IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඉන්ද්‍රජිත් අසේල AIA අධ්‍යක්ෂ මණ්ඩලයට

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව, 2025 ජනවාරි මස 7 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සිය අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස ඉන්ද්‍රජිත් අසේල වික්‍රමසිංහ මහතා පත් වූ බව නිවේදනය කරනු ලැබ සිටියි. 

වික්‍රමසිංහ මහතා 2024 අගෝස්තු මස 15වැනි දින විශ්‍රාම යන තෙක් වසර නවයක් පුරා යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කර ඇත. වසර 35කට අධික කාලයක් ජ්‍යෙෂ්ඨ නායකත්වය සහ කළමනාකරණ තනතුරු හොබවා ඇති වික්‍රමසිංහ මහතා සතුව මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ මෙන්ම පාරිභෝගික නිෂ්පාදන ක්ෂේත්‍රවල, දේශීය සහ ජාත්‍යන්තර සමාගම්වල ද කටයුතු කර ලබාගත් අත්දැකීම් සම්භාරයක් ඇත.

ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. ඔහු එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ සාමාජිකයෙකි. තව ද, වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය, එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික පාසල සහ INCEAD (ප්‍රංශය) යන ආයතන වෙතින් පවත්වන ලද විධායක අධ්‍යාපන වැඩසටහන් අනුගමනය කර ඇති අතර, ඔහු එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ, ඔක්ස්ෆර්ඩ් ව්‍යාපාරික උපාධිධර ආදි ශිෂ්‍ය සාමාජිකයෙකි. 

යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරි ලෙස පත්වීමට පෙර වික්‍රමසිංහ මහතා NDB බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තනතුර හොබවා ඇති අතර, එහිදී ඔහු සාමාන්‍ය බැංකුකරණය, ආයතනික බැංකුකරණය, සුළු හා මධ්‍ය පරිමාණ බැංකුකරණ සහ මූල්‍ය ව්‍යාපෘති ඇතුළු සියලු‍ම ව්‍යාපාරික ක්ෂේත්‍ර සඳහා වගකීම් දරන ලදී. මූල්‍ය සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට පෙර ඔහු ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමාගමක් වන Reckitt and Colman හි විවිධ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු ද හොබවා ඇත. ඔහු ශ්‍රී ලංකා මූල්‍ය ඔම්බුඩ්ස්මන් (ඇපකර) ආයතනයේ සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂවරයෙක් ද විය.

 



අදහස් (0)

ඉන්ද්‍රජිත් අසේල AIA අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site