IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට

(සුජිත් හේවාජුලිගේ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ නිල නිවෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (C.I.D) ලබා දීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.

රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සමග ඉකුත් දා පැවැති සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉකුත් දා ඉදිරිපත් කෙරුණු අතර එම පනත් කෙටුම්පත ඉදිරියේ දී සම්මත කර ගැනීමට රජය බලාපොරොත්තුවේ.

එම පනත් කෙටුම්පත සම්මත කෙරුණු පසු හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප හැර නිල නිවාස ඇතුළු අනෙකුත් සියලු පහසුකම් අහෝසි වී යයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ නව පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ද කතානායකවරයාට අද හෙටම බාර දීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින විජේරාම මාවතේ නිල නිවෙසේ මීට පෙර පදිංචිව සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. ඊට පෙර තවත් අමාත්‍යවරු කිහිපදෙනෙක් එහි පදිංචිව සිටියහ.

 



අදහස් (9)

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට

සෑම් Thursday, 04 September 2025 08:02 AM

රාජපක්ෂ පවුලත් එක්කම ගේ CID එකට බාර දෙන්න. දෙගොල්ලන්ටම ලේසියි ඉදිරියේදී.

:       0       3

මැක්ස් Thursday, 04 September 2025 08:13 AM

රට කිරීම කෙසේ වෙතත්, තමන් වැනිම වූ වෛරයෙන් ක්‍රෝධයෙන් පෙළෙන අහිනක් වන 3% පිනවීමට වැඩ කිරීම පමණක් කරන මේ පච ආංඩුවට ජනතාව වශයෙන් අපට කීමට ඇත්තේ 'ඔහොම යං ඔහොම යං' කියාය.

:       5       4

යෝගා Thursday, 04 September 2025 08:19 AM

ඉස්සෙල්ලම පනත සම්මත කරගෙන ඉමුකො.

:       1       3

Wegisha Thursday, 04 September 2025 09:06 AM

දැන් ඔය කෝටි ගානක් වටින නිවස CID එකට දුන්නාම මහජනයාට වෙන සෙතේ මොකද්ද? මේකෙන් මහින්ද එලෙව්වාම මහජනයාට සල්ලි උතුරනවාය, ආර්ථික ප්‍රශ්න ඉවර වෙනවාය කියලා නේද ආණ්ඩුවේ උද්ධච්ඡ ඇමතිලා මයික් වලට කෙල වක්කරගෙන කිව්වේ.

:       3       3

Tiran Thursday, 04 September 2025 09:11 AM

ඒක නම් පැහැදිලිවම දේශපාලන පලි ගැනීමක්. ඕකේ තේරුම මොකද්ද? මහින්දගේ වැරදි තිබුනත් උගන්ඩාවට සල්ලි ගෙනිහින්ය, රට වැ‍ටුනේ ඒක නිසාය කියපුවා අවබෝධෙන් කියපු බොරු නම්, යුද්ධෙ ඉවර කරපු මිනිහට ඉන්න තියෙන ගෙයිනුත් එලියට දාලා මොකද්ද ආණ්ඩුව දිනන්න හදන්නේ? උන්දැ වයසයිනෙ දැන්, බේතක් ගන්නත් රෝහල් තියෙන කොලඹින් එලවන්නේ පුදුම වෛරයකින්නේ මේ ආණ්ඩුවේ උන් ඉඳලා තියෙන්නේ. දීපු කතිරේ ආපහු ගන්න හිතෙන වැඩ මේවා.

:       3       3

ආන්ඩුවට සුදු කොඩි, ගොක් කොල පේනවා වාගේ Thursday, 04 September 2025 09:13 AM

වත්මන් රජය මොකක් හරි දේකට පුදුමාකාර භයකින් ඉන්නා බවක් පහුගිය මාසයක විතර කාලයක හැසිරීමෙන් පේනවා. පළාත් සභා ඡන්දෙ වත් ලඟයිද?

:       3       3

Jagath Leanage Thursday, 04 September 2025 09:34 AM

ඉතාමත් හොඳ තීරණයක්. ඉන්නකන් කරපු දේවල් රටේ මහජනතාවට හොඳටම මතකයි.

:       2       3

chinthaka Thursday, 04 September 2025 10:02 AM

ඔය බහිරවය තවමත් එලවන්න බැරි වුනාද

:       1       4

අරවින්ද මොණරවිල Thursday, 04 September 2025 11:21 AM

බොරැල්ල කනත්ත අසලින් පර්චස් දෙකක් වත් දෙන්න අප්පා.......අපේ අප්පොච්චා පාරට නොදමා !

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 321 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16402 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 617 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site