IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සැම්සන් රජරට ටයිල් රන් සම්මාන ලබයි

  • මැටි නිෂ්පාදන අපනයනයේ විශිෂ්ටත්වය
  • වෙළෙඳපොළේ සාර්ථක ගමනට දිරිදීමක්

උසස් තත්වයේ ටයිල් නිෂ්පාදකයකු වන සැම්සන් රජරට ටයිල් (පුද්) සමාගම පසුගියදා නිමාවූ 2024 ජාතික අපනයනකරුවන්ගේ සම්මාන උළෙලේදී රන් සම්මානය දිනා ගත්තේය. එහිදී එම සමාගම දිනා ගනු ලැබුවේ සෙරමික්, පෝසිලේන් හා අනෙකුත් මැටි ආශ්‍රිත නිෂ්පාදන සඳහා වූ මධ්‍යම කාණ්ඩයේ රන් සම්මානයයි. ඒ සමඟින් 2023 -24 කාල සීමාව තුළ තමන්ගේ සුවිශේෂ අපනයන විශිෂ්ටත්වය සනිටුහන් කිරීමට සැම්සන් රජරට ටයිල් සමත් විය. 
අඛණ්ඩව තෙවැනි වරටත් එම සම්මානයට හිමිකම් කීමට සැම්සන් රජරට ටයිල් සමාගම සමත්වීම විශේෂත්වයකි. 2022 සහ 2023 වසරවලදී ද එම සම්මානය දිනාගත් සමාගම ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ ගුණාත්මක නවෝත්පාදන සඳහා වූ කැපවීම හා මැටි නිෂ්පාදන අපනයනයේ අඛණ්ඩ විශිෂ්ටත්වය ඒ තුළින් ප්‍රදර්ශනය කිරීමට සමත් වූ බව එම සමාගම කියයි.
ශ්‍රී ලංකාවේ වඩාත් පිළිගැනීමට ලක් වූ ව්‍යාපාරික සම්මාන උළෙලක් වන ජාතික අපනයනකරුවන්ගේ සම්මාන උළෙල අපනයන ක්ෂේත්‍රයේ සුවිශේෂ ජයග්‍රහණ ඇගයීමට ලක් කරයි. එම සම්මාන උළෙලේ මූලික අරමුණක් වන්නේ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මෙරට අපනයනකරුවන්ගේ සුවිශේෂ ජයග්‍රහණ ඇගයීමයි. ජයග්‍රාහකයන්ට වෙළෙඳපොළේ සාර්ථකව ඉදිරියට යාමට දිරිගන්වන මෙම සම්මාන ඔවුන්ට ගෝලීය ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට, විශ්වාසය සහතික කිරීමට මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඔවුන්ගේ ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීමටද උපකාරී වේ.
2007 වසරේදී සිය මෙහෙයුම් ආරම්භ කළ සැම්සන් රජරට ටයිල් සමාගම සිය නිෂ්පාදන ලොව පුරා රටවල් 9කට අපනයනය කරනු ලබයි. එහිදී සාම්ප්‍රදායික ශිල්පීය ක්‍රම හා නව්‍ය විසඳුම් එක් කළ සුවිශේෂ අනන්‍යතාවක් සහිත ටයිල් නිෂ්පාදන හරහා තිරසාර භාවිත හා ශිල්පීය හැකියාව ප්‍රදර්ශනය කිරීමට ඔවුන් කටයුතු කරයි. අතින් සාදන ලද නවතම මාදිලියේ අද්විතීය මැටි නිෂ්පාදන විදේශීය පාරිභෝගිකයා වෙත ලබා දෙමින් ගෝලීය වෙළෙඳපොළ විශිෂ්ටයකු බවට පත්ව ඇති සැම්සන් රජරට ටයිල් උපාය මාර්ගික පර් යේෂණ හා සංවර්ධනයෙන් ගෝලීය වෙළෙඳපොළ ජය ගැනීමට සමත්ව ඇත්තේ දේශීය ආර්ථිකයටද සුවිසල් ශක්තියක් වෙමිනි. අද වන විට සැම්සන් රජරට ටයිල්ස් යුරෝපා වෙළෙඳපොළ සඳහාද අතින් සාදන ලද හා අතින් නිර්මාණය කරන ලද මැටි ටයිල් නිර්මාණය කිරීමද විශේෂත්වයකි. 
ශ්‍රී ලංකාවේ අපනයන විශිෂ්ටත්වයේ මෙන්ම නවීන ව්‍යාපාරික නවෝත්පාදනයේ උච්චතම අවස්ථාව සමාගම අත්පත් කරගත් මෙම සාර්ථකත්වයෙන් පිළිබිඹු වේ. සිය නිෂ්පාදන මෙහෙයුම් ආරම්භයේ සිට එක්සත් රාජධානිය, ඉන්දියාව, චීනය, ජර්මනිය, ලෙබනනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මාලදිවයින, ඕස්ට්‍රේලියාව හා ඕමානය යන රටවලට අපනයනය කරමින් රටවල් 9ක් පුරා වෙළෙඳපොළ ජය ගැනීමට සමත්ව සිටින සැම්සන් රජරට ටයිල්, පෑන් ටයිල්ස්, ප්ලේන් ටයිල්ස් සහ හොල්කෙම් ටයිල් සඳහා විශේෂිත නව්‍ය ගෝලීය නිෂ්පාදන ප්‍රමිති සමඟ සාම්ප්‍රදායික අත්කම් නිර්මාණයන් යුරෝපා වෙළෙඳපොළ හා ගෝලීය වෙළෙඳපොළ වෙත ලබා දීමට කටයුතු කර ඇත. 

 



අදහස් (0)

සැම්සන් රජරට ටයිල් රන් සම්මාන ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site