IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන’ අඛණ්ඩව 20 වැනි වරටත්

උළෙලේ අරමුණ දිගුකාලීන තිරසාරත්වයයි
ජයග්‍රාහකයන්ට සම්මාන 92ක්


ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කරනු ලබන, ‘ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන 2025’ මෙම වසරේ ද පැවැත්වෙන බව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය පවසයි. මෙවර මෙම කීර්තිමත් සම්මාන උළෙල පැවැත්වෙනු ඇත්තේ, අඛණ්ඩව 20 වැනි වරටය.
ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීමට ලක් කරමින්, ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ප්‍රජාව හඳුන්වා දීමට උර දෙමින්, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය, ‘ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන’ උළෙල ආරම්භ කළේ 2004 දීය. 
ව්‍යාපාර ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) අනුගමනය කිරීම, සේවා ස්ථානයේ ස්වභාවය පරිවර්තනය කිරීම, විශ්වාසනීය, සදාචාරාත්මක, පරිසර හිතකාමී, සමාජීය වගකීම් සහිත සහ යහපත් බව කෙරෙහි ආකර්ෂණය වීමේ ප්‍රවණතාව වැඩි කිරීම වැනි නැගී එන ප්‍රවණතා කෙරෙහි සම්මාන ප්‍රදානයේදී වැඩි අවධානයක් යොමු කෙරේ.
‘ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන’ උලෙළේ අරමුණ, දිගුකාලීන තිරසාරත්වය ඇති කිරීම, සමාජයට වටිනාකමක් නිර්මාණය කිරීම සහ කිසියම් රාමුවකට කොටු නොවී විවෘතව කටයුතු කිරීමට ඉඩ සලසා දීම ආදිය සම්මාන ප්‍රදානයේ දී නැපී පෙනෙයි. විශාල, මධ්‍යම, කුඩා සහ ක්ෂුද්‍ර මෙන්ම විවිධාංගීකරණය වූ කර්මාන්ත අංශවලින් ඒ ඒ කාණ්ඩ අනුව ඇගයීම් නිර්ණායක මත සම්මාන ලබා දීම, අංශ 29 කට අවස්ථාව ද නිර්මාණය කර ඇත.
‘ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන 2025’ ජයග්‍රාහකයන් සඳහා සම්මාන 92 ක් පිරිනැමෙයි. රන්, රිදී සහ ලෝකඩ සමස්ත විශිෂ්ටතා ජයග්‍රාහකයන් ද ඇතුළත් ය. ඇගයීම් මුලදී තාක්ෂණික හා මූල්‍ය මණ්ඩලයක් විසින් සිදු කරනු ලබන අතර පසුව විනිසුරු මඩුල්ල විසින් සිදු කරනු ලැබේ. මහා සම්මාන උලෙළ 2025 එළැඹෙන ජූලි මාසයේදී පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික විශිෂ්ටත්වයේ ප්‍රමුඛතම සංකේතය ලෙස පුළුල් ලෙස පිළිගැනෙන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන සඳහා සහභාගී වන ලෙස ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා සහ කවුන්සිලය ශ්‍රී ලංකාවේ ගෞරවනීය ව්‍යාපාරික ප්‍රජාවට සුහදව ආරාධනා කරයි. සංවිධානය: ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය. 0114741788.



අදහස් (0)

‘ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන’ අඛණ්ඩව 20 වැනි වරටත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site