කර්මාන්තය කඩා වැටෙන්න ඔන්න මෙන්න
දෙගුණයකටත් වඩා වැඩිවූ අමුද්‍රව්‍ය මිල ප්‍රධාන හේතුවක්
පිත්තල අබලි ද්‍රව්‍ය එකතු කර රට පැටවීමෙන් මිල ඉහළ ගිහින්
නිෂ්පාදනවල මිල ඉහළයාමක් නැහැ
කුණු කොල්ලයට විකුණන ආනයනික ප්ලාස්ටික් භාණ්ඩ පිත්තල කර්මාන්තයට මරු පහරක්
නාවලපිටිය සිසිර ලලිත් කුමාර
පාරම්පරික කර්මාන්තයකට උරුමකම් කීමද එක් පසෙකින් ආත්ම ලාභයකට කදිම හේතුවකි.අනාදිමත් කාලයක සිට සිය ඥාති පරම්පරාව රැකගෙන ආ කර්මාන්තයක් වැටෙන්නට නොදී රැකබලාගනිමින් ඉදිරි පරම්පරාවට ද උරුමකර දීමට යත්න දැරීම ඔවුනට ඇති තවත් සතුටකි. පිළිමතලාව ‘කිරිවව්ල’ ගම්මානය තවත් එවැනි කර්මාන්තයකට උරුමකම් කියන ජන කොට්ඨාසයක නිජබිමකි. ඒ මහත් ජනප්‍රසාදයට ලක් වූ ‘පිත්තල’ කර්මාන්තයයි. මේ පිත්තල කර්මාන්තයේ එදා අද සහ හෙට දවසේ වැදගත්කම පිළිබඳව තබන සටහනකි.
අනාදිමත් කාලයක සිට පිත්තල කර්මාන්තයට නෑකම් කියන පිළිමතලාව ‘කිරිවව්ල’ ජනතාව තවමත් දහදිය හෙළන්නේ සිය මුතුන් මිත්තන් රැකගෙන ආ පිත්තල කර්මාන්තය ලක් භූමියෙන් වැළලී යාමට ඉඩ නොදීමටය. සිය මවු පාර්ශ්වයේ උරුමයෙන් ජිවිත ගොඩනගා ගැනීමට උත්සාහ දරන චමින්ද සම්පත් පුෂ්ප කුමාර මහතා ද පිළිමතලාව කිරිවව්ල ගම්මානයේ පදිංචිකරුවෙකි. ඔහු සිය කර්මාන්තය කරගෙන යෑම වෙනුවෙන් වාර්ෂිකව සම්මානයට පවා පාත්‍රවූවෙකි.
මේ ඔහු පිත්තල කර්මාන්තයේ වර්තමානය ගැන හෙළිකළ කතාවයි.
“වසර ගණනාවක ඉඳලා අපි මේ කර්මාන්තය කරගෙන යනවා. එහෙත් අද වනවිට අපේ කර්මාන්තය කඩා වැටෙන්න ඔන්න මෙන්න. ඊට හේතු කිහිපයක් තිබෙනවා. ඉන් ප්‍රධානතම හේතුව තමයි අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම. අද පිත්තල කිලෝ එකක මිල රුපියල් එක්දහස් තුන්සිය පනහක් විතර වෙනවා. ඊට පෙර තිබ්බේ පිත්තල කිලෝ එකක් රුපියල් පන්සීයටත් අඩුවෙන්. වෙළෙඳපොළේ පිත්තල මිල රුපියල් දාහකට අඩුවෙන්වත් තියෙනවා නම් හොඳයි.
එහෙත් යම් නිෂ්පාදනයක් කිරීමේ දී අමුද්‍රව්‍ය කුලිය, ගෑස්, විදුලිය බිල්, සේවක පඩිනඩි වගේ සියල්ල සැලකීමේ දී පාඩුවක් මිස ලාබයක් නම් නැහැ. ඒ නිසාම අපි වර්තමාන බලධාරින්ගෙන් ඉල්ලා සිටින්න කැමැතියි මේ කර්මාන්තය කරගෙන යෑමට අවශ්‍ය සහයෝගය හා අවධානය ලබා දී මේ කර්මාන්තය කඩා වැටෙන්නට නොදී අවශ්‍ය පහසුකම් සපයා දෙන්න කියලයි. ඊට අමතරව මේ කර්මාන්තයට නවීන තාක්ෂණය හඳුන්වා දිය යුතුයි. නවීන යන්ත්‍රෝපකරණ හඳුන්වා දිය යුතුයි. ඊට අමතරව විදේශීය වෙළෙඳපොළට අවශ්‍ය භාණ්ඩ මොනවාදැයි සොයා බලා ඒ පිළිබඳව අප දැනුවත් කිරීම කළ යුතුයි”.
පිළිමතලාව කියූ සැණින් සිහියට එන්නේ කොළඹ - නුවර මාර්ගයයි. මාර්ගය දෙපස පිත්තල කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන යන එන ඕනෑම අයකුට දැකිය හැකිය. කුඩා ඇත් පැටවුන්, පාත්තර, බුලත් තට්ටු, මල් පෝච්චි, පිත්තල පහන් ආදී විවිධ වර්ගයේ නිර්මාණ ගොන්නක් දැකිය හැකිය. එහෙත් එකී නිෂ්පාදන වෙළෙඳපොළට ඒම දක්වා වූ සංකීර්ණ ක්‍රියාවලිය පිළිබඳව කරුණු කී අජිත් ගුණරත්න මහතා ද පිළිමතලාව කිරිවව්ල ගම්මානයේ පදිංචිකරුවෙකි. අජිත් මහතා තම සේවා ස්ථානයේ නිමැවෙන නිර්මාණ හා එහි වර්තමාන අඳුරු පැතිකඩ පිළිබඳව කරුණු කීවේ මේ ආකාරයෙනි.
“පිත්තල කෑලි උණුකර තමයි අපි වුවමනා නිර්මාණය කරන්නේ. ඒ කාර්ය බොහෝම සංකීර්ණයි. එහෙත් කොතරම් අමාරු වුවත් කොතරම් සංකීර්ණ වුවත් අපේ දහඩිය මහන්සියෙන් නිර්මාණය වන නිෂ්පාදනය වෙළෙඳපොළට ඒම දක්වා තියෙන්නේ හරිම සෝචනීය තත්වයක්.
අපේ පැත්තේ තියෙන පිත්තල අබලි ද්‍රව්‍ය එකතුකරලා ඒවා කොළඹට ප්‍රවාහනය කරන්න මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා. ඉන් පස්සේ ඒවා පිටරටට ප්‍රවාහනය කරනවා. එතකොට දේශීය වෙළෙඳපොළේ පිත්තල මිල ඉහළ යනවා. එහෙත් අපේ නිෂ්පාදන මිල ඉහළ යන්නේ නැහැ. අපි හදන භාණ්ඩයකට හරි මිලක් තීරණය කරන්න බැහැ. ඒ විතරක් නෙවෙයි පිත්තලවලට අමතරව ඊට යොදා ගන්නා කාබයිට්, කෝවා වගේම පුෂ්කරවලත් මිල ඉහළ ගිහින්”.
පිළිමතලාව අවට සුන්දර පරිසරය දකින බලන කාගේත් සිත් සතන්වලට ගෙන එන්නේ කිව නොහැකි තරමේ අපූරු බවකි. පිළිමතලාව කිරිවව්ල ගම්මානයේ ජනතාවගේ ජීවන මාර්ගයට නම් අද වනවිට කණකොකා හඬා ඇති අයුරු මුසාවක් නම් නොවේ. ගම්මාන බොහෝමයකට යන ජංගම රථවලින් එකතු කරන අබලි ද්‍රව්‍ය අතරට පිත්තල භාණ්ඩ ද එකතුවන බව සැබෑවකි. අබලි ද්‍රව්‍ය එකතු කරන පිරිස් ජනතාව රවටා ඉතා අඩු මුදලට එකතුකරන අබලි ද්‍රව්‍ය කොළඹ ප්‍රදේශයට ඉතා ඉහළ මිලකට අලෙවි කරන බව කිවූ රංජිත් පුෂ්පකුමාර මහතා ද පිත්තල කර්මාන්තයේ නියැළෙන වෘත්තිකයෙකි. වර්තමානයේ පිත්තල කර්මාන්තයට වන හානිය හෙළිකළේ මෙලෙසය.
“අපි කාත් කවුරුත් දන්නා නාඩාර් ලොරිවලින් එකතුකරන යකඩ ඉතා අඩුමිලකටයි ගන්නේ. එහෙත් ඒවා කොළඹ ප්‍රදේශයට අලෙවි කරන්නේ ඉතා ඉහළ මිලකටයි. ඒ හින්දාම අපිට කොළඹින් පිත්තල කෑලි මිලදී ගන්න වෙලා තියෙන්නෙත් ඉතා ඉහළ මිලකටයි. එතකොට අපිට මෙහෙ කරන නිෂ්පාදනයක් අඩු මිලකට විකුණා ගන්න බැහැ.
අනෙක් කරුණ තමයි මීට පෙර අපෙන් ගත්ත පිත්තල මල් පෝච්චිය, බුලත් තට්ටුව වගේ නිෂ්පාදන දැන් ප්ලාස්ටික් නිෂ්පාදන විදිහට වෙළෙඳපොළේ තියෙනවා ඉතා අඩු මුදලට. එහෙත් මිලේ අඩුවක් තිබ්බත් ඉන් සිදුවන හානිය පැති ගණනාවකින් දකින්නට පුළුවන්. පළමු කරුණ තමයි විදේශයෙන් ගෙන්වන ප්ලාස්ටික් ඇතුළු භාණ්ඩ නිසා අපේ නිෂ්පාදන කුණු කොල්ලයට වැටෙනවා. අනික තමයි අපේ නිෂ්පාදන හේතුවෙන් ජීවත්වන බොහෝමයක් දෙනාගේ දෛනික ජීවිත දහස් ගාණක් කඩා වැටෙනවා. ඒ විතරක් නොව කුණු කොල්ලයට ගේන ප්ලාස්ටික් ඇතුළු නිෂ්පාදන අවුරුද්දකින් දෙකකින් විනාශවෙලා ගිහින් අපේ මහ පොළවටයි එකතුවෙන්නේ. ඉන් පරිසරයට සිදුවන හානිය සුළුපටු නැහැ. මේ හැම දෙයකින්ම අපට හානියක් මිස වාසියක් නම් සිදුවන්නේ නැහැ කියලා බලධාරින්ට මතක් කරන්න කැමතියි”.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කණකොකා හැඬු කිරිවවුලේ පිත්තල කර්මාන්තය