IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගෝලීය තරගාවලියකදී අයිඩියල් මෝටර්ස් සමාගමට සම්මාන රැසක්

සුවිශේෂ පාරිභෝගික සේවාවට ලද ඇගැයුමක්
අවසන් මහ තරගයට සාමාජිකයෝ 5 දෙනෙක් සුදුසුකම් ලබලා


ලොව ප්‍රමුඛ පෙළේ වාහන නිෂ්පාදකයකු වන ඉන්දියාවේ Mahindra & Mahindra සමාගමේ මෙරට බලයලත් අලෙවි නියෝජිත අයිඩියල් මෝටර්ස් සමාගම ඉන්දියාවේ මහින්ද්‍රා සමාගමේ 2024 වසර සඳහා පවත්වනු ලැබූ ගෝලීය තරගාවලියකදී සම්මාන රැසකින් පිදුම් ලැබීය.
මෙම තරගාවලියට Mahindra & Mahindra සමාගමේ නිෂ්පාදනයන් අලෙවි කරන රටවල් 23ක සහභාගිත්වයෙන් පැවති අවසන් මහා තරගාවලියේදී අයිඩියල් මෝටර්ස් සමාගම නියෝජනය කළ තරගකරුවෝ සම්මානයට පාත්‍ර වූහ.
මෙම තරගාවලිය සෑම වසර දෙකකට වරක් ඉන්දියාවේ Mahindra & Mahindra සමාගම විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියකි. මෙම තරගාවලියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ලොව පුරා සිටින මහින්ද්‍රා සමාගමේ විකුණුම් සහ සේවා පුද්ගලයන්ගේ කුසලතා අගය කිරීමයි.
2024 වසර සඳහා වන අවසන් තරගය පසුගියදා ඉන්දියාවේදී පැවැත්විණි. මෙම නිපුණතා තරගය අදියර තුනකින් පැවැත්වුණු අතර පළමු අදියර දේශීය මට්ටමින්, දෙවැනි අදියර කලාප මට්ටමින් සහ අවසාන තරගය ගෝලීය මට්ටමින් පැවැත්විණි. රටවල් 23 ක සාමාජිකයන් 1300 කට අධික පිරිසක් දේශීය මට්ටමේ තරගයට සහභාගී වූ අතර මෙහිදී, අයිඩියල් මෝටර්ස් දීපව්‍යාප්ත වැඩමුළු සහ අලෙවි ප්‍රදර්ශනාගාරවල සේවකයෝ දේශීය මට්ටමේ තරගයට සහභාගී වූහ. ඒ අතරින් 7 දෙනෙක් කලාප වටයට සුදුසුකම් ලැබූ අතර කලාප වටයේ තරගය සඳහා රටවල් 23 කින් සාමාජිකයෝ 200 කට වැඩි පිරිසක් සහභාගී වූහ. අයිඩියල් මෝටර්ස්හි සාමාජිකයෝ 5 දෙනෙක් ඉන්දියාවේ පැවති අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූහ.
වාණිජ කාර්මික, දෝෂ විනිශ්චය කාර්මික, සේවා උපදේශක, විකුණුම් උපදේශක යන කාණ්ඩ යටතේ තරග වැදුණු අයිඩියල් මෝටර්ස් සමාගමේ තරගකරුවන්ට මෙම සම්මාන හිමි විය. මෙහිදී වාණිජ කාර්මික අංශයේ ජයග්‍රාහක කේ. ඒ. ඩී. එන්. චාමර (Ideal රත්මලාන සේවා ස්ථානය), 1වැනි අනුශූරතාව වාණිජ කාර්මික අංශයේ ඒ.එම්.ටී.යූ. අත්තනායක (Ideal වනවාසල සේවා ස්ථානය), 1වැනි අනුශූරතාව SUV විකුණුම් උපදේශක ඕ. එම්. ආර්. ඩීන් (Ideal ආයතනික විකුණුම් ප්‍රධානී) 2වැනි අනුශූරතාව එස්. සතුර්ෂාන් (Ideal යාපනය සේවා ස්ථානය) සම්මානවලින් පිදුම් ලැබීය. මීට අමතරව සුබෝධ වීරසේකර (Ideal රත්මලාන සේවා ස්ථානය) තරගාවලිය නියෝජනය කරනු ලැබීය.
පාරිභෝගිකයාගේ සෞභාග්‍ය යන තේමාව මූලික කරගත් අයිඩියල් මෝටර්ස් සමාගම ලැබූ මෙම සම්මාන තුළින් සිය පාරිභෝගියන් වෙනුවෙන් ලබාදෙන සුවිශේෂ සේවාව මෙමගින් මනාව පිළිබිඹු වේ. අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාගේ’ මගපෙන්වීම යටතේ අයිඩියල් මෝටර්ස් සමාගම නව වෙළෙඳ රථ පාරිභෝගියන්ට සේවා සැපයීමට 300 කට අධික සේවා බලකායක් ස්ථාපිත කර ‍ඇත.

 



අදහස් (0)

ගෝලීය තරගාවලියකදී අයිඩියල් මෝටර්ස් සමාගමට සම්මාන රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site