයක් පවතින බව ලු‍මාලා සේවකයෝ සඳහන් කරති. නිසි නියාමනයකින් තොරව සිදුකෙරෙන පාපැදි සහ විද්‍යුත් පාපැදි ආනයනයට ඊට එක් හේතුවක් වී තිබේ. 
“ඒ වගේම ඇතැම් වෙළෙඳ ආයතන, පාපැදි අමතර කොටස්, පාපැදි නිෂ්පාදන අමුද්‍රව්‍ය ලෙස පෙන්වමින් රේගු බදු සහ වැට් බදු වංචා සිදුකරමින් විශාල ලෙස ලාභ ඉපැයීමට කටයුතු කරනවා. ඊට අමතරව ඉතාම අවම මිල ගණන් යටතේ එම පාපැදි වෙළෙඳපොළට නිකුත් කිරීමටත් පියවර ගෙන තිබෙනවා.’ යනුවෙන්ද ඔවුහු පවසති.



අදහස් (0)

දේශීය පාපැදි කර්මාන්තය රැකගන්න ලු‍මාලා සේවකයෝ රජයෙන් ඉල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site